• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විනයක් නැති රියැදුරන් නිසා දවසකට අට දෙනෙක් මහමඟ මියයන රටක දරුවන්ගේ අනාගතය! Sri Lanka Latest News

November 18, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
විනයක් නැති රියැදුරන් නිසා දවසකට අට දෙනෙක් මහමඟ මියයන රටක දරුවන්ගේ අනාගතය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප ශිෂ්ට සම්පන්න ජාතියක් දැයි අපෙන් ප්‍රශ්න කරගත යුතු දිනයක් හෙට එළඹෙන්නේය. ලෝක රිය අනතුරු වින්දිතයන් සිහිකිරීමේ දිනය යෙදී ඇත්තේ හෙට (19) ය. යළිත් අපිට අපේ මාර්ග විනය පිළිබඳ බරපතල ලෙස කල්පනා කර නීතියෙන් හික්මවන තෙක් බලා නොසිට ස්වයං වාරණයක් ඇති කරගත යුතු දිනයක් පැමිණ ඇත්තේය. (Sri Lanka Latest News)

ලෝකය හෙට සමරන්නේ ලෝකය මහා වාර්ෂික මළගමය. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව  සෑම වසරකම ලොව පුරා මාර්ගවල මිනිස්සු දහ තුන් ලක්ෂ පනස් දහසක් මිය යන්නේය. දිනපතා තුන් දහස් හත්සියයක්  පාරේ මැරෙන්නේය. ලෝක රිය අනතුරු වින්දිතන්ගේ දිනය සමරන හෙටත් 3700ක් පමණ ලෝකය වටා මියයන්නට නියමිතය.

ශ්‍රී ලංකාව ගැන සැලකුවහොත් මිලියන විස්සකට ආසන්න කුඩා ජන ගහණයක් සහිත සාපේක්ෂව කුඩා මාර්ග පද්ධතියක් සහිත මේ දූපතේ දෛනිකව 08 දෙනෙක් මහ පාරේ මිය යන්නේය.  2021 ලෝක බැංකු වාර්තාවට අනුව රට තුළ වාර්ෂිකව සිදුවන රිය අනතුරු ප්‍රමාණය 38 000කි. සිදුවන වාර්ෂික මරණ ප්‍රමාණය 3000කි. සදාකාලික අබ්බගාතවන, ජීවිත කාලය පුරාම අතුරු ආබාධවලින් පීඩා විඳිමින් ගෙවා දමන්නට සිදුවන බරපතල අනතුරු ප්‍රමාණය 8000කි. අනතුරට ගොදුරු වූවන්ගෙන් 90% කට වඩා පදිකයින්, ත්‍රීරොද රථකරුවන් සහ යතුරුපැදිකරුවන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව වයස අවුරුදු 19ට අඩු දරුවන් වැඩි වශයෙන්ම මියයන්නේ රිය අනතුරුවලිනි.

ඛේදවාචකය වන්නේ අපේ රටේ සිදුවන රිය අනතුරුවලින් අඩුම තරමින් සියයට 15ක් මිය ගොස් ඇත්තේ අවුරුදු 19ට අඩු පාසල් දරුවන්ද අයත්වන වයස් ඛාණ්ඩයේ පිරිස වීමය. සෑම දිනයකම රටේ මහ පාරක වසය අවුරුදු 19ට අඩු දරුවෙක් හෝ දෙන්නෙක් රිය අනතුරුවලින් මිය යන්නේය.

වර්ෂ 2022 දී රිය අනතුරු නිසා වයස අවුරුදු 19ට අඩු දරුවෝ 400කට ආසන්න ප්‍රමාණයක් මිය ගොස් සිටියහ. දළ වශයෙන් එය  සමස්ත රිය අනතුරු මරණවලින් සියයට 16ක ප්‍රතිශතයකි.

තේරුම් ගත යුත්තේ දරුවන් විෂයෙහි මහා මාර්ගය සුරක්ෂිත තැනක් බවට පත් කිරීමට ජාතියක් ලෙස අප අපොහාසත් වී ඇති බවය.  එවැනි විනයක් නිර්මාණය කරන්නට තරම් උසස්  සමාජ දැක්මක්, පරාර්ථයක් අප සතුව තිබී නැති බවය. එමෙන්ම දිනපතා අප විසින් ඒ මරණීය අවදානම වැඩි කර ඇති බව ලෝක රිය අනතුරු වින්දිතයන්ගේ දිනයක් එළඹෙන මොහොතක අප රටක් ලෙස කල්පනා කළ යුතුය.

කිසිම දියුණු සමාජයක් සිහිනයෙන් පවා නොසිතන තරමට අපේ පාසල්‍ ප්‍රවාහන සේවා ගර්හිතය. අනතුරු දායකය. රටේ අබලන්ම පැරණිම ගර්හිතම වාහන යොදවා ඇත්තේ රටේ වටිනාම සම්පත වූ පාසල්  දරුවන් ප්‍රවාහනය සඳහාය. ත්‍රී රෝද රථවල දරුවන් පාසල වෙත රැගෙන එන ආකාරයේ කිසිම ආරක්ෂිත නියාමනයක් නැත. අඩුම  තරමින් පාසලට යතුරුපැදියේ රැගෙන එන තමන්ගේ  දරුවාට හිස් ආවරණයක් පැළඳවීමට විනයක් නැති වැඩිහිටයන්ගේ තරම උදෑසන ලංකාවේ ඕනෑම පාසලක් අසලට ගොස් සිටියහොත් දැක ගත හැකිය. අති බහුතරයක් දෙමව්පිය, වැඩිහිටියන්  දරුවන් යතුරු පැදිවලින් පාසලට ගෙනත් ඇරලවන්නේ  ආරක්ෂිත හිස්වැස්මක් නොපළඳවා අනතුරු දායක ලෙසය.

තමන්ගේ දරුවාගේ ජීවිතය පිළිබඳ  වගකීමක් නැති අම්මලා තාත්තලා වෙසෙන රටක පාර අයිනේ ගමන් කරන අනුන්ගේ  දරුවෙකුගේ ජීවිත සම්බන්ධව සහතිකයක් දිය හැක්කේ කෙසේ දැයි අප කල්පනා කළ යුතුව ඇත.

සෑම වසරකම  වර්ෂාවසානයේ මරණීය දත්ත ලෙස ප්‍රකාශ වන්නේ මේ වගකීම් රහිත හැසිරීමේ ස්වරූපය ය.

මාර්ග  ආරක්ෂාව පිළිබඳ විනයක් හා පුරුද්දක් සහිත ශික්ෂිත අනාගත සමාජයක් ඇතිකිරීමේ අභිලාෂයක් රටක් ලෙස ඇතිකරගත යුතු මෙහොත එළඹී තිබේ.

එය රටක් ලෙස මේ මොහොතේ අතිශයින් ප්‍රමුඛ වී තිබේ. මිනිසා විසින් නිර්මාණය කරන බිහිසුණුම ආපදාව වන්නේ රිය අනතුරුය. ඉන් සිදුවන සමාජ ව්‍යසනය තවමත් මේ රට තුළ ගණනය කර නැත. නමුත්  ලෝක බැංකුව විසින්  ප්‍රකාශිත මේ ව්‍යසනය රටක ආර්ථිකය බිඳ දමන ආකාරය පිළිබඳව යම්     අදහසක් ඇතිකරගත හැකිය.

ශ්‍රී ලංකාවේ දළ ජාතික නිශ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 89කි. එනම් ශ්‍රී ලංකා රුපියල් බිලියන 28,500කි. ලෝක බැංකු නිර්නායකයන්ට අනුව මාර්ග අනතුරු හේතුවෙන් රටකට  සිදුවන ආර්ථික  හායනය දළ ජාතික නිශ්පාදිතයෙන්  සියයට 3 සිට 5 කි.

එය අවමය වූ සියයට තුනක් සේ කල්පනා කළද මාර්ග අනතුරු හේතුවෙන් වාර්ෂිකව රටට අහිමිවන මුදල රුපියල් බිලියන 855 කි. ඩොලර් බිලියන 2.67කි.

අප තේරුම් ගත යුතතේ   රටේ ඇඟ බැඳ ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ලබා ගන්නා සමස්ථ ණය මුදල ඇමරිකානු ඩොල්ර් බිලියන 04ක් පමණක් බවය.

විදේශ විනියම රහිතව ලෝකය ඉදිරියේ සිඟමනට ඇදවැටුණු රටක් මේ ගර්හිත තත්ත්වය තුළම රඳවා තබාගන්නට රිය අනතුරුවලින් සිදුකරන අවරෝධය කොපමණදැයි සබුද්ධිකව තේරුම් ගත යුතුය.

මේ සම්බන්ධව රටේ ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ජනාධිපති කාර්ය සාධක බලකායක් මේ රටේ විද්වතුන් ඉල්ලා සිටින්නේ වසර ගණනාවක සිටය. ඒ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ප්‍රමුඛය. එම සංගමය විසින් පසුගිය දා රට තුළ සංවිධානය කළ අන්තර්ජාතික සමුළුවකට  ජනාධිපතිවරයා නියෝජනය කරමින් සහභාගී වූ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක ලෝකය හමුවේ පොරොන්දු වන්නේ ජනාධිපතිවරයා වගකියන   රිය අනතුරු වැලැක්වීමේ කාර්ය සාධක බලකායක් බිහි කරන බවය.

ප්‍රධානම කාලකන්ණිකම වන්නේ රටක් තුළ සිද්ධවන මේ රිය අනතුරු මිනී මැරුම් සාතිශය බහුතරයකට මූලිකම හේතුව වගකීම් රහිත අවිනීත, ඉවසීමෙන්, අනෙකා පිළිබඳ ගෞරවයෙන්, මනුෂ්‍යත්වයෙන් තොර රිය ධාවනයය.

හෙට දිනය වැදගත් වන්නේ මොහොතක් නැවතී මිනිසුන් ලෙස අපේ වගකීම කල්පනා කිරීමට දිනයක් එළඹෙන නිසාය.

lankasara

SendShareShare
Previous Post

කොළ පාට ලතා සහ නිල්-රතු නන්දා! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

Next Post

සංචාරකයෝ කිය කියා ඇවිත් කොළඹ ඉඳන් මහා ජාවාරමක් කරන් ගිය චීන සෙට් එකක් අහුවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.