• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අකිල අදිටනින් ලෝකෙ දිනපු හැත්තෑඑකේ ජැෆ්නා කෙල්ල අකිලා I Sri Lanka Latest News

November 30, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නම අකිලා තිරුණායක. මතකද? අහලා තියෙනවද? හුරු නෑ නේද? අකිලා තිරුණායක ලංකාව වෙනුවෙන් ලෝකෙට ගියපු ක්‍රීඩිකාවක්. අපිට හුරුවෙලා තියෙන්නේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් නේ. අපට මේ වෙන අයගේ නම් හුරුවෙලා නෑ. හුරු කරලත් නෑ.(Sri Lanka Latest News)

ඒකට වගකීම ගන්න ඕනේ අපි. පත්තරකාරයෝ. මාධ්‍යවේදියෝ. සමාවෙන්න අකිලා. අපිට ඔයාගේ නම ලෝකෙට කියන්න බැරිවෙච්ච එකට. අකිලා තිරුණායකගේ ගම මුලතිව්. මුලතිව් කිව්වට මුලතිව්වලටත් එහා මුල්ලියාවේලි. ඒකත් තව හේතුවක් අකිලාව අපට නුහුරු වෙන්න. අකිලා ඉන්නේ ලංකාවේ එහා කොනේ. යුද්ධෙ තිබිච්ච හරියෙනේ. යුද්ධෙට තමයි අකිලලාව බිලි දීලා තිබුණේ. යුද්ධෙ අස්සේ ජීවිතේ පරිස්සම් කරගත්ත එකම යුද්ධයක්. ඒක නිසා අකිලා තිරුණායකට ලෝකෙ දිනන්න, ලෝකෙට යන්න විශාල හයියක් එන්න ඇති.

අකිලාගේ ජයග්‍රහණයට හේතුව මම කියලා ඉන්නම්. අකිලා පිලිපීනේ තිබ්බ තරගයක මලල ක්‍රීඩා ශූරතාවක මීටර් 5,000 සහ මීටර් 1,500 තරගවල රන් පදක්කම් ලංකාවට දිනා දීලා තියෙනවා. මීටර් 5,000ක් දුවලා තමයි අකිලා දිනලා තියෙන්නේ. අකිලාට මෙහෙම දුවන්න පුළුවන් වෙලා තියෙන්නේ යුද්ධෙට බයේ දුවලා, ජීවිතේ වෙහෙස නොතකා වැඩකරලා ලැබුණු හයිය නිසා වෙන්න ඇති.

අවුරුදු 71ක් යනකල් අපට අකිලාව ලෝකෙට පෙන්නගන්න බැරි වුණේ යුද්ධෙ හින්දා. නැත්නම් මීට අවුරුදු 50කට විතර කලින් අකිලා තිරුණායකව හොයාගත්තා නම් අපිට යුද්ධෙට කලින් රන් පදක්කම් දෙක තුනක් ගන්න තිබුණා. ලෝකෙ ඉස්සරහා කියන්න පුළුවන් එතකොට. දැන් අපට ලෝකෙ ඉස්සරහා කතා කරන්න බැරි තරම් විලි ලැජ්ජාසහගත රාජ්‍යයක් බවට අපේ රට පත්වෙලා තියෙනවනේ. උතුරේ තාමත් මේ වගේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හැංගිලා ඉන්නවා. හොයන්නේ නැතුව අමතක කරලා දාලා ඉන්නවා.

කියන්න බැරිව ගියානේ අකිලගෙ වයස. අකිලා තිරුණායකට වයස අවුරුදු 71ක්. 71 හැවිරිදි විශ්‍රාමික බන්ධනාගාර නිලධාරිනියක් තමයි අකිලා තිරුණායක කියලා කියන්නේ. අකිලා තිරුණායක පිලිපීනයේ තිබිච්ච මාස්ටර්ස් මලල ක්‍රීඩා උළෙලදී තමයි මීටර් 5,000 සහ 1,500 තරගවලදී රන් පදක්කම් දිනාගත්තේ. අකිලා එක්ක ඒ තරගවලදී දුවන්නේ පිටරටවල ක්‍රීඩිකාවෝ. සුද්දියෝ. ඒගොල්ලෝ සමහර විට අකිලාට වඩා ශක්තිමත් අය වෙන්න ඇති.

විශේෂත්වය තමයි ලස්සන සපත්තු දාලා දුවපු ක්‍රීඩිකාවෝ අතර, අකිලා තරගවදින්නේ සපත්තු නැතිව නිරුවත් දෙපයින්. නිරුවත් දෙපයින් ජීවිත හොයාගෙන දුවපු මිනිස්සුන්ගේ ලෝකෙ මේ විදියට පිලිපීනෙට ගිහිල්ලත් නිරුවත් දෙපයින්ම දුවන්න අකිලා තිරුණායක හිතන්න ඇත්තේ ඒ දෙපයට සපත්තු නුහුරු නිසා වෙන්න ඇති. ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කොච්චර නම් මේ විදියට හැංගුණු හැංගුණු තැන්වල එහෙමම අමතක වෙලා යන්න ඇද්ද? හැමදාම ලිපියක් ලියද්දී අපි ඔය කතාව ගැන ලියනවා. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ වගේ අය දැන් අපට මතකත් නෑ.

එක් කාලයක ලංකාවේ ඔලිම්පික් කණ්ඩායමේ නායකයා බවට පත්වුණේ ඔහු. දැන් ඔහු ලංකාවෙත් නෑ. අපි දැක්කා හෙල්ල විසිකිරීමේ ක්‍රීඩිකාව ජීවත් වෙන්න බැරි නිසා, ජීවිතේ හොයාගෙන ගෘහ සේවිකාවක් විදියට පිටත්වෙලා ගියපු හැටි. අනුරාධත් තමන්ගේ පවුලේ අයට සතුටින් ඉන්න නම් මේ රටෙන් යා යුතුයි කියලා තීරණය කරපු ක්‍රීඩකයෙක්.

හැම දේම දීලා, කවලා, පොවලා, ලොකුකරලා, ශක්තිමත් කරලා, ක්‍රිකට් හදනකොට, අපි මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය ශන්තිය දෙන්න හිතුවේ නෑ. ඒ නිසාම තමයි අපිට අවුරුදු 71ක් ගිහිල්ලා අකිලාගේ පදක්කම ගැන කතාකරන්න සිද්ධ වෙලා තියෙන්නේ. අකිලලා වගේ තව ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තව කොච්චර ඇද්ද යාපනේ අර්ධද්වීපය ඇතුළේ? ක්‍රීඩාව වෙනුවෙන් වෙහෙසිලා නෙවෙයි ජීවිත වෙනුවෙන් වෙහෙසිලා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙච්ච කට්ටිය, වෙහෙස දරාගැනීමේ ශක්තිය තියෙන කට්ටිය.

අපේ ක්‍රිකට් ක්‍රීඩකයෝ අපි දකිනවා පිට්ටනියට ගියාම කොන්දේ අමාරු, බඩේ අමාරු, කකුලේ අමාරු, බෙල්ලේ අමාරු ඇතුළු අටඅනූවක් රෝග, නවඅනූවක් ව්‍යාධි, දෙසිය විස්සක් අතුරු ආන්තරාවලින් යුක්තයි බොහෝ වෙලාවට. සාමාන්‍යයෙන් තරගාවලියකට 20ක් ගියොත් ආබාධිතයෝ විදියට තමයි 10 දෙනෙක් විතර ගෙදර එන්නේ. සමහර කාලවලට කණ්ඩායමට දාන්න ක්‍රීඩකයෝ නෑ.

ලංකාවේ හිටපු භෞත චිකිත්සකටත් ශ්‍රී ලංකාවේ නිල ඇඳුමක් ඇඳගෙන පිට්ටනියට එන්න සිද්ධ වෙච්ච අවස්ථා තිබුණා. ඒ කියන්නේ මේගොල්ලන්ට කිසිම ශක්තියක් නෑ. හැබැයි යාපනේ ඉන්නවා හොඳට හයිය තියෙන කොල්ලෝ කෙල්ලෝ. උන්ට පුරුදු කරලා ගත්තා නම් ලංකාවට ලෝකෙ දිනන එක මහලොකු කජ්ජක් නෙවෙයි. මේ ඒකට තවත් එක සාක්ෂියක්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

හොස්පිට්ල් ඇඩ්මිට් වෙලා සිටි හිටපු සෞඛ්‍ය ලේකම් අද CIDයට එයි! වටේ හිටපු අය හූ තියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලි-පොහොට්ටු ඩීල් එකේ ඉතිහාසය! අලුතෙන් ආණ්ඩු හදන විදිහ! පොහොට්ටු හොරු රැළ ගැන මතක් කරමින් අදත් විපක්ෂනායක ‌පාර්ලිමේන්තුවේදී කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.