ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සදාතනික විශිෂ්ටයින්ට පිරිනමන ICC හෝල් ඔෆ් ෆේම් ගරු ඇගයීමට ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම පිතිකරුවා ලෙස සැලකෙන අරවින්ද ද සිල්වා නම්කර තිබෙනවා. නොවැම්බර් 14 වනදා ඉන්දියාවේ මුම්බායි හිදී අරවින්ද ද සිල්වාට හෝල් ඔෆ් ෆේම් ගරු නාමකරණය ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ.Sri Lanka Latest News
ඒ, අනුව අරවින්ද ද සිල්වා අයි.සී.සීය මඟින් පිරිනමන මෙම ගරු නාමකරණයෙන් පිදුම් ලැබූ සිව්වන ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත් වෙනවා. මීට පෙර මුත්තයියා මුරලිදරන්, කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙම ගරු නාමකරණයෙන් පිදුම් ලැබුවා. අරවින්ද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදී වසර විස්සකට පසු අයි.සී.සී හෝල් ඔෆ් ෆේම් විශිෂ්ටයෙකු ලෙස නම්කර තිබීම විශේෂත්වයක්.










