• About us
  • Contact us
Monday, July 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

November 9, 2023
in Exclusive, Holiday, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාය විච්ඡේදනය වූවෝ සැත්කම්වලින් සුවවුවද මනස රෝගී වූවන් හට පෙති පානය කිරීමෙන් ලැබෙන සුවය ප්‍රමාණවත් නොවන බව නම් මගේ අත්දැකීමයි. දශක තුනකට අධික කාලයක් වන්නියේ ඇවිළීගිය වාර්ගික අර්බුදයේ ප්‍රතිඵලය වූයේ කය පමණක් නොව මනසද රෝගාතුර වූ ජන සමාජයක් බව වන්නියේ ගව්වක් නෑර සංචාරය කරන මා හට පසක් වී අවසන්ය.(Sri Lanka Latest News)

මෙවර යාල් ආගන්තුකයා හට ගමනාන්තයක් නොමැති වූයේ මේ සංචාරය මුලතිව් දිස්ත්‍රික්කය පුරාවට දේශසීමා ගවේෂණය මෙන්ම අපගේම ජනතාවකගේ කඳුළු කතාවන්හි අඳුරු පැතිකඩ නිරීක්ෂණය කරමින් පියවරෙන් පියවර මාන්කුලම්, පරන්තන්, ඔඩ්ඩුසුඩාන්, වට්ටාපලෙයි, මුලතිව්, වඩ්ඩුවාකල්, මුල්ලිවයික්කාල්, වලයන්මඩම්, පුදුමාතලන්, පුදුකුඩිඉරිප්පු හරහා නැවත යාපනය දක්වා සේන්දු වීමට සිදුවූ නිසාවෙනි. මෙය නම් හුදෙක්ම සංචාරක ඉසව්වන්හි ගවේෂණයට වඩා වාර්ගික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස ආබාධිත වූ ජන ප්‍රජාවන් හමුවීමේ හා ඔවුන්ට අවශ්‍ය සහය මෙන්ම අවශ්‍යතා හඳුනාගැනීමේ අධිෂ්ඨානය අභිමුඛව සිදුකරන ලද සංචාරයකි. මේ සංචාරයේ ගමන් නියමුවා වූයේ මගේ ගෞරවනීය ඇදුරුතුමා වූ යාපනය රෝහලේ විශේෂඥ වෛද්‍ය සිවතාස් සිවසුබ්‍රමනියම් නොහොත් සිවා සර්ය.

මගේ ශිෂ්‍ය ජීවිතයේ හමුවූ සිවතාස් සිවසුබ්‍රමනියම් නොහොත් සිවා සර් මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබද පුළුල් දැනුමක් මෙන්ම අත්දැකීම් සම්භාරයක හිමිකාරීත්වය දැරූ අපූරු මිනිසෙක්ය. ඔහු ඉගැන්වූයේ ඔහුගේ අත්දැකීම් මත පදනම්ව ගොඩනගාගත් අපූරු න්‍යාය වින්‍යාසයකටය. ඔහුගේ ශිෂ්‍යාවක් ලෙස මනෝ වෛද්‍ය විද්‍යාව (Psychiatry) සම්බන්ධයෙන් ගුරුහරුකම් ලැබීමත් මේ සංචාරයේදී ඔහුගේ මතක ආවර්ජනයන්ට කන්දෙමින් මේ ඉසව්වන් කරා ගමන් කිරීමට ලැබීම මම මහත් භාග්‍යයක් කොට සලකමි.

මන්ද වන්නි ප්‍රදේශවල දශක තුන හතරකට වැඩි කාලසීමාවක් යාපනය, මුලතිව්, කිලිනොච්චිය, වව්නියාව, මන්නාරම යන උතුරු පළාතටම තම සේවය සපයන ඔහු මගේ ශිෂ්‍ය ජීවිතයේ ගුරු තරුවක් ලෙස හැඳින්වීමට මා නොපසුබට නොවන්නේය. ඊට සාධාරණ හේතුව නම් යුද්ධය පසෙක ගොඩනැගුණු තවත් එක් මානුෂීය යුද්ධයක් වූයේ ඉන් අවතැන් වූ ජන සමූහයක ශාරීරික මෙන්ම මානසික ව්‍යාධී තත්ත්වයන්ගෙන් ඔවුන්ව මුදවා ගැනීමය. එවන් පසුබිමක් මගේ ගුරුතුමා වූ සිවා සර් යුද්ධයෙන් අවතැන් වූ ජනතාවගේ ප්‍රාණය රක්ෂා කිරීම වෙනුවෙන් තම දායකත්වය එදා මෙන්ම අදත් නොමඳව ලබාදීමට සිදුකරන අසීරු ව්‍යායාමය නිසාවෙනි.

නැගෙනහිර වෙරළේ සිට නැගෙන සූර්යයා දැකීමට නම් මුලතිව් නගරයට ඔබ්බෙන් වූ වෙරළ උද්‍යානය දිශාවට පැමිණිය යුතුය. නැගෙනහිර වෙරළේ වූ සුවිශේෂ විශේෂත්වය නම් බොහෝ සෙයින් පැතිරී පළල් වූ වෙරළක් දක්නට ලැබීමයි. නමුත් මේ දිනවල පවතින වර්ෂා සහිත කාලගුණය නිසාවෙන් මේඝ වර්ණ වලාවන් හමුවේ සූර්යයා නැගෙනහිර ආකාසයේ ගිලී ඇත්තේ මේ දකුණු ලකේ ආගන්තුකයා සමග අමනාප වී දැයි මා නොදන්නෙමි. වෙරළට සමාන්තරව දිවෙන මාර්ගයේ පසෙක ඇති කතෝලික පල්ලිය සුනාමියෙන් පසු ඉදිවූ බවත් මගේ ගුරුතුමා සුනාමියෙන් පසු මෙහි පැමිණ තම ස්වකීය සේවය සපයන කල සුනාමියෙන් දිවි අහිමිවූවන්ගේ නම් සමරු ඵලකවල ලියා නැවත ඉදිකිරීම සිදුකරන ලෙස තමා අදහස් දැක්වූ බව මට සැල කළේ නිරහංකාර වූ සතුටකිනි.

මහ මුහුදටත් නන්දිකඩාල් කළපුවටත් මැදිවූ අලංකාර බිම්තීරුවක පිහිටි මුලතිව් නගරය දක්වා සේන්දු වන අයකුට හමුවන එක් සංධිස්ථානයක් නම් වඩුක්කාවල් කෝස්වේ නොහොත් වඩුක්කාවල් දිය පැන්නුමයි. මෙය නන්දිකඩාල් කළපුව හරහා පුදුකුඩිඉරිප්පු හා මුලතිව් හාවෙන සේ ඉදිකරන ලද්දකි. වාර්ගික යුද්ධයේදී අවතැන් වූ බොහෝ සිවිල් ජනතාව පසු කළේ මේ කළපු ප්‍රදේශයයි. කෝවිල් හන්දිය පසුකරමින් පුදුමාතලන් හරහා ගමන් කරන මාර්ගය දෙපස ශේෂ වූ හිස් ඉඩම්වලවූ හිස් සුන්වී පත්‍ර වියළී ගිය තල් ගස්වල නිහැඬියාව කියාපාන්නේ මේ භූමියේ තම ප්‍රාණය වෙනුවෙන් ආයාචනා තේවා ගැයූ අයගේ අනාගත ප්‍රාර්ථනාවයි.

නන්දිකඩාල් වට්ටාපලෙයි කන්නකී අම්මාන් කෝවිලද එදා මෙන්ම අදත් වන්දනීය පූජනීයව හින්දු බැතිමතුන් වන්දනා නමස්කාර කරන සුවිශේෂ සංධිස්ථානයක්ය. මෙය මුලතිව් ප්‍රදේශයේ පිහිටි පත්තිනි මෑණියන් වෙනුවෙන් කැපවී ඇති විශාලතම කෝවිලයි. විශ්වාසය මත පදනම් වී දරුඵල ලැබීම වෙනුවෙන් හින්දු බැතිමතුන් බොහොමයක් බාරහාර සිදුකරන මෙම කෝවිලේ වාර්ෂික උත්සවය දින විසි එකක් පුරාවට උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි.

සංචාරකයකුගේ විලාශයෙන් ඔබ්බට යන කල මේ ඉසව්වේ ඇති ස්වේච්ඡා සංවිධාන පිළිබඳ යමක් සඳහන් කළ යුතු බව මගේ හැඟීමය. යාපනය අර්ධද්වීපයේ නිහඬ සේවකයන් බොහෝය. ඔවුන් ස්වේච්ඡා සේවකයෝය. කිසිදු රජයේ ගෙවීමකින් තොරව අනුන්ගේ සුවය වෙනුවෙන් තම සේවය කැපකරන්නේය. ඒ අතර මා සංචාරය කළ එක් ස්ථානයක් වූයේ යාපනය ශාන්ත ජෝෂප් විද්‍යාලයට පසෙකට වන්නට පිහිටි JJCDR නොහොත් Jaffna Jaipur Center for Disability Rehabilitation ස්වේච්ඡා ප්‍රජා සත්කාර මධ්‍යස්ථානයයි.

JJCDR යනු දශක දෙකකට වැඩි කාලයක් යාපනය අර්ධද්වීපයේ කෘත්‍රිම, විකලාංග උපකරණ සහ විකලාංග සේවා සපයන එකම මධ්‍යස්ථානයයි. එසේම මෙම මධ්‍යස්ථානය මගින් අප අතර සිටින ආබාධ සහිත පුද්ගලයන් සඳහා සංචලතා උපාංග, භෞත චිකිත්සක සේවා, ක්ෂුද්‍ර ණය සහ ශිෂ්‍ය අධ්‍යාපන ප්‍රදාන ලබා දේ. එහි මෙහෙවර වන්නේ අත් පා අහිමි / ශාරීරික ආබාධ සහිත පුද්ගලයන් වෙත ළඟාවීම සහ ඔවුන්ගේ ගෞරවය, අයිතිවාසිකම් සහ පිළිගැනීම් යළි ස්ථාපිත කිරීම සඳහා පූර්ණ පුනරුත්ථාපන වැඩසටහනක් හරහා ඔවුන් සවිබල ගැන්වීමයි.

JJCDR හි දැනට ගනුදෙනුකරුවන් 4,200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී ඇත. ඔවුන්ට අත් පා අහිමි වීම, පෝලියෝ, ක්ලබ්ෆුට්, ලාදුරු, මස්තිෂ්ක අංශභාගය, ආඝාතය, සංජානනීය ආබාධ වැනි විවිධ සංචලන ආබාධ ඇත. සේවාදායකයන්ගෙන් හතරෙන් තුනක්ම බිම් බෝම්බ/UXO වින්දිතයන් සහ යුද්ධයෙන් තුවාල ලැබූවන් වේ. මෙය යාපනය අර්ධද්වීපයේ වැසියන්ට පමණක් නොව ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත් වන අවශ්‍යතා සහිත තවත් එක් පුරවැසියකුගේ සේවය වෙනුවෙන් පෙනී සිටින ස්වේච්ඡා ආයතනයකි.

‘කිලාලි අපේ අම්මාගේ පරම්පරාවේ උදවියගේ මුල් බිමයි. අප්පා නම් මුලතිව් විශ්වමඩුවල උදවියයි. අම්මම්මා නොහොත් මගේ අම්මාගේ මවගේ උපන්ගම් බිම් වූ කිලාලි අපගේද වාසභූමිය වූයේ මෙය අම්මාට දෑවැද්දට තෑගි ලැබුණු නිසාවෙන්ය. දැන් නම් මේවාවල වටිනාකම වගේ වගක් නැත. පණ රැකගැනීමට නම් අතහැරදමා වන්නියට යා යුතුමය’

වසර ගණනාවක් පසුවිය.
2012 ජුනි යාපනය රෝහල / උදෑසන 10.30

ශල්‍ය වාට්ටුවෙන් මනෝ වෛද්‍යවරයාට යොමුකළ ලියවිල්ලකි. එහි ඇත්තේ වයස අවුරුදු දොළහක ගැහැනු දරුවකුගේ දකුණු පාදය අහිමි වී ඇති බවත්, ප්‍රතිකාර කරන අතරවාරයේ උපදේශන සහය ලබාදෙන ලෙසත්‍ය. ‘2009 වර්ෂයේ යුද්ධය අවසාන වී බිම්බෝම්බ ඉවත්කර 2022 වසරේ අපේ මුල් ගම්බිම්වලම අපිව පදිංචි කළා. ඒත් අවාසනාවක තරම නම් ඉඩමේ කොනක වළලා තිබූ බිම්බෝම්බයක් පුපුරා යාම නිසා මට මගේ කකුලේ පාදය කොටස අහිමි උනා’

මේ කතාවේ අයිතිකාරයා ලස්සන තරුණ දමිළ යුවතියකි. ඇය ඇවිදින්න වරම් ලබන්නේ යාපනය අර්ධද්වීපයට මෙන්ම දැනට මුළු ලංකාවේම ආබාධිත ප්‍රජාව වෙනුවෙන් නොමිලේ සේවයක් සිදුකරන යාපනේ අපූරූ නිහඬ සේවකයෙක් නොහොත් JJCDR (Jaffna Jaipur Center of Disabled and Rehabilitation) හි ප්‍රජා සත්කාරයක් නිසාවෙනි. ඇගේ ජීවිතයට අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීමට බැඳී සිටින්නේ මගේ ගුරුතුමායි.

මා මුලතිව් සංචාරයට එක්වීමේදී සිවතාස් සර් මට හඳුන්වා දුන් අනෙක් ස්ථානය වූයේ උයිරලේ නොහොත් සුෂුම්නාවේ ආබාධ සහිත වූවන්ගේ සංවිධානයයි. උයිරලේ නොහොත් සුෂුම්නාවේ ආබාධ සහිත බොහෝ ධෛර්යවත් අය ඒකරාශී වී ආරම්භ කළ දශකයට වැඩි කාලයක් ක්‍රියාකාරී සංවිධානයක් ලෙස කටයුතු කරන තවත් එක් සංවිධානයකි.

යාපනය මහනුවර A9 පාරේ මාන්කුලම්හි පිහිටා ඇති උයිරලේ යාපනය අර්ධද්වීපයේ කිලිනොච්චිය, යාපනය, මුලතිව්, වව්නියාව මෙන්ම මන්නාරම යන සිවු දිශාවන්හි යුද්ධයෙන් මෙන්ම වෙනත් අතුරු ආන්ත්‍රා හේතුවෙන් කශේරුකාවට නොහොත් කොඳු ඇට පෙළට සිදුවූ හානි නිසාවෙන් ආබාධිත වූ අපේම ජනතාවක් උදෙසා නේවාසික පහසුකම්, ආහාර පාන, ප්‍රවාහන පහසුකම්, ඖෂධ මෙන්ම නිරතුරුව වෛද්‍ය පහසුකම් සපයන නිහඬ ප්‍රජා සත්කාරයකි. මේ සඳහා ඔබගේ දායකත්වය ලබාදීමට ඔවුන්ව සම්බන්ධ කරගත හැක.

මම දිගු කාලයක් බලා සිටියෙමි. ඒ මන්ද යත් යාල් ආගතුකයාගේ සංචාරක ලැයිස්තුවේ ඉතිරි වී තිබුණේ උතුරු අර්ධද්වීපයේ මුලතිව් දිස්ත්‍රික්කය පමණක් නිසාවෙනි. අවසානයේ මගේ ගමනාන්තය මෙසේ මුලතිව්වලින් නිමාවට පත්වීය.

‘තල් රුප්පාවන් අතරින් පෙනෙන තැන තැන විසිරුණු බොහෝ පැරණි නිවෙස් නම් දශක ගණනාවක් තිස්සේ කිසිදු නවීකරණයකට හෝ අලුත්වැඩියාවකට ලක්කර නොමැත. සමහරක් නිවාසවල වූ ගේට්ටුවල වසර ගණනාවකට කලියෙන් දැමූ ඉබියතුර විවෘත වී නැත. තවද මීසාලේ දෙසින් හමා එන වේගවත් සුළඟට සෙවිලි කළ උළු ගැලවී වැටී මිදුල පුරා විසිරී ඇත. මිනිස් පුළුටක්වත් නැති ගෙවල්වල ආරුක්කු කැටයම් සහිත දොර ජනෙල් මලකඩ කෑ ඇණවලින් එල්ලී ඇත්තේ කවදා හෝ හාම්පුතුන් ඒවි යැයි බලාපොරොත්තු සහිතව බව මට හැඟේ.

ගෙමිදුලක වූ ඵලින් බර වූ වෙල්ලේකොලොම්බන් අඹ ගසක තොරතෝංචියක් නැතිව ලේනකු කෑගසන්නේ පෙරදා මේ ගෙයි මිදුලේ කෙළිසෙල්ලම් කල කුඩා ළමෝ කොහි දැයි විමසීමටය. තල් ගස් පල්ලේ වැටුණු නොන්ගු කොහු ඇදෙනා මට්ටමට වේළී ඇත. හිස් ලූලූ ලෙස ගමන් යන ගවයන්ට නම් අලුත් නොන්ගු කුරයෙන් පාගා ගත් කල දිව බොජුනකි. පාර දෙපැත්තේ වූ තල් ගස්වලින් බිමට වැටී ඇති කහ පාටට පැණි බේරෙන නොන්ගුවලින් එන ලාක්ෂණික සුවඳ නම් හරිම ප්‍රණීතය.

මේ ඉසව්වේ නම් වසර ගණනාවක් තිස්සේම ජන ශූන්‍ය බවක්ද මට හැඟුණි. මඟතොටේද මුණගැසුණේ මැදිවියේ උදවියට වඩා බොහෝ සෙයින් මහලු වූ වැඩිහිටි උදවියයි. මන්ද මේ පළාත යුද්ධයෙන් බොහෝ සෙයින් බැට කෑ ප්‍රදේශයක් වූ නිසාවෙන් විය හැකිය….’

මගේ සංචාරක සටහන මා මෙසේ නිමා කරනු කැමැත්තෙමි. ‘නැගිටීමේ මහිමය දන්නේ වැටුණු අය පමණි.’ එසේ නම් සිතීමට බොහෝ දේ ඉතිරි කර දෙපා වාරු නැති බොහෝ උදවියට සවියක් වීමට කැමති අය මේ සඳහා ඔවුන්ගේ දායකත්වය සපයන්න.

සුෂුම්නාවේ ආබාධ සහිත වූවන්ගේ සංගමය,
A9 පාර, මාන්කුලම්, මුලතිව්.
දු.අ – 0774761192
Facebook – Uyirilai scia

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ක්‍රිකට් හදන්න ආණ්ඩුව ‌ගෙනා ‘චිත්‍රසිරි’ කමිටු වාර්තාවත් ක්‍රියාත්මක කරන්න බෑ! අධිකරණ නියෝග 3ක් තියෙනවා! ආණ්ඩුවේ අධිකරණ ඇමැතිගෙන්ම ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

දොස්තර රන්නන් එලියගේ SURVEY වලින් රනිල් ගොඩයයිද? I Sri Lanka Latest News

MORE NEWS

අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

බිත්තරේටත් ගැසට් එකක් ගහයි!
Exclusive

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News
Exclusive

සෙව්වන්දි ඉපදුණු සුරේෂ්ගෙ ගෙවල් තියෙන කටුවැල්ලෙගමට ‘මව්රට’ ගිය ගමන…! Sri Lanka Latest News

Load More
අලුත්ගම ව්‍යාපාරිකයෙකුගේ ලක්ෂ 7ක මුදල් සහ රන් බඩු මහ දවල් හොරු අරන්! Sri Lanka Latest News
Exclusive

ගිය අවුරුද්දේ කෝටි 35ක රත්තරන් බඩු උකස් කරලා! 54%ක අසාමාන්‍ය වැඩිවීමක්! රටේ ගෙවල්වලින් 60%ක කිසිම රන් බඩුවක් නෑ! මිනිස්සු එදිනෙදා අවශ්‍ය මුදල් හොයාගන්නත් රත්තරන් උකස් කරන තත්ත්වයට වැටිලා! I Sri Lanka Latest News

වාණිජ බැංකුවලින් රන් භාණ්ඩ උකස් කර ලබාගන්නා ණය ප්‍රමාණය රුපියල් කෝටි 35,145කින් පමණ වැඩිවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකු...

Read more
බිත්තරේටත් ගැසට් එකක් ගහයි!

ආණ්ඩුවට චෝදනා කරමින් නිෂ්පාදකයෝ හෙට ඉඳන් බිත්තර මිල ඉහළ දමයි! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දෙහිවල කනත්ත ඇතුළේදී පාතාල නායක සැන්ඩෝගේ තාත්තාට වෙඩි තියලා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.