ගෙවුණු මාස 3ට ලංකාවෙන් ඩෙංගු රෝගීන් 17,868ක් හමුවී ඇති බව සෞඛ්‍ය අංශ අනාවරණය කරයි.
මෙය ඉකුත් වසරේ මුල් මාස 3 හා සසදන කල 35%ක ඉහළ යාමකි.
ඉකුත් වසරේ මුල් මාස 3ට වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 13,148කි.
ඉදිරියට ඒමට නියමිත වැසි සමයත් සමග මෙම තත්ත්වය තවත් දරුණු විය හැකි බව සෞඛ්‍ය අංශවල මතය වී තිබේ.










