මගී ප්‍රවාහන බස් රථවල CCTV කැමරා සවිකිරීම අනිවාර්ය කිරීමට පාර්ලිමේන්තු කාරක සභාව තීරණය කර තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇත. (Sri Lanka Latest News)
මගී බස් රථ සඳහා මාර්ග බලපත්‍ර නිකුත් කිරීමේදී GPS තාක්ෂණය තිබීම අනිවාර්ය කරන ලෙස ද කමිටු සභාපති නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
මගී ප්‍රවාහන බස්රථවල සීසීටීවී කැමරා සවිකිරීමේ අවශ්‍යතාව මෙම රැස්වීමට පැමිණ සිටි පොලිස් නිලධාරීන් අවධාරණය කළ අතර ඒ අනුව බස් රථවල සීසීටීවී කැමරා සවි කිරීමට පියවර ගන්නා ලෙස කමිටු සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
QR කේතයක් භාවිත කරමින් සියලුම අධිවේගී මාර්ගවල ගාස්තු ගෙවීමේ කාර්යක්ෂම ක්‍රමවේදයක් ආරම්භ කරන ලෙසද සභාපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
gossiplankanews










