මොරටුව පීරිස් මාවත කෙළවරේ බොල්ගොඩ ගඟේ තිබී මළ සිරුරක් සොයාගෙන තිබේ. (Sri Lanka Latest News)
ඊයේ (27) උදෑසන එම මළ සිරුර ඇති බවට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කළ බව පොලීසිය පැවසීය.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැත.
මියගිය පුද්ගලයා උස අඩි 5ක් පමණ වන තළෙලු සිහින් සිරුරක් ඇති, කොණ්ඩයට කොටට කපා ඇති, දකුණු අතේ වැලමිට අසලින් ඉවත්වී ඇති අයෙක් බව පොලීසිය සඳහන් කරයි. ඔහු කළු පැහැති කොට කලිසමක් හා දුඹුරු පාට ටීෂර්ට් එකක් හැද සිට ඇත.
මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු මෘත ශරීරය කළුබෝවිල රෝහලේ තැනපත් කර තිබේ.
dinamina










