මෙතෙක් ශ්‍රී ලංකාවෙන් හමුවී ඇති අතිශය දුර්ලභ හා විශාලතම ශිලා ලේඛනය පොළොන්නරුව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳුවැටියෙන් හමු වී ඇති බව පොළොන්නරුව පුරාවිද්‍යා කාර්යාලය සඳහන් පවසයි. (Sri Lanka Latest News)
මෙම ශිලා ලේඛනය දිගින් අඩි 45ක් සහ උසින් අඩි 18ක් පමණ වන බව වාර්තා වේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ ශිලා ලේඛන අංශයේ නිලධාරීන් සහ පොළොන්නරුව පුරාවිද්‍යා ගවේෂණ කණ්ඩායම් විසින් මෙම අතිශය දුර්ලභ ශිලා ලේඛනය සොයාගැනීමට සමත්ව තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මෙම ශිලා ලේඛනය පිටපත් කිරීම සඳහා මසකට අධික කාලයක් ගත වන බවය.
divaina










