• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

කොළ පාට ලතා සහ නිල්-රතු නන්දා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

November 18, 2023
in Exclusive, Gurudawa
Reading Time: 3 mins read
A A
කොළ පාට ලතා සහ නිල්-රතු නන්දා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා යූ.ඇන්.පී. සම්මේලනයේදී සන්ෆ්ලවර් ගායකයකු මෙකල ‘අමු සින්දු’ නමින් ප්‍රකට ‘පිටකවරේ’ ගීතය ගයද්දී යූ.ඇන්.පී. පාක්ෂිකයෝ අන්දමන්ද වී බලා සිටියහ. සන්ෆ්ලවර් ගායකයා බලාපොරොත්තු වූ ප්‍රතිචාරය ඒ සින්දුවට පාක්ෂිකයන්ගෙන් ලැබුණේ නැත. පසුව සමාජ මාධ්‍යයන්හිද එම සින්දුව විහිළුවට ලක්විය. හේතුව එම ගීතය කෙලෙසින්වත් යූ.ඇන්.පී. සංස්කෘතියට ගැළපෙන සින්දුවක් නොවූ නිසාය.Sri Lanka Latest News

යූ.ඇන්.පී. සංස්කෘතියට ගැළපෙන ජනප්‍රිය සංස්කෘතියේ සින්දු කිව්වේ ලතා වල්පොල, ජෝතිපාල, එම්.එස්., නිහාල් නෙල්සන් පසු කලක රූකාන්ත ගුණතිලක වැනි ගායක ගායිකාවන්ය. ඩඩ්ලි, ජේ.ආර්. සහ ප්‍රේමදාස මේ සංස්කෘතිය හොඳටම තේරුම් ගෙන සිටියහ. මොවුන් අතරිනුත් මේ ජනප්‍රිය සංස්කෘතිය යූ.ඇන්.පී. සංස්කෘතිය බවට පත් කළේ රණසිංහ ප්‍රේමදාසය. ඔහු ජනප්‍රිය ගායකයන්ට සින්දු ලීවේය. එකල ගම්උදා ප්‍රසංගවල යූ.ඇන්.පී. ජනප්‍රිය සංස්කෘතියේ ජනප්‍රිය වූ ගායකයෙක් වූයේ වික්ටර් රත්නායකය. වික්ටර් රත්නායකගේ ‘අපි ඔක්කොම රජවරු’ සින්දුව ගයන්න යැයි ගම්උදා ප්‍රසංගවලදී එවක ජනාධිපති ජේ.ආර්. සහ එලීනා ජයවර්ධනගෙන් වික්ටර්ට ඉල්ලීම් ලැබිණි. ප්‍රේමදාස ලතාව ඒ යූ.ඇන්.පී. ජනප්‍රිය සංස්කෘතියේ සංකේතය බවට පත්කර ගත්තේය. ඔහු ලතා ලවා දේශපාලන සින්දු කියවා ගත්තේ නැත. නමුත් ලතාගේ සින්දු යූ.ඇන්.පී. වේදිකාවේ ජනප්‍රියතම සින්දු බවට පත්කළේය. 1977 මහ ඡන්දයේත්, 1982 ජනාධිපතිවරණයේත්, 1982 ජනමත විචාරණයේදී මේ ගායක ගායිකාවෝ යූ.ඇන්.පී. වේදිකාවේ සින්දු කීහ. ප්‍රේමදාස මේ හැමෝටම නිවාස දුන්නේය. ජෝතිපාල, ප්‍රේමදාසගේ මෙන්ම විජයගේත් හොඳ මිත්‍රයෙකි. 1977 මහ මැතිවරණයේදී විජය කුමාරණතුංග ශ්‍රීලනිපයෙන් තරග කළ කටාන ආසනයේ යූ.ඇන්.පී. වේදිකාවල සින්දු කියන්න ජෝතිපාලට ආරාධනා ලැබිණි. ජෝති, විජය හමුවී කීවේ තමා විජය පරද්දන්න කටානට සින්දු කියන්න නොඑන බවය.

ජෝතිපාල, ප්‍රේමදාසගේ ගම්උදා වේදිකාවේ ජනප්‍රියතම ගායකයා විය. ඒ කාලයේ රූපවාහිනියෙන් ජෝතිපාලට කැපිල්ලක් තිබිණි. කැපිල්ලට හේතු වූයේ ජෝතිපාල පීචං ගායකයකු ලෙස හංවඩු ගැසීමත්, ප්‍රේමදාස සහ ජෝතිපාල අතර තිබුණු දේශපාලන මිතුරුකමත් නිසාය. ජෝතිපාලගේ අවමඟුල වෙලාවේ ජෝතිපාලගේ අවමඟුලට සහභාගි වීම ජෝතිපාල පවුල ලතාට තහනම් කළේය. ලතා ජෝතිගේ අවසන් මොහොතට සහභාගි වීමට නොහැකිව හැඬූ කඳුළෙන් සිටියාය. මෙය එවක අගමැති ප්‍රේමදාසට ආරංචි විය. ඔහු ලතාව තම වාහනයේ නංවාගෙන ජෝතිපාලගේ අවමඟුල් උත්සවයට ගෙන ගියේය. ප්‍රේමදාසත් සමග ලතා එනු දුටු ජෝතිපාලගේ පවුලේ උදවිය නිහඬ විය.

1988 ජනාධිපතිවරණයේදී ලතාලා යූ.ඇන්.පී. වේදිකාවට ආවේ ජේ.වී.පී. මරණ තර්ජන මධ්‍යයේය. එකල ලංකාවේ රැල්ල වූයේ නන්දා මාලනීගේ පවනය. ලතා යූ.ඇන්.පී.යට සමීප වෙද්දී නන්දා මාලනී සමීප වූයේ ශ්‍රීලනිපයටය. 1980 බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ජේ.ආර්.ගේ ආණ්ඩුව තීරණය කළේය. මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමට එරෙහිව ශ්‍රීලනිපය බෞද්ධ නායකයන්ගේ සහ කලාකරුවන්ගේ පෙත්සමක් අස්සන් කරගනු ලැබීය. අමරදේව සහ නන්දා මාලනීද මේ පෙත්සමට අස්සන් කරනු ලැබීය.

නන්දා මාලනීගේ පවන ගීත සමූහය එළියට ආවේ ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කොට ජවිපෙ කැරැල්ල පටන්ගෙන ‘ජේ.ආර්. මරමු’ කියා බිත්තිවල ලියවෙද්දීය. නන්දා ජේ.ආර්.ගේ පාලනයට එරෙහිව පවන හරහා මහා රැල්ලක් නිර්මාණය කළාය. එකල ශ්‍රීලනිප ජනාධිපතිවරණ වේදිකාවල රැස්වීමට කලින් ජනතාව එකතු කරන්න පටන්ගත්තේ නන්දාගේ ‘පවන’ සින්දු දමලාය. 1988 ජනාධිපතිවරණය ජය ගෙන ප්‍රේමදාස ජනාධිපති වූ පසු ජවිපෙ මර්දනය කරද්දී නන්දා සහ ‘පවන’ සින්දු ලියපු මහාචාර්ය සුනිල් ආරියරත්න දකුණු ඉන්දියාවට පලාගියේ මර්දනය තමන් පසුපස එතැයි බියෙන්ය. මර්දනය අවසන් වූ පසු නන්දා සහ සුනිල් යළි ලංකාවට ආහ. ‘වනිතා විත්ති’ සම්මාන උළෙලේදී හොඳම ගායිකාව ලෙස නන්දා එවක ජනාධිපති ආර්යාව වූ හේමා ප්‍රේමදාස අතින් සම්මාන ලබාගත්තාය. වරක් ප්‍රේමදාස ප්‍රසිද්ධ රැස්වීමක මිනිස්සුන්ගේ කම්මැළිකම ගැන කියන්න සුනිල් ආරියරත්න ලියපු ‘සරු පස දිලෙයි’ සින්දුවේ පද ටික කීවේය. ප්‍රේමදාසට එරෙහි දෝෂාභියෝගයට පසු නන්දා සහ සුනිල් ‘සුකිරිබටිල්ලන්ගේ ගීත සමූහය’ එළියට දමනු ලැබීය. එයින් විවෘත ආර්ථිකයට සහ යූ.ඇන්.පී. ප්‍රතිපත්තිවලට තදින් පහර දෙනු ලැබීය. 1994 වසර 17කට පසු ශ්‍රීලනිපය යළි බලයට ආවත් නන්දා එම මැතිවරණ වේදිකාවට ගියේ නැත. එහෙත් 1994 සිට අද දක්වාත් ශ්‍රීලනිප වේදිකාවේ ඇහෙන්නේ නන්දාගේ පවන සින්දුය.

1994 යූ.ඇන්.පී.ය විපක්ෂයට ගිය පසු 1999 පළාත් සභා ඡන්දයට ලතා යළි යූ.ඇන්.පී. වේදිකාවට ආවාය. 1999 බස්නාහිර පළාත් සභා ඡන්දයේදී බස්නාහිර පළාත් සභා මහ ඇමැති අපේක්ෂක කරු ජයසූරිය වේදිකාවට එන්න පෙර ලතාගේ ‘මනරංජන දර්ශනීය ලංකා’ සින්දුව ලතා විසින් ගයනු ලැබීය. මෙය පක්ෂ නායක රනිල්ට ආරංචි විය. රනිල් ලතාට කැමැති නොවීය. ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ තරුණ කටයුතු අමාත්‍යාංශයෙන් කරළියට ආ රූකාන්ත ගුණතිලක ලවා සින්දු කියවන්නටය. වරක් කොස්ගස් හන්දියේ තිබූ රැස්වීමකදී ලතාගේ සින්දුව නතර කළ යුතු බවට රනිල් තර්ජනය කළේය. කරු ජයසූරිය ලතාට කරුණු පහදාදී සින්දුව නතර කෙරෙව්වේය.

ලතා යූ.ඇන්.පී. සංස්කෘතියේ සංකේතයකි. රනිල්ට ඒ බව තේරුණේ නැත. නමුත් කරු ජයසූරිය සේම එවක යූ.ඇන්.පී. නියෝජ්‍ය නායක වූ සජිත් ප්‍රේමදාසත් එය තේරුම් ගත්හ. අදටත් සජිත් ලතාගේ උපන්දිනය අමතක කරන්නේ නැත. ඔහු මල් කලඹක් අරගෙන ලතාගේ ගෙදරට ගොස් ලතා සමග සින්දු කියයි.

ලතා කවදාවත් දේශපාලන ගීත ගැහුවේ නැත. නමුත් නන්දා දේශපාලන ගීත ගයා ශ්‍රීලනිප සහ ජේවීපීයේ ජනප්‍රියතම තාරකාව වූවාය. ලතා මෙන්ම නන්දාත් කවදාවත් දේශපාලනයක් කළේ නැත. හැබැයි නන්දාට දේශපාලන සින්දු ලියපු සුනිල් ආරියරත්න දේශපාලනය කළේය. 2002 රනිල්ගේ ආණ්ඩුවට එරෙහිව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ විරෝධයට නායකත්වය දුන් එක් අයෙක් වන්නේ සුනිල් ආරියරත්නය. 2005 ජනාධිපතිවරණයේදී ඔහු මහින්දව දුටුගැමුණුට සමාන කරමින් කතාවක් කළේය. මහින්දගේ චින්තනය ජනගත කරන්න එම කතාව ලොකු ශක්තියක් විය.
ඒ වගේම 2017 දී සුනිල් ආරියරත්න බැඳුම්කර හොරකම ගැන කියමින් පොතක් දොරට වඩින උළෙලකදී රනිල්ව අනියමින් දැඩි ලෙස විවේචනය කළේය.

රනිල් මහින්දලාගෙන් ජනාධිපතිකම අරගෙන සුනිල් ආරියරත්නව සෞන්දර්ය විශ්වවිiාලයේ කුලපති ධුරයට පත් කළේ ඒ නිසා විය හැකිය. පසුගියදා පැවැති ජනාධිපති සම්මාන උළෙලේදී රනිල්, නන්දා මාලනී ළඟටම ගොස් ඇයට සම්මාන දී ඇයව අගැයීමට ලක් කළේය.

රනිල් වසර 30ක් යූ.ඇන්.පී. නායකයා වූවාට යූ.ඇන්.පී.ය හෝ යූ.ඇන්.පී.යේ සංස්කෘතියට ලව් කරන නායකයෙක් නොවේ. මේ නිසාම යූ.ඇන්.පී.ය හැරගිය ජනප්‍රිය තරු බොහෝය. ගාමිණී, ජෝ අබේවික්‍රම, මාලනී, රවීන්ද්‍ර ඒ අතර වූහ. රනිල්ගේ කෙනෙහිලිකම් මැදත් ලතා වැනි ගායිකාවක් යූ.ඇන්.පී.ය හැර ගියේ නැත.

2002 දෙසැම්බරයේ රනිල් අගමැතිව සිටියදී ලතා 70 වැනි උපන්දිනයට රැජින මමයි ගී ප්‍රසංගයක් පැවැත්වූවාය. එයට අගමැති රනිල්ට ආරාධනා කළත් ඔහු එයට සහභාගි නොවීය. එයට සහභාගි වූයේ කරු ජසයූරියය. රනිල් යූ.ඇන්.පී. පාක්ෂිකයන් සහ යූ.ඇන්.පී.ය වෙනුවෙන් පෙනී සිටින කලාකරුවන්, ක්‍රීඩකයන්, බුද්ධිමතුන් ගැන හිතන්නේ ඔවුන් කොහොමත් යූ.ඇන්.පී.යේ ඉන්න නිසා ඔවුන්ට විශේෂ සැලකීමක් අනවශ්‍ය යැයි කියාය. ඔහු හිතන්නේ දිනාගන්න ඕනා යූ.ඇන්.පී. විරෝධීන් කියාය. ඔහු යූ.ඇන්.පී.යට දැඩි ලෙස පහර දුන් ප්‍රේමසිරි කේමදාසගේ ප්‍රසංගයට ගොස් ලතාගේ ප්‍රසංගය මඟහැරියේ ඒ නිසාය. හැබැයි කේමදාසලා කවදාවත් යූ.ඇන්.පී.යට ආවේ නැත. රනිල් යූ.ඇන්.පී. අච්චුවට හරියන නායකයෙක් නොවේ. එහෙම බලන කොට ඉතිහාසය විසින් ඔහුට උරුම ජනාධිපතිකම ඔහුට හරියන තැනින්ම ලබාදී තිබේ.

උපුල් ‌ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ක්‍රිකට් අර්බූදයෙන් කෝප් එකත් පුපුරයි! සභාපතිකමෙන් රංජිත් බණ්ඩාර එළියට දාන්න විශ්වාසභංගයක් ලෑස්තියි! I Sri Lanka Latest News

Next Post

විනයක් නැති රියැදුරන් නිසා දවසකට අට දෙනෙක් මහමඟ මියයන රටක දරුවන්ගේ අනාගතය! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.