ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අධිවේගී මාර්ගවල සේවකයින් අද (22) දිනයේ සිය රාජකාරී කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබේ.Sri Lanka Latest News
මාර්ග සංවර්ධන අධිකාරියට අනුයුක්තව සේවය කරන 11,000ක පමණ සේවකයින් පිරිසක් මෙම වර්ජනය සඳහා එක් වන බව අධිවේගී මාර්ග සේවක සංගමයේ සභාපති යොහාන් හසිත මුණසිංහ මහතා සඳහන් කළේය.
“අපි අද උදේ 7 සිට රාත්‍රී 7 දක්වා අසනීප නිවාඩු ලබාගෙන සේවයට වාර්තා නොකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අද අවතීර්ණ වෙනවා. ඒ අවතීර්ණ වෙන්නේ අපේ ප්‍රධාන ඉල්ලීම් තුනක් මුල්කරගෙන. ප්‍රධාන ඉල්ලීම අපේ අධිවේගී මාර්ග ජාලය දැනට මාර්ග සංවර්ධන අධිකාරිය භාරයේ පවතින්නේ. 2023.06.23 වන දින කැබිනට් පත්‍රිකාවක් මගින් සමාගමක් මුදල් අමාත්‍යාංශය යටතේ පිහිටුවලා මේ අධිවේගී මාර්ග ජාලය ඒ සමාගම යටතට පවරා ගන්න යෝජනාවක් කරලා තිබුණා. ඒ වගේම ඒ යෝජනාවේ සඳහන් වෙනවා අධිවේගී මාර්ග රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ ව්‍යාපාරයක් විදියට කරගෙන යන්න අවස්ථාව පිළිබඳ. ඒ සඳහා ආයෝජකයින් සඳහා සොයාබැලීමට අවසර දෙනවා කියලා. මේකත් එක්ක අපිට බියක් තියෙනවා අපේ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳව.”
මෙම වර්ජනයට පිළියම් ලෙස අධිවේගී මාර්ග රාජකාරී සඳහා ආරක්ෂක අංශ යෙදවීමට අපේක්ෂා කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේය.
කෙසේවෙතත් බන්දුල ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කියා සිටියේ ආණ්ඩුවේ වත්කම් වැඩි කොට පෙන්වීම සදහා මුදල් අමාත්‍යංශයට අයත් ආයතනයක් යටතට අධිවේගී මාර්ග පවරා ඇති බවකි.
ඊට පිළිතුරු දෙමින් කිරිඇල්ල මහතා සදහන් කර සිටියේ වංගු නොගසා සේවකයන්ට ඇත්ත කියන්නේ නම් ගැටලුවක් නොමැති බවකි.










