• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් කොළඹදී ‘නාම් 200’ උත්සවයට එක්වෙයි! වතුකර‌යේ නිවාස 10,000ක් හදන්න මුල්ගල තියයි! VIDEO I Sri Lanka Latest News

November 2, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් කොළඹදී ‘නාම් 200’ උත්සවයට එක්වෙයි! වතුකර‌යේ නිවාස 10,000ක් හදන්න මුල්ගල තියයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ආර්ථිකය වෙනුවෙන් සුවිශේෂී දායකත්වයක් ලබාදුන් කඳුකර දමිළ ජනතාව වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා ඔවුන් සම්පූර්ණයෙන් ශ්‍රී ලංකා සමාජයට ඒකාබද්ධ කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. Sri Lanka Latest News

කුමන ජන කොටසක් නියෝජනය කළද සියලු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ අයිතිවාසකම් දිනා දීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව පැවසූ ජනාධිපතිවරයා සියලුදෙනා එක්කර ගනිමින් ශ්‍රී ලංකාව දියුණු රටක් ලෙස ගොඩනැගීම තම අරමුණ බව ද කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කඳුකර දමිළ ජනතාව මෙරටට පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් අද (02) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රිඩාංගණයේ පැවති “නාම් 200” (අපිට 200) සැමරුම් උත්සවය අමතමිනි.

මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය සහභාගී වුවාය.

කඳුකරයේ දමිළ ජනතාව 5000කට වැඩි පිරිසක් මීට එක්ව සිටී අතර ඔවුන් ඉතා උණුසුම් ලෙස මෙහිදී ජනාධිපතිවරයාව පිළිගත්හ.දමිළ සංස්කෘතිකාංග රැසකින් උත්සවය වර්ණවත් විය.

කොටගල, මවුට්වර්නන් වතුයායේ දිඹුල පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ ඉදිකිරීමට නියමිත නිවාස 10,000කින් යුත් ව්‍යාපෘතිය සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය මුදල් ඇමති නිර්මලා සීතාරාමන් මහත්මිය මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.

හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ ඉදිකරන ලද නව ශ්‍රවණාගාරය සහ පරිගණක ඒකකය විවෘත කිරීම ද මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු කෙරුණු අතර පාසල් සිසුන් වෙත පාසල් උපකරණ ප්‍රදානය කිරීම ද සංකේතවත්ව සිදු විය.
ශ්‍රී ලංකාවේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම වෙනුවෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ප්‍රමුඛ රජය ලබාදුන් දායකත්වය මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා එම සහාය නොවන්නට අද මෙම උත්සවය සාර්ථකව පැවැත්වීමට නොහැකි බව සඳහන් කළ අතර, ඒ වෙනුවෙන් කැපවූ ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියට විශේෂ ප්‍රශංසාවක් ද එක් කළේය.
මෙම සැමරුම් උත්සවය සමඟ කඳුකර දමිළ ජනතාවගේ ජීවිතවල නව ගමනක් ඇරඹෙන බව පැවසූ ජනාධිපතිවරයා ඔවුන්ට ඉඩම් ඔප්පු ලබාදීම, අධ්‍යාපන අයිතිය තහවුරු කිරීම ඇතුළු වරප්‍රසාද දිනා දීමට ද රජය කැපවී සිටින බව වැඩිදුරටත් පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ රටට විදේශ විනිමය උපයාදිමට කැපවූ කඳුකර දමිළ ජනතාව වසර 200 පුරාවටම සිය දහදිය, කඳුලු, ලේ වගුරුවා මෙම ලාංකීය භූමිය පෝෂණය කළ අතර නිදහසින් පසු ශ්‍රී ලංකාව ගොඩනැඟීමට වැඩිම දායකත්වයක් ලබා දුන් ජනතාවක් ලෙස ඉතිහාස ගත වන බවයි.
ඔවුන්ගේ එම දායකත්වයට නිසි ඇගයීමක් ලබාදෙමින්, ඔවුන් වෙනස් ප්‍රජාවක් ලෙස නොසළකා තවදුරටත්ශ්‍රී ලාංකේය සමාජයට ඒකාබද්ධ කිරීම වෙනුවෙන් පුළුල් වඩසටහනක් ක්‍රියාත්මක කෙරුණු පළමු අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ‍
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ කඳුකරයේ දමිළ ජනතාව ශ්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් විශාල දායකත්වයක් ලබා දුන් බවයි. ඔවුන් ඇඟයීමට සහ ඔවුන්ගේ වරප්‍රසාද දිනා දීමට රජය ගෙන යන වැඩපිළිවෙළ අගය කළ අමාත්‍යවරිය ඒ සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඉන්දිය රජය කටයුතු කරන බවද පැවසුවාය.
ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් සහ වැවිලි යටිතල පහසුකම් හා ජල සම්පාදන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ද මෙහිදී අදහස් දැක්වීය. මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම වෙනුවෙන් ලේ, දහදිය, කදුළු වැගිරූ කඳුකරයේ දමිළ ජනතාවට සාධාරණය ඉටු කිරීමට නම් දේශපාලන යෝජනාවලට වඩා සැබෑ වෙනස්කම් අවශ්‍ය බව පෙන්වා දුන් ඒ මහතා එම වෙනස ඇති කිරීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විශාල දායකත්වයක් ලබාදෙමින් සිටින බවත් ඒ වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ඉන්දීය රජය වෙත ස්තූතිය පළ කරන බවත් පැවසීය.

මහා සංඝරත්නය ඇතුළු සර්ව ආගමික නායකයන් ද, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේමජයන්ත, අලි සබ්‍රි, මහින්ද අමරවීර, බන්දුල ගුණවර්ධන, මනුෂ නානායක්කාර, ලසන්ත අලගියවන්න, වජිර අබේවර්ධන, වඩිවේල් සුරේෂ්, දුමින්ද දිසානායක, නිමල් ලන්සා, එම්. ඒ. සුමන්තිරන්, ශානක්කියම් රාසමාණික්කම්, මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන් ද, විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු දෙස් විදෙස් ආරාධිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-11-02

SendShareShare
Previous Post

වයස්ගත දේශපාලනඥයන් ගැන අප වදවිය යුතුද? I Sri Lanka Latest News

Next Post

තොණ්ඩමන්ට විරෝධය පා සජබය ඇතුලු වතුකරයේ ප්‍රධාන දෙමළ පක්ෂ සියල්ල ‘නාම් 200’ උත්සවය වර්ජනය කරයි! I Sri Lanka Latest News

MORE NEWS

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

Load More
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත්කළ නවතම වාර්තාවට අනුව අද (24) වන විට මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු මරණ සංඛ්‍යාව 59...

Read more
දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.