අද දිනයේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජනාධිපතිවරයා සභා ගැබේ සිටියදීම ලබා දුන් පිළිතුරෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායකවරයා අසලට පැමිණ සුබ පැතුම් එක්කොට ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
මෙම සුබ පැතුම් එක් කළ පිරිස අතර දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, මන්ත්‍රී ගජන් පොන්නම්බලම් වැනි මන්ත්‍රීවරුද සිට ඇති බව ආරංචිමාර්ග සදහන් කරයි.
එහිදී එම මන්ත්‍රීවරු ‘ගුඩ් ස්පීච්’ (නියම කතාවක්) යනුවෙන් පවසමින් විපක්ෂනායකවරයා වෙත අතට අත දී සුබපැතුම් එක්කොට ඇති බව දැනගන්නට ඇත.
අද පැවැති අයවැය විවාදය සදහා ජනාධිපතිවරයාද පාර්ලිමේන්තුවට පැමිණ අදහස් දැක්වූ අතර එහිදී විපක්ෂනායවරයාට චෝදනා කිහිපයක් එල්ල කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබිණ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඒ මොහොතේම විපක්ෂනායකවරයා ජනාධිපතිවරයා වෙත පිළිතුරු ලබා දීමට කටයුතු කළේය.










