ඇමෙරිකාවේ වොෂින්ටන් DC ආශ්‍රිත බෞද්ධ විහාරයක් වන මහමෙව්නා අසපුවට ඇතුල් වූ හොරු කණ්ඩායමක් එහි තිබූ මුදල් සොරකම් කොට තිබෙන බව විහාරාධිපති තලාවේ ධමිතබෝධි හිමියෝ පොලීසියට පැමිණිලි කොට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ද දැනුවත් කොට තිබේ.Sri Lanka Latest News
උන්වහන්සේලා විහාරයේ නොසිටි අවස්ථාවක මෙය සිදුව තිබෙන අතර වොෂින්ටන් DC විහාරයට ද පසුදා එවැනි සැක කටයුතු තිදෙනෙක් පැමිණ පිරිත් පැන් ඉල්ලා ඇති අතර ඔවුන් ගේට්ටුවෙන් පිටත රඳවා ජල බෝතල් 03 ක් ලබාදී හරවා යැවීමට එම විහාරයේ වතුලියද්දේ රතනසීහ හිමි සූක්ෂමවී තිබේ. තවද වර්ජිනියා හි ධම්මනදය විහාරයට පැමිණි සැකකටයුතු කාන්තාවන් පිරිසක් පිරිත් පැන් ඉල්ලමින් ඇතුල්වීමට උත්සාහ දරා ඇති අතර එම විහාරාධිපති හිමියන් එයද ව්‍යර්ථ කොට තිබේ. එසේ නොවන්නට කිසියම් අනතුරක් එම විහාරස්ථාන වලට ද සිදුවීමට තිබූ බවට අනුමාන කෙරේ.
ලාංකික විහාර වලට අමතරව තායිලන්ත බුරුම කාම්බෝජ හා වියට්නාම් විහාර වලට ද සොරුන්ගේ තර්ජණ දැඩිව බලපා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම සිද්ධීන් සැලවීමත් සමඟ එරට ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ක්‍රියාත්මකවී තිබේ. ඇමෙරිකාවේ වොෂින්ටන් මේරිලන්ඩ වර්ජිනියා ප්‍රදේශ වල විහාර වල නාහිමිවරුන්ට කතාකරමින් සොර සතුරන්ගෙන් ප්‍රවේශම්වීම ගැන උපදෙස් දුන්නා පමණක් නොව ඇමෙරිකාවේ FBI ඔත්තු සේවය ද දැනුවත් කළේය. තවද වොෂින්ටන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානියා හා ආරක්ෂක උපදේශකවරයා මේ ගැන FBI සමඟ සාකච්ඡාවකට යොමු කිරීමට හා ඇමෙරිකවේ පිහිටි සියලු බෞද්ධ විහාරස්ථාන වල ආරක්ෂාව සහතික කරණ ලෙස ලිඛිත ඉල්ලීමක් සිදුකිරීමට ද තානාපති සමරසිංහ මහතා කටයුතු කොට තිබේ.
සොරකම් වලට අදාළ CCTV දර්ශන ආරක්ෂක අංශ වලට ලබාදී ඇති අතර එම හොරු කණ්ඩායම නැගෙනහිර යුරෝපා රටවලින් පැමිණ අනවසරයෙන් ඇමෙරිකාවේ රැදී සිටින පිරිසක් බවට අනුමාන කෙරේ.
එම පිරිස සංවිධානාත්මක කණ්ඩායමක් බවත් කඨින පිංකම් හා බැතිමතුන් විශාල ලෙස එක්වන ආගමික කටයුතු නිමවූ විගස විහාරස්ථාන වල එකතුවන මුදල් සොරකම් කිරීම ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය බව ද තානාපතිවරයා පෙන්වා දෙයි.










