කොරෝනා වෛරසය පැතිර යාමත් සමග මුළු රටම භීතියෙන් මුසපත්ව සිටි ඉකුත් 16 වෙනිදා දහවල් කොරෝනා පරදා සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි අවධානයට යොමු වන්නට වූයේ පොලිස් නිලධාරීන් බව සඳහන් සිවිල් ඇඳුමින් සැරසුණු පුද්ගලයකු විසින් නිරුවත් කාන්තාවකගේ කෙස් වැටියෙන් අල්ලාගෙන සිටින වීඩියෝ දර්ශනයක් කෙරෙහිය. ඇය අසල තවත් පුද්ගලයෙක් සිටියේ පොල්ලක් අතැතිවය. එක් රූප රාමුවක ඇත්තේ එම නිරුවත් කාන්තාව දිව යන දසුනකි. ඒ දිව යන කාන්තාවගේ ඇගේ නූල්පටක්වත් නොවීය. සිටියේ අමුම අමු නිරුවතිනි.
කාන්තාවගේ කෙස් වැටියෙන් අල්ලාගෙන සිටින පුද්ගලයා පොලිස් නිලධාරීන් බව සදහන් කර ඇත්තේ මෙම රූප රාමු පෙළ සමාජ මාධ්‍යට යොමු කළ පුද්ගලයා විසින් තැබූ සටහනකට අනුවය. එම සටහනට අනුව සිදුව ඇත්තේ පොලිසීය කාන්තාවක් නිරුවත්කර පහර දීමකි. එම පහරදීම සිදුව ඇත්තේ තොටළඟ හැත්තෑපහ වත්තේය. පොලීසිය සමාජය හමුවේ නිරුවත් කළ එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ සැරිසරන්නට වූයේ පොලිසිය කෙරෙහි දැවැන්ත මහජන අප්රසාදයක්ද ඇති කරවමිනි.
තොටළඟ හැත්තෑපහ වත්ත පිහිටි ප්‍රදේශය අයත් වන්නේ ග්රෑන්ඞ්පාස් පොලිස්බල ප්‍ර දේශයටය. එම පැත්ත භාර පොලිස් ප්‍රධානියා වන්නේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණියටය. මෙම වීඩියෝව සමාජ මාධ්‍යට ඇතුළත් කර පැය දෙක තුනක් යන්නට මත්තෙන් ඒ ගැන ඔහු දැනුවත් වන්නේ බුද්ධි අංශ නිලධාරියකු මගිනි. ඒ කාලයක් බුද්ධි අංශයේ ප්‍රධානියෙක් ලෙසද මංගල දෙහිදෙණිය සේවය කර තිබුණු බැවිනි.
එම තොරතුර ලද සැණින් වහාම ක්‍රියාත්මක වූ මංගල දෙහිදෙණිය සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ හුවමාරු වෙමින් තිබුණු එම වීඩියෝව ගැන වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්නේ එහි ඇත්ත නැත්ත දැන ගැනීමේ අදිටනිනි.
එම වීඩියෝවේ ඇත්ත සහ බොරුව දැනගැනීමට මංගල දෙහිදෙණියට එතරම් කාලයක් ගතනොවීය. බැලින්නම් සිදුව තිබුණේ ග්රෑන්ඞ්පාස් පොලීසියට අනුයුක්ත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තොටළඟ මත්කුඩු රාජධානියට කඩා වැදුණු අවස්ථාවක කාන්තාවක් විසින් උවමනාවෙන්ම ඇඳුම් උනා දමමින් පොලීසිය අපකීර්තියට ලක් කිරීමට කළ පහත් වැඩකි. ඒ දේට ඇයව පොළඹවා ඇත්තේ තොටළඟ කුඩු රැජින විසිනි. ඇය පොඞ්ඩීය.
මෙම කාන්තාව වයස අවුරුදු තිස් පහක් පමණ වයසැතිය. ඇය පිටකොටුවේ සැරිසරමින් ඇඟ විකුණා ජීවත් වන්නියක් බව කියැවේ. දිනකට ඇයට මත්කුඩු පැකට් හතර පහක්ම පානය කරන්නට උවමනාය. ඇය මත්කුඩු ගන්නේ පොඞ්ඩීගෙනි. එදා 16 වෙනිදා පෙරවරුවේද ඇය සුපුරුදු ලෙස මත්කුඩු මිලදී ගන්නට එන්නේ ඇගේ අනියම් සැමියා සමගිනි. ඔහු තිදරු පියෙක් වන මරදානේ පදිංචිකරුවෙකි. මෙම කාන්තාව සමග සිය සැමියා අනියම් ඇසුරක් පවත්වන බව ඔහුගේ විවාහක බිරිදටද රහසක් නොවීය. ඇය ඒ සියල්ලක්ම කරබාගෙන සිටින්නේ සිය සැමියාගේ අනියම් බිරිඳ ඇඟ විකුණා මුදල් සොයන්නේ සැමියාටද සමග මත්කුඩු මිලදී ගන්නට බව දැන සිටි බැවිනි. නැතිනම් මත්කුඩු ගන්නට ඔහු කරදර කරන්නේ විවාහක බිරිඳටය.
මෙම කාන්තාව පදිංචිව සිටින්නේ මදුරන්කුලියේය. ඇයද තිදරු මවකි. ඇය කොළඹට එන්නේ මදුරන්කුළියේ සිටය. ඇගේ සැමියා ගම්පහ මිනුවන්ගොඩ හොල්ලාගෙන සිටි නමගිය අපරාධකරුවෙක් වන ලීනස් කුමාරය. කලකට පෙර ඔහු මිය යන්නේ බන්ධනාගර අත්අඩංගුවෙන් පලායන්නට ගොස් බන්ධනාගාර නිලධාරියෙකු තැබූ වෙඩිල්ලකිනි. ඇය පාරට වැටී ඇඟ විකුණන්නේ එතැන් සිටය.
එදා ඇය සිය අනියම් සැමියා සමග මත්කුඩු මිලදී ගන්නට එන්නේ යතුරුපැදියක නැගීය.ඒ වන විට පොලීසිය සිටියේ ඒ පැත්තේ රැඳී සෝදිසියෙනි. ඒ බව නොදත් මොවුන් මත්කුඩු පැකට් කිහිපයක් මිලදී ගෙන යතුරු පැදියේ නැගී ඉගිලෙන්නට වූයේ එය පානය කරන්නට තැනක් සොයාය. එහෙත් ඔවුන්ට හැත්තෑපහ වත්තෙන් පිටතට යන්නට ඉඩක් නොවීය. සිවිල් ඇඳුමින් සිටි පොලිස් නිලධාරීන් යතුරු පැදිය වටකර ගත්තේය. ඇගේ අනියම් සැමියාව පරීක්ෂා කරන්නට වූයේ ඔහු සතුව මත්කුඩු තිබේදැයි දැන ගන්නටය. එහිදී එකවරම යතුරු පැදියේ පිටුපස අසුනේ සිටි ඇය බිමට පැන පොලිස් නිලධාරීන් සමග ගෝරනාඩු කරන්නේ ඇගේ ඇඳුම් උනා දමමින් යට ඇඳුම් පිටිනි. පොලිස් නිලධාරීන් ඒ ගැන එතරම් තැකීමට ලක්නොකර ඇගේ අනියම් සැමියාව පරීක්ෂා කරන්නට විය. ඒ වන විටත් ඔහු සතුව මත්කුඩු පැකට් කිහිපයක්ම විය. එම මත්කුඩු පැකට් තුළ හෙරොයින් මිලිග්‍රෑම් 1200ක්ම තිබුණේය. ඒ අනුව ඇගේ සැමියාව සැකපිට පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගන්නා විට ඇය එකවරම බිම හිඳ ගනිමින් එම ස්ථානයේම අසූචි කර එම අසූචි ගල්වල තවරමින් පොලිස් නිලධාරීන් දෙසට එල්ල කරන්නට ගත්තාය. පොලිස් නිලධාරීන් ඒ යැයි කියා ඇගේ අනියම් සැමියාව අත හැරියේ නැත. එවිට ඇය සැමියාව බේරාගැනීමට සටන් කරන්නේ මුළුමනින්ම නිරුවත් වෙමිනි. නිරුවත් ඇය පොලිස් නිලධාරීන්ගේ ඇඟේ එල්ලෙන විට පොලීසියට කර ගන්නට දෙයක් නොවීය. ඇයව පාලනය කරන්නට සැරයන්වරයෙක් උත්සහ ගන්නේ ඇගේ කොණ්ඩයෙන් අල්ලාගෙනය. ඒ අතර ඇයව බිය ගැන්වීමට තවත් පොලිස් නිලධාරියෙක් පොල්ලක් අතට ගෙන ඇයට කෑගසන්නේ ඇයව පාලනය කිරීමටය.
ඒ අතර පොඞ්ඩීගේ කණ්ඩායම ඒ ස්ථානයට පැමිණ පොලිස් නිලධාරීන්ව වටකර ගන්නේ ඔවුන්ව අසරණ කරවමිනි. ඒ ඇසිල්ලෙන් ඇය එම ස්ථානයෙන් පලායන්නේ නිරුවතිනි. වීඩියෝ පටයේ දැක්වෙන්නේ එම කතාවය. නමුත් සමාජගත වන්නේ වෙනත් කතාවකි.
මේ සියල්ලක්ම අකුරක් නෑර දැනගත් මංගල දෙහිදෙණිය සිය නිලධාරීන් මෙහෙයවා පොලිස් නිලධාරීන්ට නිරුවත පෙන්වමින් අසූචි ප්‍රහාරයක් එල්ල කළ මේ කාන්තාව ඉකුත් 19 වෙනිදා අත්අඩංගුවට ගන්නේ මදුරන්කුළියේ ඇය පදිංචිව සිටි නිවසට ගොසිනි. ඒ බුද්ධි අංශයේද සහය ඇතිවය. එය එතැනින් හමාර වන්නේ නැත. පොලිසීයට මඩ ගැසීමට ඇත්ත සඟවා බොරුවක් සමාජගත කරමින් එම වීඩියෝව සමාජ ජාල වෙඞ් අඩවියට මුදා හරින ලද පුද්ගලයාට එරෙහිවද මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසිය තීරණය කර හමාරය.










