බලංගොඩ ගවරන්හේන වැයින්තැන්න ප්‍රදේශයේ ඊයේ (12) රාත්‍රියේ නිවාස හතරක් නාය යාමකට හසුවී ඇති අතර, ඉන් එක නිවාසයක් සම්පූර්ණයෙන්ම පස්වලින් යටවී ඇතැයි බලංගොඩ පොලිසිය පවසයි. (Sri Lanka Latest News)
සම්පූර්ණයෙන්ම යටවූ නිවාසයේ සිටි මව, පියා සහ දියණියන් දෙදෙනකු මේ වන විට සොයාගත නොහැකිව අතුරුදන්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
නාය යාමෙන් අර්ධ හානියට පත්වී ඇති නිවාස දෙකෙහි සාමාජිකයන් නව දෙනකු ඒ ආසන්නයේ පිහිටි වාඩියක ආරක්ෂිතව සිටින බවත් එක් අයකු රෝහල් ගත කළ බවත් තවත් වයොවෘද්ධ පුද්ගලයකු නායට යටවී සිටියදී ප්‍රදේශ වාසීනට මුදවා ගැනීමට හැකිවූ බවද පොලිසිය පවසයි.
රාත්‍රි කාලය නිසා දැඩි අවධානමක් සහිත වීමත් හේතුවෙන් අතුරුදන් පුද්ගලයන් සොයා ගැනීම දුෂ්කර වී ඇති බවත්
යම් හෙයකින් අතුරුදන් බව කියන අය ආරක්ෂිතව සිටිනවාදැයි සැකයක් පවතින බව පොලිසිය සදහන් කරයි.










