• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව’ -අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති! ‘වගඋත්තරකාරිය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වෙලා’ -විනිසුරු මරික්කාර්! ඩයනාගේ මන්ත්‍රී ධූරයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කරමින් දුන් බෙදුණු නඩු තීන්දුවේ විනිසුරුවරුන් තිදෙනාගේ මතය! I Sri Lanka Latest News

November 1, 2023
in Exclusive
Reading Time: 7 mins read
A A
කූඨ ‌ලේඛන ඉදිරිපත් කරලා! උප්පැන්න දෙකක් තියෙනවා! අයිඩෙන්ටි කාඩ් දෙකක් තියෙනවා! බ්‍රිතාන්‍ය පුරවැසියෙක්! ලංකාවේ ඉන්නෙත් වීසා නැතිව! ඇමති ඩයනා ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඩයනා ගමගේ මහත්මිය විසින් මන්ත්‍රී ධූරයක් දැරීම අභියෝගයට ලක් කර ඉදිරිපත් වූ පෙත්සම විභාග කළ අභියාචනාධිකරණ විනිසුරුවන් විසින් ඊයේ දුන් තීන්දුව මේ වනවිට සමාජය තුළ විශාල වශයෙන් කතාබහට ලක්වන එකක් බවට පත්ව තිබේ.I Sri Lanka Latest News

එහිදී ගරු විනිසුරුවරුන් ප්‍රකාශ කළ අදහස් අද දින යම් යම් මාධ්‍ය පළ කොට තිබුණේ මේ ආකාරයටය.

ලංකාදීප පුවත්පත

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීම බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා ගොනුකළ රීට් පෙත්සම ගාස්තු සහිතව නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (31) තීන්දු කළේය.

ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුව අනුව මෙම නියෝගය ප්‍රකාශයට පත්කෙරිණි.

මෙම තීරණයට එරෙහිව වෙනමම තීන්දුවක් ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා කියා සිටියේ රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන බවත්ය.

මෙම තීන්දුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ එම්.ඒ.ආර්. මරික්කාර් යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත්කෙරිණි.

සමාජ ක්‍රියාකාරී ඕෂල හේරත් මහතා විසින් ගොනුකරනු ලැබ තිබූ මෙම රීට් පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය සහ ආගමන විගමන පාලකවරයා නම්කරනු ලැබ සිටියහ.

විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මියගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරන ලද තීන්දුවේ මෙසේ සඳහන් වේ.

පෙත්සම්කරු රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව ඉදිරිපත් කර ඇති ප්‍රධාන සාක්ෂිය වන්නේ ඇයට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණයේ ඇති අපරාධ නඩුවයි.

එය ක්වො වොරන්ටෝ රීට් ආඥාවක් නිකුත් කිරීමට ප්‍රමාණවත් නොවේ.

ශ්‍රේෂ්ඨාධිකරණ රීති අනුව රීට් ආඥාවක් නිකුත් කිරීම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. පෙත්සම්කරු මෙම රීට් පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ රාජ්‍ය ඇමැතිවරියගේ හොඳ නමට හානි කිරීම සහ ඇය අපකීර්තියට පත්කිරීමේ යටි අරමුණ සහිතව බව පැහැදිලිය.

පෙත්සම්කරු පෞද්ගලික න්‍යාය පත්‍රයක් අනුව කටයුතු කර ඇති බවද ඉදිරිපත් වූ කරුණු අනුව පැහැදිලි වී ඇත. මහජන සුබසෙත සඳහා රීට් පෙත්සමක් ඉදිරිපත් කරන්නේ නම් තම පෞද්ගලික වාසිය සඳහා නොව පොදු යහපත් අරමුණක් ඇතිව එය සිදුකළ යුතු බව අධිකරණයේ මතයයි.

ඒ අනුව මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත්තේ සද්භාවයෙන් තොරව ද්වේශසහගතව බවත් අධිකරණයේ මතයයි. ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා ඇති සහන ප්‍රතික්ෂේප කරන බවද පෙත්සම නිෂ්ප්‍රභ කරන බවද තීන්දුවේ සඳහන්ය. රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට නඩු ගාස්තු ගෙවන ලෙස පෙත්සම්කරුට නියෝග කරන බවද තීන්දුවේ දැක්වේ.

අභියාචනාධිකරණ විනිසුරු එම්.ඒ.ආර්. මරික්කාර් මහතා විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේ සඟන්ය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස ආදර්ශවත් විය යුතුය. විනිවිදභාවයකින් වගවීමකින් යුතු අයකු විය යුතුය.

ඇය විසින් කළ යුතු වන්නේ පෙත්සම්කරුට අභියෝග කිරීම නොව ඇගේ පුරවැසිභාවය පිළිබඳ කරුණු සනාථ කිරීමයි.

පෙත්සම්කරු බැලූ බැල්මට රාජ්‍ය අමාත්‍යවරියට එරෙහිව නඩුකරයක් ඉදිරිපත් කර ඇති බවද පෙනීයයි. ඒ අනුව පෙත්සම්කරු ඉදිරිපත් කර ඇති කරුණු ප්‍රමාණවත් වන බවද රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කරමින් ක්වො වොරොන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන බවද ඇයට පෙත්සම්කරුගේ නඩු ගාස්තු ගෙවීමට නියෝග කරන බවද තීන්දුවේ සඳහන් වේ.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ හෆීල් ෆාරිස් මහතා පෙනී සිටියේය.

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෂවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පෙනී සිටියේය.

BBC සිංහල

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම අභියාචනාධිකරණය ගාස්තුවට යටත්ව ඊයේ (ඔක්. 31) නිෂ්ප්‍රභ කෙරිණි.

මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඛේමා ස්වර්ණාධිපති සහ ඒ. මරික්කාර් යන ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාග කෙරුණි.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන් වන අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඛේමා ස්වර්ණාධිපති යන මහත්ම මහත්මීන් තීන්දු කළේ අදාළ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවයි.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණය සභාපති විනිසුරුවරයා : “මෙවැනි ඉල්ලීමක් ඉදිරිපත් කර අධිකරණයෙන් සහන පැතීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර තිබිය යුතුයි. එහෙත් පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව යි. පෙත්සම්කරු සාක්ෂි වශයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ වගඋත්තරකාරියට තිබෙන අපරාධ නඩුව පමණයි. ඒ වගේම පෙත්සම්කරු නියෝජ්‍ය ආගමන හා විගමන පාලකවරයා පොලිසියට ලබාදුන් ප්‍රකාශ කීපයක් මත විශ්වාසය තබා අධිකරණයට පැමිණ තිබෙනවා. සාක්ෂි ආඥා පනත ප්‍රකාරව මෙම සාක්ෂි පිළිගන්න පුළුවන් ද කියන ගැටලුව අධිකරණයටත් මතුවෙනවා. ඒ නිසා පෙත්සම්කරු ඉදිරිපත් කර තිබෙන සාක්ෂි ඔහු විසින් අධිකරණයෙන් ඉල්ලා සිටින ඉල්ලීම තහවුරු කිරීමට ප්‍රමාණවත් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුව පෙත්සම්කරු අධිකරණයට පැමිණ තිබෙන්නේ ඔප්පු කිරීමට ප්‍රමාණවත් තරම් සාක්ෂි නොමැතිවයි.” කියා සිටියේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා පෙත්සම්කරු විසින් වගඋත්තරකාර ඩයනා ගමගේ වෙත එල්ල කරන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කළ හැකි කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බවත් සඳහන් කළේය.

“මහජන සුභසාධන නඩුකරයක් වශයෙන් මෙම පෙත්සම ඉදිරිපත් කළ බව පෙත්සම්කරු පවසනවා. මහජන සුභ සාධනය සඳහා නඩු ඉදිරිපත් කිරීමේ දී ඒ පිටුපස සැඟවුණු දේශපාලන න්‍යාය වලින් තොරව එය ඉදිරිපත් කළ යුතුයි. එවැනි නඩුකර වලින් සදාචාර විරෝධී ලෙස ලාභ ප්‍රයෝජන අපේක්ෂා නොකළ යුතුයි. එසේම සද්භාවයකින් යුතුව ඉදිරිපත් කළ යුතුයි. වගඋත්තරකාර ඩයනා ගමගේ මන්ත්‍රීවරිය අපකීර්තියට පත් කිරීම සහ ද්වේශසහගත ලෙස ඇයගේ හොඳ නම පළුදු කිරීමේ අරමුණින් සිය පෞද්ගලික න්‍යායපත්‍රය ක්‍රියාත්මක කිරීමේ අරමුණින් පෙත්සම්කරු මෙය ඉදිරිපත් කර තිබෙනවා. එය අධිකරණයෙන් සහනයක් ලබාගැනීමට සුදුසුකමක් නොවෙයි” යනුවෙන් වැඩි දුරටත් කරුණු දැක්වූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න කියා සිටියේය.

ඒ අනුව ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළේ පෙත්සම්කරු ඉල්ලා සිටින සහනය ප්‍රදානය කිරීමට තරම් ඔහු විසින් අධිකරණය හමුවේ සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති හෙයින් ඔහුගේ පෙත්සම ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කරන බවයි.

ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ලේ සුළුතර තීන්දුව ලබා දුන් සාමාජික විනිසුරු ඒ. මරික්කාර් මහතා ප්‍රකාශ කළේ වගඋත්තරකාරිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වශයෙන් මහජනතාවට වගවීමට හා විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට බැඳී සිටින බවයි.

එමෙන්ම වගඋත්තරකාරිය සිය ශ්‍රී ලාංකික පුරවැසිභාවය පිළිබඳව කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇති බවත් ඒ අනුව ඇයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බවත් ය.

ඒ අනුව වගඋත්තරකාර ඩයනා ගමගේ මහත්මියට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසු කමක් නොමැති බව තීන්දු කරමින් රිට් ආඥාවක් නිකුත් කරන බවත් ඇය විසින් පෙත්සම්කරුට නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මරික්කාර් විනිසුරුවරයා නිකුත් කළ තීන්දුවේ වැඩිදුරටත් සඳහන් ය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක බැවින්, ඇයට මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වීමට, අසුන් ගැනීමට සහ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකමක් නොමැති බවට තීන්දු කරන්නැ යි ඉල්ලා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

පුවත උපුටා ගැනීම BBC සිංහල වෙබ් අඩවියෙනි.

SendShareShare
Previous Post

‘සියැට් කැලණි’ 25 වැනි සැමරුමට රනිල් මහින්ද ෂැංග්‍රිලාවට ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

Next Post

ඖෂධ හදිසි මිලදී ගැනීම් වහාම නවතා දමන්න ඇමැති රමේෂ්ගෙන් තීරණයක්! Sri Lanka Latest News

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.