• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ලෝකයේ රජ ‌ගෙවල්වලටත් ‌‌කොරෝනා රිංගූ හැටි

March 22, 2020
in News, Politics
Reading Time: 9 mins read
A A
ලෝකයේ රජ ‌ගෙවල්වලටත් ‌‌කොරෝනා රිංගූ හැටි

CLEVELAND, OH - JULY 20: Republican presidential candidate Donald Trump and Ivanka Trump attend the third day of the Republican National Convention on July 20, 2016 at the Quicken Loans Arena in Cleveland, Ohio. Republican presidential candidate Donald Trump received the number of votes needed to secure the party's nomination. An estimated 50,000 people are expected in Cleveland, including hundreds of protesters and members of the media. The four-day Republican National Convention kicked off on July 18. (Photo by Joe Raedle/Getty Images)

Share on WhatsAppShare on Facebook

‘ලෝකයේම මහා මිනිසා’ තමන්ගේ රාජකාරි කාර්යාලයේ අසුන්ගෙන සිටියේ විරාජමාන ආකාරයෙනි. ඔහුගේ දෙපස නිලදරුවන්ද දෙතුන් දෙනෙකි. නිල ලිපිගොනු කිහිපයකට අත්සන් තැබීමට ඔහු ලක ලැහැස්ති වූවා පමණකි. මහා මිනිසාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහු අසලට මහත් කලබලයකින් මෙන් දිව ආවේය. ඔහුගෙන් දෙබස් පෙළක් ගලා එන්නට විය.
‘සර්, ඔබතුමාට කියන්න විශේෂ දෙයක් තිබෙනවා. අර ඊයේ ඔබතුමා හමුවෙලා ගිය බ්‍රසීලයේ රාජ්‍ය නියෝජිතයන් දෙදෙනාට කොරෝනා වෛරස් රෝගය වැලඳිලා කියලා එම රටෙන් දැනගන්නට ලැබුණා.’
‘එහෙමද, ඊයේ නම් ඒ අයගෙන් රෝගී තත්ත්වයක් පෙනුණේ නැහැ. කමක් නැහැ අපි පරෙස්සම් වෙලා බලමු.’ මහා මිනිසා සැහැල්ලුවෙන් කියන්නට විය. එහෙත් ඔහුගේ නළල ඔහුටත් හොරෙන් රැලි ගැසෙන හැඩක් ලේකම්වරයාට පෙනෙන්නට විය.
‘අපි සර් ඔබතුමාගේ වෛiවරයාට මේ ගැන ඉක්මනින් කියමු. එතකොට ආරක්‍ෂාවට හොඳයි’ ලේකම් තැන කියන්නට විය. මේ අපූරු වගතුගේ ‘මහා මිනිසා’ කවුද? ඔහු අප කවුරුත් හඳුනන ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. මෙයට දින කිහිපයකට ඉහතදී ඔහුට මෙම තිගැස්සෙන සිදුවීමට මුහුණ දෙන්නට විය. බ්‍රසීලයේ ජනාධිපති ජායි බොල්සනාරෝගේ විශේෂ නියෝජිතයන් දෙදෙනකු ලෙස, ඔහුගේ සන්නිවේදන ලේකම් ෆැබියෝ වජ්ගාටන් සහ බ්‍රසීල ජනාධිපතිගේ කාර්ය භාර නිලධාරී නෙස්ටර් ෆොස්ටර් යන උසස් රාජ්‍ය නිලධාරීන් දෙදෙනා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දින දෙකක් රාජ්‍ය සාකච්ඡාවලට සහභාගි විය. ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ ෆ්ලොරිඩා නගරයේ පිහිටා ඇති සුපිරි නිවාඩු නිකේතනයක් වන මාර්-ඒ-ලාගෝ හි මෙම සාකච්ඡා සහ සුහද හමු පැවැත්විණි. මෙම බ්‍රසීල නිලධාරීන් දෙදෙනාට කොරෝනා රෝගය වැලඳී ඇතැයි ඔවුන් එරටට ගිය පසු දැනගන්නට ලැබිණි.
කෙසේ හෝ මෙම අවිනිශ්චිත තත්ත්වය හමුවේ ඩොනල්ඞ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ වෛiවරයා වූ ශෝන් කොන්ලේ විසින් වහා ට්‍රම්ප් වෛi පරීක්‍ෂණයකට භාජනය කළේය. දෙවියන් ට්‍රම්ප් ජනාධිපතිවරයා දෙස බැලුම් හෙළා ඇත. ඔහුට කොරෝනා නොහොත් ‘කොවිඞ්-19’ රෝගය වැලඳී නැතැයි නිගමනය කෙරිණි. ලෝකයේ මහ බලවතා අනූනවයෙන් බේරුණේය.
යුද්ධයකින් හෝ යම් හදිසි අනතුරකින් හෝ ජීවිතය බේරාගෙන සිටීමට යම් බලවතකුට හැකියාවක් ඇත. එහෙත් රෝගයකින් වැළකීමේ හැකියාව එවැන්නකුට ඇත්තේ අල්ප වශයෙනි. කුමන ජගතකු වුවද රෝගාබාධවලට මුහුණ දීමට ලකලැහැස්තිව සිටිය යුතුය. මේ එවැනි කතාන්දර කිහිපයකි.

Sen. Ted Cruz and Sen. Julia Brownley – – ඇමෙරිකාවේ සෙනෙට් මන්ත්‍රීවරුන් වන ටෙඞ් කෲස් සහ ජූලියා බ්‍රවුන්ලේ යන දෙදෙනාටද කොරෝනා රෝගය වැලඳී ඇත. මොවුන්ගෙන් මන්ත්‍රිවරයා යම් රාජකාරී සමුළුවකට සහභාගි වීමට ගොස් සිටියදී රෝගාතුරවී ඇති අතර, මන්ත්‍රිවරිය යම් හඳුනා නොගත් පුද්ගලයකු සමඟ වොෂින්ටන් නුවරදී හමුවීමක් සිදුකරගෙන ඇත. ඇය රෝගිවී ඇත්තේ ඉන් පසුවය.
මේ අතර, ඇමෙරිකාවේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයටද කොරෝනා රිංගාගෙන ඇත. එනම් පසුගියදා එක්සත් ජාතීන්ගේ සමුළුවක් පැවැත්වෙන විටදී පිලිපීනය නියෝජනය කරන ලද නියෝජිත කණ්ඩායමේ එක් කාන්තාවකට කොරෝනා රෝගය වැලඳී තිබී ඇති අතර, ඇය එම රෝගී තත්ත්වය මතම සමුළු වාරවලට සහභාගිවී ඇත. මේ හෙයින් එම රැස්වීම් පැවැත්වූ ගොඩනැඟිලි විෂබීජහරණයට ලක්කර, ඉතිරි සාමාජික පිරිස් නිරෝධායනයටද ලක්කර ඇත.

Ivanka Trumph
(ඉවන්කා ට්‍රම්ප්)

ඇය ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ පළමු කසාදයේ දියණියයි. ඉවන්කා ට්‍රම්ප්ට කොරෝනා රෝගය වැලඳී ඇති බවට තහවුරු විය. 38 වැනි වියෙහි පසුවන ඇය ඉතාමත් රූමත් කාන්තාවක් වන අතර, වත්මන් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාව වශයෙන් ඇය කටයුතු කරන්නීය. කොරෝනා ආසාදිතයකු වූ ඕස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු ඇමැති පීටර් ඩුටොන් හමුවී සාකච්ඡාවක් පැවැත්වීම නිසා ඉවන්කා ට්‍රම්ප් රෝගී තත්ත්වයට පත්වූවාය. පසුගිය මාර්තු 13 වැනිදා රෝගී තත්ත්වයට පත්වූ ඇය තම නිවෙසේ සිටම නිරෝධායන සහ ප්‍රතිකාර කටයුතුවලට සහභාගි වෙයි.

නඩීන් ඩොරිස් යනු එංගලන්තයේ වත්මන් සෞඛ්‍ය ඇමැතිනිය වන අතර, ඇයද කොවිඞ්-19 ආසාදිතයකු ලෙස හඳුනාගෙන ඇත. සෞඛ්‍ය ඇමැතිනිය එංගලන්තයේ අගමැති බොරිස් ජොන්සන් සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් පැය කිහිපයකට පසුව ඇය ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව වහාම අගමැතිවරයාත්, ඔහුගේ පෙම්වතිය වන කැරී සිමොන්ස්ද වෛi පරීක්‍ෂණයකට ලක්කර ඇත. එහෙත් එහිදී එම දෙදෙනාටම රෝගය වැලඳී නොමැති බවට නිගමනය විය. මෙම තත්ත්වය යටතේ බි්‍රතාන්‍ය (එංගලන්ත) පාර්ලිමේන්තුවේ කටයුතු පවා දින කිහිපයකට අඩපණ විය. එංගලන්තයද කොරෝනා ආසාදිතයන් රැසක් සිටින රටක් වන අතර, මරණද වාර්තා වී ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ බි්‍රතාන්‍ය සෞඛ්‍ය ඇමැතිනියටත් කොරෝනා වැලඳීම ගැන කුමන කතාද?

Peter Dutton යනු වත්මන් ඕස්ටේ්‍රලියානු ස්වදේශ කටයුතු ඇමැතිවරයාය. ඇමෙරිකාවේ පැවැති අධිකරණ දෙපාර්තමේන්තු සාකච්ඡාවකට සහභාගි වී පැමිණීමෙන් පසුව කොරෝනා වෛරසය ශරීරගතවී තිබිණි. මාර්තු 05 වැනිදා පැවැති එම රැස්වීමෙන් පසුව ඔහු රෝගී තත්ත්වයට පත්වූයේ මාර්තු 13 වැනිදාය. එදින උදෑසන නින්දෙන් නැඟිටින විටදී ඔහුට අධික උණ සහ උගුරේ වේදනාවක් ඇති විය. ඉහත සඳහන් කළ ඉවන්කා ට්‍රම්ප් ආසාදිත තත්ත්වයට පත්වූයේ මෙම ඇමැතිවරයා සමඟ නිල සාකච්ඡාවලට සහභාගි වීමෙන් පසුවය.

ජායි බොල්සොනාරෝ යනු වත්මන් බ්‍රසීල ජනාධිපතිවරයාය. ඔහුගේ කාර්ය මණ්ඩලයේ සිටින ප්‍රධානතම රාජ්‍ය නිලධාරීන් තිදෙනකුටම කොරෝනා වෛරසය වැලඳීම හේතුවෙන් ජනාධිපතිවරයාද වහාම වෛi පරීක්‍ෂණයකට ලක්කරන ලදී. එහෙත් ඔහුට රෝගය වැලඳී නැති බවට හෙළි විය.

පෙඞ්රෝ සැන්චෙස් යනු ස්පාඤ්ඤයේ අගමැතිවරයාය. ඔහුගේ බිරිය වන බෙගොනා ගෝමස්ටද කොවිඞ්-19 රෝගය වැලඳී ඇත. මෙම තත්ත්වය යටතේ අගමැතිවරයාද වෛi පරීක්‍ෂණයකට ලක්කර ඇත. එහෙත් එහිදී හෙළිවී ඇත්තේ ඔහුට රෝගය වැලඳී නොමැති බැව්ය. යුරෝපයේ රටවල් අතරින් ඉතාලියට පසුව ඉතා ප්‍රබල ලෙස කොරෝනා රෝගය ඇති රට වන්නේ ස්පාඤ්ඤයයි. මෙහි කොරෝනා ආසාදිතයන් 7,000කට අධික පිරිසක් සිටිති. ස්පාඤ්ඤ අගමැති පෙඞ්රෝ සැන්චෙස් කොරෝනා රෝගය මැඬීමට විශේෂ වැඩ පිළිවෙළක් සකස් කර එය ප්‍රකාශයට පත්කර පැය කිහිපයකින් ආරංචි වූයේ තම බිරියටත් කොරෝනා රෝගය වැලඳී ඇති බැව්ය. මෙම අගමැති බිරියද නිවෙසේ සිටම නිරෝධායන සහ ප්‍රතිකාර කටයුතුවලට සහභාගි වන්නීය. කැනඩා අගමැති යුවළ මෙන්ම මෙම ස්පාඤ්ඤ අගමැති යුවළද, මෙම දින කිහිපය තුළදී ශාරීරික වශයෙන් සමීපතාවක් දක්වා නොතිබීම නිසා අගමැති සැමියන්ට කොරෝනා වැලඳුණේ නැතැයි ප්‍රකාශ වෙයි. එසේම ස්පාඤ්ඤ කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරුන් දෙදෙනකුටත් කොරෝනා රෝගය වැලඳී ඇත.

අයටොල්ලා අලි කමෙයිනි යනු ඉරානයේ උත්තරීතර නායකයා වෙයි. මේ වන විට ඉරානය තුළ ඉතා ප්‍රබල ලෙස කොරෝනා රෝගය ව්‍යාප්තව ඇති අතර, ඉරාන කැබිනට් මණ්ඩලයේ ප්‍රධාන ඇමැතිවරුන් කිහිප දෙනකුට සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිප දෙනකුටම කොරෝනා වැලඳී ඇත. මේ අතර, නවතම වාර්තාවලින් කියැවෙන්නේ ඉරාන උප ජනාධිපතිවරයකුටද රෝගය වැලඳී ඇති බැව්ය. මේ අනුව ඉරාන පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ගෙන් 10%ක ප්‍රමාණයකට කොරෝනා රෝගය වැලඳී ඇති අතර, මින් කිහිප දෙනකු මේ වන විට මියගොස් ඇති බැව්ද ප්‍රකාශ වෙයි. එහෙත් එම තොරතුරු සත්‍ය ලෙස මාධ්‍ය මඟින් ප්‍රකාශ කිරීමට ඉරාන රජය වැළකී සිටිති. මෙවැනි තත්ත්වයක් යටතේ ඉරානයේ උත්තරීතර නායක අයටොල්ලා අලි කමෙයිනි සහ ඉරාන ජනාධිපති හසන් රොහානි ද වෛi පරීක්‍ෂණයන්ට ලක්කිරීමට කටයුතු යොදා ඇත. ඉරාන උත්තරීතර නායකයා ප්‍රකාශ කර ඇත්තේ, කොරෝනා රෝගය ජීව විiාත්මක අවියක් බවත්, එයින් ඉස්ලාමික රටවල්වලද විනාශය සිදුකරන බවත්ය.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

‌‌ගෝඨාභය භාෂා තුනෙන්ම විශේෂ පණිවුඩයක් තියයි

Next Post

ඇඳිරි නීතිය අස්සේ ‌කොරෝනා මැද්දේ මව්රට ගිය ගමන

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ච්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (24) පියවර ගෙන තිබේ.Sri Lanka Latest...

Read more
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.