• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි! අයවැය-ආර්ථිකය-දේශපාලනය-ක්‍රිකට් ගැන කතා කරයි! Sri Lanka Latest News

November 15, 2023
in Uncategorized
Reading Time: 9 mins read
A A
ජනපති මාධ්‍ය ප්‍රධානීන් හමුවෙයි! අයවැය-ආර්ථිකය-දේශපාලනය-ක්‍රිකට් ගැන කතා කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමාට අවශ්‍ය මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණය කරවීමට බවත්, රටේ කඩාවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීමට හැකි නම් ක්‍රිකට් ක්‍රීඩාව ද යළි නගාසිටුවිය හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

2024 රාජ්‍ය අය වැය පිළිබඳ මාධ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබු අතර මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය නියෝජනය කරමින් පුවත්පත් කතුවරුන් සහ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරු මීට එක්ව සිටියහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ මෙවර අයවැය රටේ ආර්ථිකය සහ දේශපාලනය වෙනස් කරන අයවැයක් බවයි.

රටේ බිඳවැටුණු ආර්ථිකය යළි ගොඩනැඟීම තම අරමුණු වන අතර එම ඉලක්කයට තමා දැනටමත් ළඟාවෙමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා දේශපාලනයකින් තොරව එම ඉලක්කය සාර්ථක ලෙස අවසන් කිරීම තම අභිප්‍රාය බවද පැවසීය.

දේශපාලන පක්ෂ මැතිවරණ ඉලක්ක කර ගනිමින් කටයුතු කළත්, තම පළමු රාජකාරිය රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීම වන අතර තමා අනෙකුත් කටයුතු දෙස අවධානය යොමු කරන්නේ ඉන් අනතුරුව බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන සහ ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග යන මහත්වරු විසින් 2024 අය වැය සහ එහි පදනම පිළිබඳව මෙහිදී දීර්ඝ පැහැදිළි කිරීමක් සිදු කළහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

රටක් ලෙස ඉදිරියට යන විට රාජ්‍ය වියදම් සීමා කළයුතුයි.රාජ්‍ය වියදම් සීමා කිරීම වෙනුවෙන් තීන්දු තීරණ රැසක් අප මෙවර අයවැයෙන් ගෙන තිබෙනවා. ඒ වගේම මහ බැංකුවේ නීතිය අනුව අපට දැන් මුදල් මුද්‍රණය කිරීමට සහ බැංකුවලින් ණය ලබාගැනීම සිදු කළ නොහැකියි. ඒ වගේම ආණ්ඩුවට බාහිර වෙළෙඳපළින් ලබාගත හැකි ණයත් සීමා වී තිබෙනවා. මේ වන විට අපිට විශාල මුදලක් ණය වශයෙන් නැවත ගෙවීමට තිබෙනවා.
විශේෂයෙන් බෞද්ධ ආර්ථික දර්ශනය අනුව රජයේ වියදම් පාලනය කිරීමට අප කටයුතු කර තිබෙනවා. දැන් තිබෙන්නේ ආදායම් උත්පාදනය කර ගනිමින් ඉදිරියට යාමයි. අපේ රටේ මෙතෙක් පැවති ආර්ථික ක්‍රමය සාර්ථක වී නැහැ. 1972 සම්පුර්ණයෙන් සමාජවාදී ආර්ථිකයකට ගොස් 77දී ආර්ථිකයෙන් කොටසක් විවෘත කළා. ආර්ථිකය විවෘත කර රාජ්‍ය සංස්ථා ඇති කර රජයේ පාලනය යටතේ මෙය ඉදිරියට ගෙන යන්න බැහැ.
සිංගප්පුරුව, මැලේසියාව වැනි දියුණු රටවල ආර්ථිකය අද සම්පූර්ණයෙන් රජයේ පාලනයෙන් ඉවත් කර තිබෙනවා. මේ අය වැයෙන් ලංකාවේ විශාලම පුද්ගලීකරණය අප සිදු කරනවා. ඒ තමයි ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් ලබාගත් ගොවින්ටත්, සාමන්‍ය ජනතාවටත් මේ ඉඩම්වල සම්පුර්ණ සින්නක්කර අයිතිය ලබා දීම. ඒ වගේම විශේෂයෙන්ම රජයේ මහල් නිවාසවල සිටින අයටත් ඒ අයිතිය ලබා දෙනවා.
රටේ ආර්ථිකය වෙනුවෙන් අපි රුපියල් බිලියන 500යි, ට්‍රිලියනයයි අතර වත්කම් ඇතුල් කර තිබෙනවා. ශ්‍රී ලංකන් ගුවන් සේවාව අළෙවි කර, මේ සියලු සේවා වන් එකතු කළත් මෙපමණ මුදලක් ලැබෙන්නේ නැහැ. මේවායේ නිෂ්පාදන කටයුතු දැන් ඉහළ නැංවිය හැකියි. එය අප ගත් විශාල පියවරක් ලෙස මම දකිනවා. මෙය තමයි ලංකාවේ තිබෙන විශාලම පෞද්ගලීකරණය.
අපි කිසිදු අවස්ථාවක සාමාන්‍ය ජනතාවගේ ඉඩම් අයිතිය ලබා දුන්නේ නැහැ. අපි ෂ්‍රැංග්‍රිල්ලා හෝටලයට ඉඩම් අයිතිය දුන්නා. නමුත් සාමාන්‍ය ජනතාවට මෙය ලබා දුන්නේ නැහැ. දැන් එය සිදු කර තිබෙනව. අපි මහවැලිය ආරම්භ කළේ එම ඉඩම් ජනතාවට ලබාදීමට. නමුත් සී කලාපයේ හෝ එච් කලාපයේ ඉඩම් ජනතාවට ලබා දීම සිදු කළේ නැහැ. දැන් මේ සියල්ල ජනතා අයිතියට පත් කර තිබෙනවා.
නව ආර්ථිකයක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ දැන් අප ආරම්භ කර තිබෙනවා. ඉතා තරගකාරී ආර්ථිකයක් හා වෙළෙඳපොළක් අපට අවශ්‍ය නිසා RCEP සංවිධානය සමග මෙන්ම ඉන්දියාව සහ බංග්ලාදේශය සමගත් යුරෝපා සංගමය සමගත් අපේ වෙළෙඳපොළ පුළුල් කර ගැනීමට කටයුතු කරනවා. අපි තරගකාරී ආර්ථිකයක් බවට පත්විය යුතුයි. තරගකාරි නොවන ව්‍යාපාර තරගකාරී කර ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා අප වෙනම ආධාර ලබා දෙනවා.
ආර්ථිකය ගොඩනැගිමේ කෙටිකාලීන වැඩසටහන් ලෙස අප කෘෂිකර්ම සහ ධීවර නවීකරණ වැඩසටහන් ආරම්භ කර තිබෙනවා. අපි කෘෂිකර්මය නවීකරණය කරනවා නම් රටේ විශාල කෘෂි ආර්ථිකයක් යළි ඇති කළ හැකියි.

ඒ වගේම සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ආදායම වැඩි කර ගැනීමට සහ මෙරටට පැමිණෙන සංචාරකයන් මිලියන 05 දක්වා වැඩිකර ගැනීමටත් අපි පියවර ගෙන තිබෙනවා. ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීමේ වැඩපිළිවෙළද රජය දැන් ආරම්භ කර තිබෙනවා. කෘත්‍රීම බුද්ධිය ඇතුළු නව තාක්ෂණය සමග ඉදිරියට යාමට අප කටයුතු කර තිබෙනවා. මෙතෙක් ඒ පිළිබඳ අවධානය යොමුව තිබුණේ නැහැ.
මේ සියලු කටයුතු සඳහා අපට නව මානව සම්පතක් අවශ්‍යයි. අපේ අධ්‍යාපන ක්‍රමයේ පවතින අඩු පාඩු මගහරවා ගනිමින් නව අධ්‍යාපන ක්‍රමයක් ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම නව විශ්වවිද්‍යාල ඇති කිරීම සඳහා රජයේ වගේම රජයේ නොවන අංශවලටද අවස්ථාව ලබා දීමට නව නීති ගෙන එනවා. එම විශ්වවිද්‍යාලවලින් ගාස්තු අය කරනවා නම් ශිෂ්‍යයන්ට රජයෙන් සහන ණයක් ලබා දෙනවා. ඒ වගේම අතපසු වූ වෘත්තීය පුහුණු අංශය අලුතින් සංවිධානය කර මේ සිල්ල පළාත් සභා 09 යටතේ ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.
පළාත් සභාවලට අපනයන ආර්ථිකය සඳහා සහාය දැක්විය හැකි අන්දමින්, පැවති සීමා ඉවත් කර තිබෙනවා. ඒ වගේම අපි නව රැකියා අවස්ථා සහ ආදායම් මාර්ග උත්පාදනය කරගත යුතුයි. අපි මෙම කටයුතු 2030 වන විට කළයුතුයි. ඊට වඩා කාලයක් අපට නැහැ. ඒ නිසා මෙම 2024 සිට නව ආර්ථිකය ගොඩනැගීමේ වැපිළිවෙළ අපි ආරම්භ කරනවා.
ඒ වගේම අප ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය ඉදිරිපත් කර තිබෙනවා. කොමිෂන් සභා ඇති කර තිබෙන අතර පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ගණනාවක් ආරම්භ කර තිබෙනවා. ඒවායේ වැඩකටයුතු ක්‍රියාත්මක වන අතර වාර්තා කිහිපයක් මට ලබා දී තිබෙනවා. ඒ අනුව විධායකයේ වැඩකටයුතුවලට පාර්ලිමේන්තුවේ සහාය හිමි වෙනවා.
එසේම දුෂණ විරෝධි පනත සම්මත කරගෙන තිබෙන අතර මතුව තිබෙන ප්‍රශ්න විසදා ගනිමින් ව්‍යවස්ථා දායක සභාවෙන් එම කණ්ඩායම් පත් කරන තෙක් මම බලා සිටිනවා.
ඒ වගේම අපි ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ පරිදි “රජයේ පාලන විශ්ලේෂණය” ක්‍රියාත්මක කිරීමට අපට ලබා දී තිබෙනවා. එය සිංහල සහ දෙමළ භාෂාවෙන් ලැබුණු පසු එය රජය විසින් පිළිගෙන ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට භාර දෙනවා. එය ක්‍රියාත්මක වෙනවද කියා සොයා බැලීමට පාර්ලිමේන්තුවේ තව අධීක්ෂණ කමිටුවක් පත් කිරීමද අපේක්ෂාවයි. දුෂණය පිළිබඳ සෙවීමට මෙන්ම එය වැළැක්වීමට මේ තුළින් අප බලාපොරොත්තුවන බව කිවයුතුයි.
එමෙන්ම එක්සත් රාජධානිය සිදු කළ අන්දමින් පාර්ලිමේන්තු ප්‍රමිතින් පිළිබඳ කෙටුමපත ඉදිරිපත් කිරීමට සූදානම් කර තිබෙනවා.
රටේ දේශපාලන ක්‍රමයේ වෙනසක් අවශ්‍ය බව පැවසුවා. ඒ වෙනස ඇති කිරීම වෙනුවෙන් අප මේ වන විට කරුණු දෙකක් ඉටු කර තිබෙනවා. රටේ පවතින දේශපාලන ක්‍රමය දෙස අවධානය යොමු කර එය ඉදිරියට ක්‍රියාත්මක කරනවාද, නැත්නම් සංශෝධන අවශ්‍යද කියා සොයා බැලීමට මම කොමිෂමක් පත් කර තිබෙනවා. දේශපාලන පක්ෂ නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ නැතිනම් ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. ඒ නිසා දේශපාලන පක්ෂ පාලනය කරන්නේ කෙසේද හා මැතිවරණ නීති සහ මැතිවරණ වියදම් පාලනය කරන්නේ කෙසේද කියා සොයා බැලීම එමගින් සිදු කරනවා.
ඒ සමගම ජන සභා ක්‍රමය ඇති කිරීමට මම බලාපෙරොත්තු වෙනවා. එක වසරක් තුළ ක්ෂේත්‍ර කිහිපයක මෙම වෙනස්කම් සිදු කර තිබෙනවා. මෙවර අය වැය ඉදිරිපත් කර තිබෙන්නේ එම පසුබිම තුළ බව කිවයුතුයි.

ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා

ශ්‍රි ලංකා ආර්ථිකයේ ගැඹුරුම දත්ත අපි ළඟ නැහැ. අපි ළඟ තිබෙන්නේ 2022 රටේ ආර්ථික අවපාතය පිළිබඳ දත්තයි. ගිය වසරේ රටේ ආර්ථිකය සියයට 7.3 කින් හැකිලුණා. මේ වසරේදීත් ආර්ථිකය සියයට 2% කින් පමණ හැකිලී තිබෙනවා. නමුත් 2024 වසරේදී ආර්ථිකය ධන වර්ධනයක් සිදුවේ යැයි ජාත්‍යන්තර මූල්‍ය ආයතන පවා පුරෝකථනය කර තිබෙනවා. ලබන වසරේදී 1.8% ධන වර්ධනයක් ලැබෙනු ඇතැයි මේ වන විට අපේක්ෂා කරනවා. ඇතැම් විට එම ප්‍රමාණය මීටත් වඩා වැඩිවිය හැකියි.ආර්ථික අවපාතයෙන් අප ප්‍රතිසාධන මට්ටමක් කරා ඉහලට පැමිණ තිබෙනවා. එය දැනට තිබෙන සංඛ්‍යාලේඛන මගින් ද තහවුරු වෙනවා.
2022 අප්‍රේල් මාසය වන විට අපේ රටේ තිබු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 24ක් වෙනවා. දැන් එම ප්‍රමාණය ඩොලර් බිලියන 3.5 දක්වා වර්ධනය කර ගැනීමට වත්මන් ආණ්ඩුව සමත්ව තිබෙනවා. ලබන වසරේදී ප්‍රාථමික ගිණුමේ ශේෂය ධන අගයක් ගනු ඇතැයි අපේක්ෂා කරනවා. ණය ගෙවීම පිළිබඳ කතා කරන විට ප්‍රාථමික ගිණුමේ ශේෂය ඉතාමත්ම වැදගත්. වාහන ආනයන සීමාවන් හැර දැනට වෙනත් ආනයන සීමාවන් කිසිවක් නැහැ. ඒ වගේම විදේශ විනිමය සීමාවකුත් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග 2023 එළැඹි එකඟතාවයට අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කර අවසන්. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මේ වන විට සාකච්ඡා කරමින් පවතිනවා. මේ දක්වා සිදු වූ සියලු සාකච්ඡා සාර්ථක වී තිබෙනවා.
පසුගිය වසර දෙක පුරාවට ද්විපාර්ශ්වික ණය සහ ස්වෛරී බැඳුම්කර ණය රජය විසින් ගෙවනු ලැබුවේ නැහැ. විදේශ ණය සහ බහුපාර්ශ්වීය ආයතන මගින් ගත් ණය දිගින් දිගටම ගෙවීම් සිදු කරමින් පැමිණියා. නොගෙවූ ණය ප්‍රමාණය එකතු වීමක් සිදුව තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟාවයට පැමිණීමෙන් පසුව එම ණය ප්‍රමාණයත් ගෙවා දැමිය හැකියි.
ලබන වසරේදී ඇස්තමේන්තුගත රාජ්‍ය ආදායම රුපියල් බිලියන 4127ක්. වියදම රුපියල් බිලියන 6978ක් වෙනවා. අයවැය හිඟය 8% ක ප්‍රමාණයකින් පහළ මට්ටමක පවතිනවා. ජනාධිපතිතුමා අයවැයේ දී පැවසූ ආකාරයටම මුදල් අච්චු ගැසීමේ හැකියාවක් මේ වන විට නැහැ. රජයේ ප්‍රාථමික සුරැකුම් වෙළදපළට මහ බැංකුවට ඇතුළුවීමේ හැකියාවක් ද නැහැ. ඒ වගේම රාජ්‍ය බැංකුවලට ණය දීමේදී සීමාවන් පනවා තිබෙනවා.
මින් ඉදිරියට රජයේ වියදම් කළමණාකරණය කිරීමට සිදුවන්නේ රජය උපයන ආදායම් වලින් බව කිවයුතුයි. පාර්ලිමේන්තු පනතක් මගින් ණය ගැනීමේ සීමාවන් සඳහන් කර තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන්ට අනුව ණය ගැනීම් සීමා වෙලා තිබෙනවා. එම නිසා අනාගතයේදී අප මුදල් වියදම් කිරීමේදී ඒ සඳහා අවශ්‍ය මුදල් උපයා ගත යුතුයි. ඒ සඳහා අවශ්‍ය වන යෝජනා රාශියක් මෙම අයවැයේ ඉදිරිපත් කර තිබෙනවා
මේ අප ගමන් කරමින් සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වසර 4ක වැඩපිළිවෙලක් ඔස්සේයි. එකතු වූ ආදායම් සහ වියදම් රටාවක් පවතින බැවින් එම රටාවෙන් පරිබාහිරව විශාල ක්‍රමවේදයක් අනුගමනය කිරීමට ඉක්මනින් හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ බැඳීමත් සමග ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යනවා. විදේශ ණය හිමියන් ද එම කටයුත්තට එකඟතාවය පළකර තිබෙනවා.

එම වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරගෙන යාමට නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවයන් දිගටම ක්‍රියාත්මක කළ යුතු වෙනවා. මෙය සාමාන්‍ය කලෙක සිදුවු වැඩසටහනක් නොවෙයි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟතාවයන්ට පැමිණියේ ආර්ථිකය කඩා වැටුණු පසුවයි . එම නිසා එම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළින් බැහැරව කටයුතු කිරීමට රජයට හැකියාවක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වනවා වගේම එය රජය විසින් ම යෝජනා කළ වැඩසටහනක් වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩසටහන මඟින් සිදුවන්නේ ආර්ථිකය ස්ථායිකරණයයි. පසුගිය මාස 16ක කාලය තුළ එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර සාධනීය ප්‍රතිඵල ලබා ගෙන තිබෙනවා.
ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා යෝජනා 85ක් මෙම අයවැය තුළ හඳුන්වා දී තිබෙනවා. එයින් ආර්ථිකය වේගවත් කිරීමට බලාපොරොත්තු වෙනවා. නව ආර්ථිකයට ගැළපෙන ආකාරයට නව නීති සකස් කිරීමට ද මෙහිදී යෝජනා කර තිබෙනවා. නිෂ්පාදන වෙළඳ පොළේ තිබෙන අඩුපාඩු සඳහා නව යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. ඒ වගේම ශ්‍රම වෙළෙඳපොළ ශක්තිමත් කිරීමටත් අයවැය මගින් අවධානය යොමු කර තිබෙනවා. ප්‍රාග්ධන වෙළඳපළ සහ ඉඩම් පිළිබඳව යෝජනා රාශියක් මෙවර අය වැයේ ඇතුළත් වෙනවා.
ජනාධිපතිතුමා සඳහන් කළ ආකාරයට දීර්ඝකාලයක් පුරා නිරවුල් නොවූ ඉඩම්වල හිමිකම ජනතාවට ලබාදීමටත් පියවර ගෙන තිබෙනවා.අඩු ආදායම්ලාභී නාගරික නිවාස හිමියන්ටත් හිමිකම් ඔප්පු ලබා දීමට යෝජනා කර තිබෙනවා. මින් පසු ඒ අයට කුලී ගෙවන්න සිදු වෙන්නේ නැහැ. අප ඒ පිළිබඳ සංගණනයක් සිදුකරමින් තිබෙනවා. එම යෝජනා දෙකේ මූල්‍ය වටිනාකම රුපියල් ට්‍රිලියන දෙකක් පමණ වෙනවා. එම දේපළ රටේ වෙළඳපළට එකතු වෙනවා. දැනට ඇස්තමේන්තු කර තිබෙන ආකාරයට බලපත්‍රලාභීන් ලක්ෂ විස්සක් පමණ සිටිනවා. ඊට වැඩි වෙන්නත් පුළුවන්.
මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා ලබා දුන් පිළිතුර පහත දැක් වේ.
ප්‍රශ්නය
ක්‍රිකට් සංවර්ධනයට බිලියන 1.4ක් මෙවර අයවැයෙන් වෙන් කළත් මේ වන විට තහනම් කර තිබෙනවා. ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට ඔබතුමාට වැඩපිළිවෙළක් තිබෙනවාද?

පිළිතුර
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීම කැබිනට් මණ්ඩලය විසින් ක්‍රිකට් සම්බන්ධව පත් කළ කැබිනට් අනු කමිටුව වෙත පවරා තිබෙනවා. කෙසේ හෝ අපට අහිමි වූ තරඟ නැවත ලබා ගැනීමට උත්සාහ කරනවා. මෙවර අය වැයේ දී ක්‍රිකට් සඳහා බිලියන 1.4ක් ලබා දුන්නේ පාසල් සිසුන්ගේ කුසලතා දියුණු කිරීමටයි. බස්නාහිර පළාතේ නම් එවැනි ප්‍රශ්නයක් නැහැ. අනෙක් පළාත්වල ක්‍රිකට් දියුණු කළයුතුයි. 2030 වන තෙක් මේ අයුරින් මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වන විට අපට ලෝකයේ පළමු තැනට පැමිණීමට හැකි වේවි.
1996 දී අප ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ගාමිණි දිසානායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ නිසයි. එවකට මා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළා. ගාෆිල්ඩ් සෝබස් මහතා ලංකාවට පැමිණ අපට උදව් කළා. මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් වුණානම් ක්‍රිකට් ක්‍රීඩාවත් ගොඩගත හැකියි.

ප්‍රශ්නය
ජාත්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණය නොවැම්බර් – දෙසැම්බර් වන විට අවසන් කරයි කියා විශ්වාසය පළ වුවත් එය තවමත් සිදු වී නැහැ. ඒ සඳහා තව කොපමණ කාලයක් ගතවෙයිද?
පිළිතුර
තවම නොවැම්බර් මාසය අවසන් වී නැහැ. අප ණය හිමි රටවල් සමග සාකච්ඡා කර තිබෙනවා. ඒ සෑම රටක්ම සාර්ථක යෝජනා ඉදිරිපත් කර තිබෙනවා. අප ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟද සාකච්ඡා කළයුතුයි. නමුත් අපට ඔවුන්ව නැවත මුණ ගැසෙන්නේ දෙසැම්බර් 06 වනදායි. ඒ නිසා දෙසැම්බර් මාසය අවසන් වන තෙක් බලමු. මෙම අදියර සාර්ථක කරගෙන ඊළඟ අදියරට යා හැකියි. මේ වන විටත් වෙස්ටන් මිලන්, අදානි වැනි ආයෝජකයන් පැමිණ ආයෝජන ආරම්භ කර තිබෙනවා. අසාර්ථක වන රටක් නම් ඒ ආකාරයට ආයෝජකයන් පැමිණෙන්නේ නැහැ.
ප්‍රශ්නය
ඔබතුමා ඉදිරිපත් කළ අයවැය සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රතිචාර දක්වා තිබෙනවාද ?ඇතැම් පාර්ශ්ව සඳහන් කරන ආකාරයට අයවැය තුළ සම්පූර්ණයෙන් තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා ?
පිළිතුර
නැහැ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පාර්ශ්වයෙන් මට ප්‍රතිචාරයක් ලැබී නැහැ. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර අත්සන් තැබූ ගිවිසුමට අනුව අප කටයුතු කර තිබෙනවා.

ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය

SendShareShare
Previous Post

ඩයනා ගැන අභියාචනාධිකරණය දුන් බෙදුණු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක්! I Sri Lanka Latest News

Next Post

ජනාධිපති සිනමා සම්මාන උළෙලේදී වේදිකාවෙන් බැස නන්දා මාලිනිය ළඟටම සම්මානය අරන් ගිය ජනපති අත්පුඩි ගසමින් ‘දොයි දොයි දොයි දොයිය බබා..’ කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වත්මන් ආණ්ඩුව විසින්ද පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා තබා තිබූ සටහනක් මෙසේය.Sri Lanka Latest...

Read more
පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.