එජාප හිටපු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කොරෝනා වයිරසයෙන් මිදීමට තමන් පැළද සිටි මුඛ ආවරණය ගලවා වෙනත් පුද්ගලයකුට දුන් ආකාරයේම ‘මැටිමෝල්’ සිදුවීමක් හා සමාන සිදුවීමක් වැලිමඩ පොහොට්ටු අපේක්ෂකයකු විසින් සිදුකර ඇති බවට වූ වීඩියෝවක් මේ දිනවල අන්තර්ජාලයේ සැරිසරමින් තිබේ.
මෙහිදී මෙම අපේක්ෂකයා රජය විසින් ඇදිරි නීතිය දමා තිබියදී ජනතාව ඒකරාශී කරමින් ලොරියක පටවා ගත් ටැංකියකින් පිරිත් පැන් ජනතාවට බෙදා දෙන ආකාරයක් දැකගන්නට තිබේ.
රට ව්‍යසනයකට මුහුණ දී ඇති මේ මොහොතේ ආගමික වතාවත් සිදුකිරීම සහ ආගමික ආශිර්වාදය ලබා ගැනීම යහපත් වුවද වෛද්‍ය උපදෙස් නොතකා ජනතාව ඒකරාශී කිරීම රෝගය පැතිර යාමට අතවැනීමක් හා සමාන සිදුවීමකි.










