නීතීවිරෝධීව මෙරටට ගෙන්වා එකලස් කළ බව කියන ජිප් රථයක් සහ කාර් රථයක් දඹුල්ල සහ පොලොන්නරුව ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පැවසීය.Sri Lanka Latest News
තල්දූව මහතා කියා සිටියේ මෙහි ජිප් රථය ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට අයත් බවට සමාජ මාධ්‍ය මගින් චෝදනා එල්ල වී තිබුණද මෙතෙක් සිදුකරන ලද විමර්ශනවලදී එවැන්නක් හෙළිව නැති බවකි.










