බාල ඖෂධ ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ප්‍රකාශයක් දීමට අද (30) පෙරවරුවේ පැමිණි හිටපු සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතාට පිරිසක් ඝෝෂාකාරී ලෙස ප්‍රතිචාර දැක්වූහ.Sri Lanka Latest News
චන්ද්‍රගුප්ත මහතා ප්‍රකාශ දීමෙන් පසුව සී.අයි.ඩී.යෙන් පිටව යන අවස්ථාවේදී එම පිරිස යම් යම් ප්‍රකාශ කරමින් ‘හූ’ හඩ නගමින් බොහෝ වේලාවක් ප්‍රතිචාර දැක්වූහ.
ඊයේ දින චන්ද්‍රගුප්ත මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද හදිසි අසනීප තත්ත්වයත් හේතුවෙන් ඒ මහතා රෝහල්ගත වී තිබිණ.