• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

1720-මහාමාරිය/1820-‌කොලරාව/1920-ස්පාඤ්ඤ උණ/ 2020 ‌කොරෝනා: ‌මොකද්ද ‌මේ අවුරුදු 100කට වරක් මිනිසුන් බිලිගන්නා මහා වසංගත චක්කරේ

March 21, 2020
in News, Politics
Reading Time: 8 mins read
A A
1720-මහාමාරිය/1820-‌කොලරාව/1920-ස්පාඤ්ඤ උණ/ 2020 ‌කොරෝනා: ‌මොකද්ද ‌මේ අවුරුදු 100කට වරක් මිනිසුන් බිලිගන්නා මහා වසංගත චක්කරේ
Share on WhatsAppShare on Facebook

1720, 1820, 1920, 2020. මොකක්ද මේ ඉතාමත් ලතාවකට ගලාගෙන යන අංක පෙළ? හරියටම වසර සියයකින්, සියයකට ගලාගෙන යන ඒ කතාව අද මුළු ලොවෙහිම දෙනෙත් විවර කරවන මහා වගතුගක් වෙලා හමාරයි. තවත් ආකාරයකින් කිවහොත් ශතකයකින්, ශතකයකට යන ඒ කතාව මහා බියකරු, කුරිරු එකක්. ඔව්. ඒක ඇත්තටම යක්ෂයාගේ කතාවක්. මුළුමහත් ලෝකයේම අහිංසක මිනිසුන්ගේ ජීවිත උදුරාගන්නා සාතන්ගේ කතාවක්. අවුරුදු සියයෙන්, සියයට ලොව ගිල ගන්නා මාරක වෛරස් රෝග වසන්ගත ගැන වගතුග තමයි මේ විදියට දැන් හෙළිවී ඇත්තේ. වත්මනේ මුළු ලොවම මහා අගාධයකට ඇදදමා තිබෙන කොරෝනා වසංගතයේ සිට කාලයේ ආපස්සට බලන විට සිදුවී ඇති මහා ස්වාභාවික මිනිස් ව්‍යසනයන් තමයි මේ ආකාරයට පෙළගැසෙන්නේ.
වසර සියයෙන්, සියයට ලෝකය ගිලගන්නා ආකාරයටම මෙම වසංගතයන් පෙළගැසී තිබෙන ආකාරය ඉතාමත් පුදුමාකාරය. එනම් එය වසර 100කට වතාවක් ලෝක විනාශයක් සිදුවෙනවා වැනි අරුතක්ය. මෙම කාල වකවානු තුළදී තවත් විවිධ වසංගත රෝග රාශියක් ලොව පුරා පැතිර ගොස් තිබුණත්, ප්‍රධානතම කුරිරු ව්‍යසනයන් හරියටම පෙළගැසී ඇත්තේ වසර 100ක් ගතවීමෙන් පසුවය. දැනට ලොව ගිලගනිමින් තිබෙන මාරක කොරෝනා වසංගතයද එවැන්නකි. එනම් එවැනි ලෝක වසංගතයක් සිදුවන්නේ වසර 100කට පසුවය. මෙසේ වසර 400ක් තුළදී ලොව බිලිගත් ප්‍රධාන වසංගත කුමක්දැයි සොයා බැලීම අතිශයින්ම වැදගත් කරුණක් වනු ඇතිය. එම පෙළගැස්ම විස්තරාත්මකව මෙසේය.

  • 1720 – The Great Plague (ද ග්‍රේට් ප්ලේග් නොහොත් උග්‍ර මහාමාරිය වසංගතය) ලොව පුරා මිනිස් ජීවිත 1,00,000 (ලක්ෂයක්) බිලිගත්තේය.
  • 1820 The – Cholera (කොලරා නොහොත් කොලරාව) ලොව පුරා මිනිස් ජීවිත 1,00,000 (ලක්ෂයක්) බිලිගත්තේය.
  • 1920 – Spanish Flu (ස්පැනිෂ් ෆ්ලූ නොහොත් ස්පාඤ්ඤ උණ) මෙම වසංගතයෙන් ලොව පුරා මිනිස් ජීවිත මිලියන 50ක් (ලක්ෂ 500) බිලිගත්තේය.
  • 2020 – Corona or Covid – 19 (කොරෝනා නොහොත් කොවිඞ් – 19) මෙම වසංගතයෙන් දැනට ලොව පුරා මිනිස් ජීවිත 7000ක් බිලිගෙන ඇති අතර, තවද ලොව පුරා ව්‍යාප්තව ඇත.
    මේ ආකාරයට බලන කල මෙය පුදුමාකාර, දුර්ලභ සංසිද්ධියකි. දැනට ලොව ප්‍රබල ලෙස පැතිර තිබෙන කොරෝනා වසංගතය ගැන අප නොයෙකුත් ආකාරයෙන් තතු දැනගත්තද, ලෝකයේ අතීතයේදී සිදුවූ එවැනි වසංගත ගැන කරුණු දැන ගැනීමද වැදගත්ය.

  • 1720 – 1722 දක්වා වසර 02ක් පුරා සිදුවුණු Great Plague of Marseille නොහොත් මාසෙලි නගරයේ සිදුවූ උග්‍ර මහාමාරිය වසංගතය ලොව බියකරු ව්‍යසනයකි. මෙයට පෙර 1665 වසරේදීද උග්‍ර මහාමාරිය වසංගතයක් ලන්ඩන් නගරයේදී ඇතිවූ අතර, එයට වඩා බියකරු තත්ත්වයට පත්වූයේ ප්‍රංශයේ මාසෙලි නගරයේ ඇතිවුණු මහාමාරිය වසංගතයයි. මෙම බියකරු වසංගතය හේතුවෙන් මිනිස් ජීවිත ලක්ෂයකට අධික ප්‍රමාණයක් මරණයට පත්විය. මහාමාරිය වසංගතය ඇතිවීමට ප්‍රධාන හේතුකාරකය වූයේ මීයන්ය. ප්‍රංශයේ මාසෙලි නගරය වෙත සංක්‍රමණය වූ නැව් මඟින් මෙම මීයන් දහස් ගණනින් රට තුළට එන්නට පටන්ගත්තේය. ‘යෙර්සිනියා පෙස්ටිස්’ Yersinia Pestis නමැති මීයන්ගේ ශරීර තුළ ඇති බැක්ටීරියාවක් මිනිස් ශරීරය තුළට සංක්‍රමණය වීම හේතුවෙන් මෙම වෛරස් වසංගතය ව්‍යාප්ත වූයේය. ධාන්‍ය වර්ග රැගෙන එන නැව්වලින් මෙම මීයන් රට තුළට පැමිණ ඇත. මෙසේ මීයන්ගේ බැක්ටීරියාව මිනිස් ශරීරයට ඇතුළු වූ පසුව මනුෂ්‍යයන් අතරේ රුධිරය සහ සෙම්, සොටු මගින් රෝගය බෝවනු ඇත. ප්‍රංශයෙන් ආරම්භ වුණු වසංගතය යුරෝපයේ රටවල් කිහිපයකටම පැතිර ගියේය.

  • 1820 – 1824 දක්වා වසර 04ක් පුරා මුළු ලොවම බිලිගත් භයානක වසංගතයක් වූයේ කොලරාවය. (Cholera). ආසියානු කලාපයේ ඉන්දියාවෙන් ආරම්භ වුණු මෙම භයානක රෝගය ඉන් පසුව ලොව රටවල් රාශියකට ව්‍යාප්ත වුණු අතර, එම රටවල් අතරට ශ්‍රී ලංකාවද අයත් විය. එසේම මෙය කෙතරම් ප්‍රබල වූයේද යැයි කිවහොත් යුරෝපයේ රටවල් වෙතද පැතිරෙන්නට විය. කොලරාව නිසා ලොව වටා මිනිස් ජීවිත 1,50,000 (එක්ලක්ෂ පනස් දහසක්) පමණ මරණයට පත්විය. එකල ශ්‍රී ලංකාවේද මිනිසුන් දහස් ගණනක් මේ රෝගය නිසා අවසන් ගමන් ගියේය. කොලරාව ඇතිවීමට හේතුවී ඇත්තේ අපිරිසුදු ජලය සහ අපිරිසුදු ආහාර මිනිසුන් විසින් පරිභෝජනයට ගැනීම හේතුවෙනි. Vibrio Cholerae (විබ්රියෝ කොලෙරේ) නමැති බැක්ටීරියාවක් හරහා මෙම රෝගය ඇතිවෙයි. මෙම බැක්ටීරියාව මුලින් සොයාගෙන ඇත්තේ තද කබල ඇති මාළු වර්ග සහ ජලජ කාබනික ක්ෂුද්‍ර ජීවීන් Shellfish and Plankton වෙතිනි. එනම් අපිරිසුදු ජලය සහ ආහාර හරහා එම වෛරසය මිනිසාට සංක්‍රමණය වී ඇත. මෙම රෝගය වැලඳුණු පසුව ප්‍රධාන රෝග ලක්ෂණය වන්නේ වමනය සහ පාචනය. ඉන්පසු උණ රෝගයද වැලඳී අධික විජලනයකට පත්වෙයි. නිසි ප්‍රතිකාර නොලැබුණු විට දින කිහිපයකින් මරණයට පත්වෙයි.

  • 1920 වසර පුරාම පැවැති සහ ඉන් වසර 02කට පෙර ඇරැඹි Spanish Flu නොහොත් ස්පාඤ්ඤ උණ නමැති වෛරස් වසංගත රෝගය ලොව මෙතෙක් ඇතිවූ භයානකම වසංගතයක් වෙයි. මෙම රෝගය නිසා එකල ලොව පුරා මිනිසුන් මිලියන 50ක් (ලක්ෂ 500ක්) මරණයට පත්විය. 01 වැනි ලෝක මහා යුද්ධය අවසාන වීමෙන් පසුව මෙම දරුණු වසංගතය ඇතිවිණි. HI,NI Influenza (එච් වන්, එන් වන් ඉන්ෆ්ලුවෙන්සා) වෛරසය හේතුවෙන් උණ සහ ශ්වසන රෝග තත්ත්ව ඇතිවිය. කුරුල්ලන්ගේ ශරීරවලින් ඇතිවූ මෙම වෛරසය පසුව ඌරන් වැනි සතුන්ට ව්‍යාප්ත විය. ඉන් පසුව එම සත්ව මාංශ හරහා මිනිසුන්ට රෝගය ඇතිවූ බැව් පැවසෙයි. මෙම ස්පාඤ්ඤ උණ රෝගය හේතුවෙන් එකල සාමාන්‍ය මිනිසුන් මෙන්ම යුද හමුදාවල සොල්දාදුවන්ද ලක්ෂ ගණනින් මරණයට පත්විය. මෙම තත්ත්වය කෙතරම්ම බියකරු වීද යත් මිනිසුන් තැන තැන මැරී වැටෙන තත්ත්වයට මෙම වසංගතය භයානක විය. තවද ස්පාඤ්ඤ උණ වසංගතය ලෝකයේ ජනගහනයෙන් 28%ක් බිලිගෙන තිබුණේය.

  • 2020 වසරේදී ලොව පුරා ව්‍යාප්ත වන්නට ගත් කොරෝනා නොහොත් කොවිඞ් – 19 (Covid – 19) මාරක වසංගත රෝගය හඳුනාගත්තේ 2019 වසරේ නොවැම්බර් මාසයේ 17 වැනිදාය. එනම් එදින ප්‍රථම රෝගියා සොයාගත් අතර, අද ලොව වටා රෝගීන් 1,75,000ක ප්‍රමාණයක් සොයාගෙන ඇති අතරම මින් 7000ක් මරණයට පත්වී ඇත. Sars – Cov -2 (සාර්ස් – කොව් – 2) නමැති වෛරසයක් මඟින් මෙම රෝගය ව්‍යාප්ත වූ අතර, දැනට ලොව රටවල් 150කට මෙය ව්‍යාප්තව ඇත. චීනයේ වූහාන් නගරයෙන් ප්‍රථමයෙන් රෝගය ව්‍යාප්ත වන්නට ගත්තේය. ප්‍රබල නියුමෝනියා තත්ත්වයේ ශ්වසන ආබාධ සහිත වසංගතයක් වන කොරෝනා රෝග ව්‍යාප්තියට හේතුවූයේ චීනයේ මිනිසුන් නාග මස් අනුභවයට ගැනීම යැයි මතයක් ප්‍රකාශ විය. නාගයන් තුළ මෙම වෛරසය ඇති බවටද තහවුරු විය. එහෙත් පසුව යම් පාර්ශ්ව ප්‍රකාශ කළේ කොරෝනා වසංගතය ඇති කළේ මිනිසා විසින්ම නිපදවන ලද ජීව විද්‍යාත්මක අවියක් හේතුවෙන් බැව්ය.
    කෙසේ හෝ මේ ආකාරයට වසර 400ක් පුරා වසර සියයෙන් සියයට මාරක වසංගතයන්ගෙන් ලොව වසාගෙන ඇත. එම වසර 400ක කාලයට පෙර සිටද ලොව බොහෝ වසංගතයන් තිබී ඇත. එහෙත් හරියටම වසර 100ක චක්‍රයකින් යුතුව වසංගත නිර්මාණය වී ඇත්තේ 1720 සිට 2020 දක්වාය. ක්‍රිස්තු වර්ෂ 165 වැනි අතීත කාලයක සිටම ලොව මිනිස් ජීවිත කුරිරු අයුරින් බිලිගත් වසංගත රෝග රාශියක තොරතුරු ඉතිහාසයට එක්ව ඇත. ඉන් ඉතාමත් ප්‍රභලතම හා ඉහළතම ස්ථාන 10 හි වැජඹෙන වසංගත (10 of the worst Pandemics in History) මෙසේ සඳහන්ව තිබෙයි. එය පිළිවෙළින් මෙසේය.
    01 Antonine Plague – 165 AD අන්තෝනියන් මහාමාරිය වසංගතය. ජීවිත මිලියන 05ක් බිලිගත්තේය.
    02 Justinian Plague – 542 AD ජස්ටිනියන් මහාමාරිය වසංගතය. ජීවිත මිලියන 25ක් බිලිගත්තේය.
    03 The Black Death (1346 – 1353 AD) ‘කළු මරණය’ නමැති උණ රෝග වසන්තය ක්‍රිස්තු වර්ෂ 1346-1353 දක්වා වසර ගණනාවක් පැවැතියේය. මේ වසංගතය මගින් ලොව පුරා මරණ මිලියන 100 ඉක්මවා සිදුවිය. ලොව මෙතෙක් සිදුවී ඇති අංක එකේ මාරක වසංගතය මෙය වශයෙන් සැලකෙයි.
    04 Third Cholera Pandemic (1852 – 1860 AD) තෙවැනි කොලරා වසංගතය (ක්‍රි.ව. 1852 – 1860) මෙම වසංගතය මගින් මිනිසුන් මිලියනයකට අධික පිරිසක් මරණයට පත්විය.
    05 Asiatic Flu Pandemic (1889-1890 AD) ආසියාතික උණ රෝග වසංගතය (ක්‍රි.ව. 1889-1890) මෙම ්‍ය2භ2 ඉන්ෆ්ලුවන්සා රෝග වසංගතය හේතුවෙන් මිනිසුන් මිලියනයක් මරණයට පත්විය.
    06 Sixth Choera Pandemic (1910-1911)සයවැනි කොලරා වසංගතය (ක්‍රි.ව. 1910-1911) මෙම වසංගතයෙන් ලොව පුරා මිනිසුන් ලක්ෂ 08ක් මරණයට පත්විය.
    07 Influenza Flu Pandemic (1918) ඉන්ෆ්ලුවෙන්සා උණ වසංගතය (1918) මෙම වසංගතයෙන් මිනිසුන් මිලියන 40ක් මරණයට පත්විය.
    08 Asian Flu (1956-1958) ආසියාතික උණ වසංගතය (1956-1958) මෙම වසංගතයෙන්ද මිනිසුන් මිලියන 02ක් මරණයට පත්විය.
    09 HongKong Flu (1968) H3N3 නැමැති හොංකොං උණ වසංගතය මෙම රෝගයෙන් මිලියනයක පිරිසක් මරණයට පත්වූ බැව් වාර්තා වෙයි.
    10 HIV / AIDS Pandemic (1976) එච්.අයි.වී. ඒඞ්ස් රෝග වසංගතය. 1981 වසරින් ඇරැඹි ලොව පුරා ව්‍යාප්ත වූ මෙම වසංගතයෙන් ලොව පුරා මිනිසුන් මිලියන 35ක් මේ වන විට මියගොස් ඇත.
    මේ ආකාරයෙන් ලොව බිලිගත් වසංගත රෝග ගැන කරුණු අධ්‍යයනය කිරීමේදී එහි බියකරු, කුරිරු බව හොඳින් අවබෝධ වෙයි. කොරෝනා වසංගතයද කොතැනින් කෙළවර වන්නේදැයි දන්නේ දෙවියන් පමණි.

ප්‍රියන්ත ‌හෙට්ටිගේ

SendShareShare
Previous Post

සජිත්ව පැරැද්දුවේ ආර්. ‌ප්‍රේමදාසද? (උපුල් ‌ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

සිරිසේනගේ මහා පාවාදීමට එරෙහිව ශ්‍රීලනිපය ගැසූ කැරැල්ල: මයන්තට පවුලෙන් ආපු බලපෑම (රාජ්‍ය රහස්)

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (03) දිනය අවසානයේදී පහළ යෑමක් පෙන්නුම් කළා.Sri...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

හොරණ මහදවල් කෝටි තුනහමාරක මංකොල්ලයක්! සල්ලි මලු දෙක අරගෙන මාරුවෙලා! VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හොරණ වැඩිහිටි නිවාසයක් ගිනිගනී! 11 දෙනෙක් මරුට! තවත් පිරිසකට පිලිස්සුම් තුවාල! I Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

මෛත්‍රිපාල – අනුර තරගයෙන් අනුර මෛත්‍රී පරදවා ඉදිරියට එයි! Sri Lanka Latest News

සුළිකුණාටුවෙන් උන්හිටි තැන් අහිමිවූවන්ට ආණ්ඩුව ගෙවල් හදලා දෙන්න ලෑස්තියි! ඉඩම් තියෙනවා නම් පරිත්‍යාග කරන්නලු!  I Sri Lanka Latest News

මිනිස්සු පෝලිමේ ඇවිත් ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ අරමුදලට රුපියල් බිලියන ගණනින් ආධාර කළත් දිට්වා සුළිකුණාටුවෙන් හානිවෙච්ච කිසිම කෙනෙකුට තාම සත 5ක්වත් ගෙවලා නෑ! අඩුම තරමේ ‘රීබිල්ඩින් ශ්‍රී ලංකා’ කියලා අරමුදලක්වත් නෑ! මුදල් කමිටුවේදී විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් රටම හෙල්ලෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.