බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමාරයා හටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.
පසුගිය දින කිහිපය තුළ චාල්ස් කුමාරයා හට කොරෝනා රෝග ලක්ෂණ පෙන්නුම් කළ බවත්, පසුව ඒ සම්බන්ධයෙන් කළ පරීක්ෂණයේදී චාල්ස් කුමාරයාට රෝගය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවත් වාර්තා වේ.
විදෙස් මාධ්‍ය සඳහන් කළේ මේ වන විට චාල්ස් කුමරු ස්කොට්ලන්තයේ ස්වයං නීරෝධායනයට ලක්ව සිටින බවකි.