අපේ රට වැටී නැති බවත්, වැටී ඇත්තේ ආණ්ඩුවත් බව ශ්‍රි පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ. (Sri Lanka Latest News)
ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බැව් කියා සිටියේ 2023-2024 ශ්‍රි පාද වන්දනා වාරය ආරම්භ කිරිම සම්බන්ධයෙන් වන්දනාකරුවන්ට පොදු පහසුකම් ලබාදිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා පසුගිය දා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති සාකච්ඡාවේදිය.
මෙම සාකච්ඡාවේදි වැඩිදුරටත් අදහස් දැක් වු ශ්‍රි පාදස්ථානාධිපති හිමියෝ මෙසේ ද කීහ.
“ අපේ රට දුප්පත් රටක් නෙවෙයි, සම්පත්වලින් බහුල රටක් , දුප්පත් රටක් නම් රට වැසියන්ගෙන් මෙතරම් බදු මුදලක් අය කරන්නේ ඇයි ?”
“රටක් පවත්වාගෙන යන්න බදු මුදල් අවශ්‍යයි , රටේ ජනතාවත් පොහොසත් කරලා රටත් පොහොසත් වෙන්න ඕනි. රටේ පවතින්නේ පරිපාලන ගැටළුවක්. ඒ මිස අපේ රට වැටිලා නෑ.,
“ශ්‍රි පාදස්ථානයට පිවිසෙන මාර්ගය අයිති මේ රටේ ජනතාවට. ශ්‍රි පාද වන්දනාවේ සෑම ජාතියකටම අයත් වන්දනාකරුවන් පැමිණෙනවා , ඒ අයටයි ශ්‍රි පාද මාර්ගය අයිති, එම මාර්ගය යුධ හමුදා සහ නාවික හමුදාව සමග එක්වෙලා විශාල මුදලක් වැය කරලා මමයි සංවර්ධනය කලේ.”
“එම මාර්ගයේ අවාරයේ ගමන් කරන අයගෙන් මුදල් අය කරන්න වනජිවියට අයිතියක් නැ. ශ්‍රි පාද මාර්ගයෙන් පිට රක්ෂිතයට ඇතුළුවන අයගෙන් මුදල් අය කලාට කමක් නැ, අපේ රටේ ඕන තරම් ගැසට් ගහලා තියෙනවා, ඒවා ආපසු හරවපු අවස්තා ඕන තරම් තියෙනවා.”
“ඒ අනුව වනජිවියට කියන්නේ ඔය ගහපු ගැසට් එකත් ආපහු හරවන්න කියලා” යනුවෙන් උන්වහන්සේ පැවැසූහ.
lankasara










