කොරෝනා ව්‍යාප්තිය අවම කරගැනීම සහ නිරෝධායන කටයුතු පහසු කරලීම සදහා ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් පෙරට ආ පුවත අපි ඊයේ (22) අප වෙබ් අඩවිය ඔස්සේ අනාවරණය කිරීමට කටයුතු කළෙමු.
එහිදී අප පෙන්වා දුන්නේ ප්‍රකට ව්‍යාපාරිකයකු වන දිලිත් ජයවීර මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධූරය දරන වස්කඩුව සිට්රස් හෝටලය නිරෝධායන කටයුතුවලට බාරදීමට පියවර ගත් බවත්, ලංකාවේ අංක එකේ කෝටිපතියා වන ධම්මික පෙරේරා මහතා ලක්ෂ 700කට අධික වටිනාකමකින් යුත් සෞඛ්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කර ඇති බවත්ය.
ඉන් අනතුරුව හේමාස් ව්‍යාපාරික ජාලය තමන් සතු වයික්කාල ඩොල්ෆින් හෝටලයද නිරෝධායන කටයුතු සදහා ලබා දීමට පියවර ගත්තේය.
ඒ අනුව දැන් අප වාර්තා කරන්නේ බ්‍රැන්ඩික්ස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අෂ්රොෆ් ඕමාර් මහතාද මෙම වෑයමට එක්ව සිටින පුවතකි.
ඒ මහතාගේ සංකල්පයකට අනුව මේ වනවිට මඩකලපුව බ්‍රැන්ඩික්ස් පරිශ්‍රයක කොරෝනා රෝගීන් වෙනුවෙන් නිරෝධායන මධ්‍යස්ථානයක් නිර්මාණය වෙමින් පවතී.
ඉදිරියේදී රට අර්බුදකාරී තත්වයකට මුහුණ දිය හැකියැයි පැවසෙන තත්වයක් තුළ තමන්ගේ රට වෙනුවෙන් කළ යුතු කාර්යභාරය ඉටු කිරීම වෙනුවෙන් මෙම පරිත්‍යාගය සිදු කරන බව ඒ මහතා ප්‍රකාශ කොට ඇත.












