ඉතා ඉක්මනින්ම නැවත වරක් ජයග්‍රහණ ලබාගැනීමට හැකි තත්ත්වයට ක්‍රිකට් ක්‍රීඩාව පත් කළ යුතුව ඇතැයි ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.Sri Lanka Latest News
අද (06) උදෑසන ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අතුරු කමිටුව පත්කිරීම තුළින් ප්‍රධාන කරුණු දෙකක් ඉටුකර ගැනීමට අපේක්ෂා කරන බව පැවසු අමාත්‍යවරයා, සිදුව ඇති වංචා දුෂණ පිළිබඳ සොයාබැලීම මෙන්ම ක්‍රීඩාව ස්ථාවර කර නැවතත් ක්‍රිකට් ජයග්‍රහණ කරා ඉක්මනින් අවතීර්ණ වීම මෙහි මුලික අරමුණ බව ද කියා සිටියේය.
එමෙන්ම සුදුසුම පුද්ගලයාව අතුරු කමිටුවේ සභාපති ලෙස පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, සෙසු සමාජිකයින් ද එක ලෙස කටයුතු කරමින් එහි කාර්ය භාරය ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරන බව ද පැවසීය.
“ඉදිරි කටයුතුවලදී ප්‍රධාන වශයෙන්ම පැති දෙකක් තියෙනවා. එකක් වෙච්ච දූෂණ වංචා අක්‍රමිකතා මේවා සොයා බලන්න ඕනේ. ඊට වඩා ඉක්මනින් වෙන්න ඕනේ අපේ ක්‍රීඩාව යතාවත් කරන එක. ඒකට මූලිකත්වය දීලා, ඒ කියන්නේ ස්ථාවර කරලා මේ රමේ මුළු මහත් ජනතාවගේ හිතට නිදහසක් දුන්න ක්‍රිකට් ජයග්‍රහණ කරා යන්න. ඒ නිසා මම හිතනවා සුදුසුම පුද්ගලයා සභාපතිවරයා විදියට පත් කරලා තියෙනවා. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු දෙදෙනෙකු සහ මහාධිකරණ විනිසුරුවරයෙක් පත් කරලා තියෙනවා. ඒ පසුගිය කාලේ සිදුවූ අක්‍රමිකතා ගැන කමිටුවක් විදියට සොයන්න. ඒ වගේම මෙතනින් එහාට පරිපාලනය, ක්‍රිකට් සංවර්ධනයට, නීතිය යන මෙවට අනු කමිටු ටික දාලා ඉදිරි කටයුතු ටික කරන්න සභාපතිතුමාට උපදෙස් ලබා දී තිබෙනවා. පළවෙනියට තියෙන්නේ ක්‍රිකට් ගහලා නැවත අපි ඉස්රහට යන එක කරන අභියෝගය දිනන්න. සුදුස්සට සුදුසු නැත ලබා දුන්නා. මම හිතනවා මේ රටේ ජනතාව එකඟවෙනවා කියන එක.”










