අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ සෑම අංශයකින් දියුණුවක් දැකීම අපේක්ෂා කරන බවත් ක්‍රිකට් ක්‍රීඩාව නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අති විශාල ධනස්කන්ධයක් එකතු වි ඇති බවත් එබැවින් මෙය පරිපාලනය කිරීමට බොහෝ දෙනෙක් එකතු වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට ද එසේ නැතිනම් එයට ලැබෙන මුදල් සොරා ගැනීමට ද කියා සෙවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
පැහැදිලිවම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අන්ත දූෂිත වී ඇති බවත් මේ හොර ගුහාවේ සිටින හොරු ටික පන්නා දමා පැහැදිලි ක්‍රමවේදයක් තුළ ක්‍රිකට් ක්‍රීඩාව නංවන වැඩසටහනක් උදෙසා ජනාධිපතිවරයා අමතක කොට පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකට එකතු වී ක්‍රිකට් ක්‍රීඩාව නිර්දේශපාලනීකරණය කර ගජමිතුරු සංගම් සහ සැනකෙළි නැවැත්විය යුතු බවත් ප්‍රභූ යැයි කියා ගන්නා අතලොස්සක් ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති මුදල් සොරා කන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
තමා කිසිදු අවස්ථාවක අධිකරණය විවේචනය නොකරන නමුත් ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ලබා දෙන නියෝග සම්බන්ධයෙන් බරපතල ගැටලු ඇති බවත් ලක්ෂ 220ක් වූ ජනතාවගේ හදවතේ ඇති මේ ක්‍රීඩාව සමඟ විධායකයට, ව්‍යවස්ථාදායකයට, අධිකරණයට, හොරුන්ට, අල්ලස්කාරයන්ට සෙල්ලම් කරන්න ඉඩ දිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
එසේම ක්‍රිකට්, හොරුන්ගෙන් බේරා ගන්න නම් එය වෙනස් ප්‍රශස්ත තීන්දුවක් විය යුතු බවත් මේ රට ක්‍රිකට් ශූරයන් කරපු දක්ෂ ක්‍රීඩකයන් සිටින බවත් ආනා පුංචිහේවා වැනි දක්ෂ පුද්ගලයන් සිටින බවත් මොවුන්ට මෙය බාර දිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ මේ වන විට ක්‍රිකට් ගැන ක්‍රීඩා ඇමතිවරයාට හෝ කිසිවක් කළ නොහැකි ලෙස ජනාධිපති සහ ඔහුගේ ගෝලබාලයෝ එයට ඇගිලි ගැසීමට පටන් ගෙන ඇති බවත් තමා ඇතුළු පිරිස හොරු සමඟ ආණ්ඩු කිරීමට එක්නොවූයේ මේ හේතුන් නිසා බවත් පැවසීය.
විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී ක්‍රිකට් අතුරු කමිටුවට අධිකරණයෙන් තහනම් නියෝගයක් එල්ල වීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.
එහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේ අධිකරණයේ ස්වාධීනත්වයට ක්‍රිකට් හොරුන්ගෙන් බලපෑමක් සිදුවෙනවාද කියා සොයා බැලිය යුතු බවත් ක්‍රීඩා ඇමතිවරයා ගන්නා නිවැරදි ඕනෑම තීන්දුවක් සම්බන්ධයෙන් පෙනී සිටින බවත් ඈත ගම්වල සිටින ළමුන්ට පවා ජාතික කණ්ඩායමට පිවිසිය හැකි මෙහි පරිපාලනය වෙනස් කළ යුතු බවත් පැවසීය.
තවද ආණ්ඩුවේ අනෙක් පුද්ගලයන්ට කොන්දක් ඇත්නම් මෙයට සහයෝගය පළ කල යුතු බවත් මෙය වටිනා සම්පතක් බැවින් එය පුද්ගලික න්‍යාය පත්‍ර මත නොව ජාතික න්‍යාය පත්‍ර මත පදනම්ව කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.










