• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

පොහොට්ටුව ජී.එල්.-ඩලස් හෝ ධම්මික අගමැති කරයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

October 28, 2023
in Exclusive, Gurudawa
Reading Time: 5 mins read
A A
පොහොට්ටුව ජී.එල්.-ඩලස් හෝ ධම්මික අගමැති කරයිද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෛත්‍රීපාල, රනිල්ගේ ආණ්ඩුව එක්ක ඉස්සෙල්ලාම හැප්පුණේ මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ව ඉවත් කරලාය. මෛත්‍රී, අර්ජුන් මහේන්ද්‍රන්ව ඉවත් කරන තීරණය ගත්තේ තට්ට තනියම නොවේ. අගමැති රනිල් එක්ක සාකච්ඡා කරලාය. රනිල් අකැමැත්තෙන් කැමැති විය. මහබැංකු අධිපති ධුරයට කුමාරස්වාමිගේ නම යෝජනා කළේ රනිල්ගේ නොනිල උප අගමැති වූ මලික් සමරවික්‍රමය. මෛත්‍රී ඒකට කැමැති විය. රනිල්ටද විරුද්ධ නොවී බැරි විය.Sri Lanka Latest News

ඉන් පසු මෛත්‍රී රවි කරුණානායකට මුදල් ඇමැති ධුරයෙන් ඉවත් වෙන්න කීවේත්, විදේශ ඇමැති ධුරයෙන් ඉවත් වෙන්න කීවේත් රනිල් එක්ක සාකච්ඡා කරලාය. මෛත්‍රී මංගලව මුදල් ඇමැති කළේත්, තිලක් මාරපනව විදේශ ඇමැති කළේත් රනිල් එක්ක සාකච්ඡා කරලාය.

2018 පුංචි ඡන්දයට පසු මෛත්‍රී රනිල්ගේ සමීපතම ගෝලයා වූ සාගලට පොලිස් ඇමැති ධුරයෙන් ඉවත් වෙන්න කීවේත්, රංජිත් මද්දුමබණ්ඩාරව පොලිස් ඇමැති කළේත්, පසුව සාගලට දක්ෂිණ සංවර්ධන ඇමැති ධුරය දුන්නේත් රනිල් එක්ක සාකච්ඡා කරලාය.

මෛත්‍රී ජනාධිපති වූයේ යූ.ඇන්.පී. ඡන්දවලින්ය. ඒත් මෛත්‍රීට ජනාධිපති වෙන්න අවශ්‍ය 50% ගන්න මහින්දගේ ආණ්ඩුවෙන් කඩාගෙන ආ ඇමැතිවරුන්ගේ ඡන්ද සහ මෛත්‍රීපාලගේ නව නායක ප්‍රතිරූපය හේතු විය. ඒත් මෛත්‍රී ඇමැති මණ්ඩල සංශෝධනය කරපු හැමවිටම රනිල් එක්ක සාකච්ඡා කළේය. ඔහු රනිල් එක්ක සාකච්ඡා නොකර කළේ රනිල්ව අගමැති ධුරයෙන් ඉවත් කොට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පමණි. ඒ, රනිල් එක්ක වැඩකරන්න බෑ කියලා තීරණය කිරීමෙන් පසුවය.

මෛත්‍රී එලෙස ඇමැති මණ්ඩල සංශෝධන කරන විට රනිල් එක්ක සාකච්ඡා කළේ ආණ්ඩුවට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය තියෙන්නේ අගමැති රනිල් සහ යූ.ඇන්.පී.ය අතේ නිසාය. ඒ වෙලාවේ රනිල් ආණ්ඩුව මගේ කියන හයිය අරගෙන මෛත්‍රී එක්ක ගනුදෙනු කළේය.

‘එතකොට අද පොහොට්ටුවට ඒ හයිය නැත්තේ මොකද?’

පොහොට්ටුවට ඒ හයිය නැත්තේ පොහොට්ටුව දිනේෂ්ව අගමැති කරන්න රනිල්ට අනුමැතිය දුන් නිසාය. පොහොට්ටුව රනිල්ට ජනාධිපතිකමත්, දිනේෂ්ට අගමැතිකමත් දුන්නේ කාරණා දෙකකටය. පළමුවැන්න සජිත් ප්‍රේමදාස ජනාධිපති හෝ අගමැති වෙයි කියන බයය. දෙවැන්න පොහොට්ටුවෙන් රාජපක්ෂ කෙනෙක් ජනාධිපති හෝ අගමැති වෙයි කියන බයය. ජනාධිපතිකම රනිල්ට දී අගමැති ධුරයට පොහොට්ටුවේ සභාපති ජී.එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම හෝ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා පත්කළා නම් අද පොහොට්ටුව රනිල්ගේ පාපිස්සක් බවට පත්වන්නේ නැත.

ජී.එල්. පක්ෂ සභාපති ලෙස පොදුජන පෙරමුණේ විශ්වාසය දිනාගත් අයෙකි. ඩලස්, ජී.එල්.ටත් වඩා පරණ පොදුජන පෙරමුණේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, පොදුජන පෙරමුණේ නායකයෙකි. ධම්මික පෙරේරා අලුත් චරිතයකි. පොහොට්ටුවෙන් සමුගත් පාවෙන ඡන්දවලට කතා කළ හැකි අයෙකි.

දිනේෂ් පොහොට්ටුවේ නායකයෙක් හෝ සාමාජිකයෙක් නොවේ. ඔහු රාජපක්ෂලාගෙන් ඇමැති ධුර බලාපොරොත්තු වූ මහජන එක්සත් පෙරමුණේ නායකයාය. ඔහුත් විමල්, උදය සහ වාසු වැනි සුළු පක්ෂ නායකයෙකි. ගෝඨාභය, විමල් සහ උදයව ඇමැති ධුරවලින් ඉවත් කරන විට ඔවුන් සමග සිටි දිනේෂ් ඊට එරෙහිව වචනයක්වත් කතා කළේ නැත. හේතුව දිනේෂ්ට විමල්ලාට, උදයලාට වැඩිය ඇමැතිකම ලොකු විය. එවිට රාජපක්ෂලා හිතන්න ඇත්තේ දිනේෂ් රාජපක්ෂලාට සුවච කීකරු ගෝලයෙක් කියාය. ඇත්තටම දිනේෂ් රාජපක්ෂලාට සුවච කීකරු ගෝලයෙක් නොව ඇමැති ධුරයට සුවච කීකරු ගෝලයෙකි. රනිල් ජනාධිපති වෙන්න කලින් සිටම මෙය හොඳින් අවබෝධ කරගන්න ඇත. ඔහු දිනේෂ්ව අගමැති කරගන්න එකඟ වූයේ ඒ නිසාය.

‘දිනේෂ්ව අගමැති කරන්න යෝජනා කළේ කවුද..,?’

තවමත් දිනේෂ්ගේ පත්වීම අබිරහසකි. සමහර විට මහින්ද, දිනේෂ්ව අගමැති ධුරයට පත්කරන්න ඇත. පොහොට්ටුවෙන් රාජපක්ෂ නොවන අයෙක් අගමැති වෙයි කියා බයේ බැසිල් ඒකට කැමැති වෙන්න ඇත. ගෝඨාභයත් ඕනා මඟුලක් කියලා අහක බලාගෙන ඉන්න ඇත. දිනේෂ්ව අගමැති කළොත් තමාගේ ඔටුන්න හිමි කුමාරකම රැකෙනවා යැයි නාමල් හිතන්න ඇත. දිනේෂ්ව අගමැතිකමට දමලා මැති ඇමැතිවරු පත්කිරීම්, ආණ්ඩුවේ තීන්දු තීරණ, නිලධාරීන් පත්කිරීමේ බලය තමන් අතට ගතහැකි වනු ඇතැයි රාජපක්ෂලා හිතන්න ඇත. රාජක්ෂලා දිනේෂ්ව සාක්කුවේ දමාගන්න ගියේය. රනිල් ඊට කලින් දිනේෂ්ව සාක්කුවේ දමාගත්තේය.

දිනේෂ් 21 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ බලතල සහිත අගමැතිවරයෙකි. ඒත් ඔහු සිය බලතල අංශු මාත්‍රයක්වත් පාවිච්චි කරන වග පේන්න නැත. ඔහු අගමැතිකම කරන්නේ තමන් අගමැති ධුරය දරන්නේ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ කියලා හිතාගෙනය.

‘ජී.එල්., ඩලස් හෝ ධම්මික පෙර්රා අගමැති වුණා නම් වෙන්නේ මොකක්ද…?’

ජී.එල්., ඩලස් හෝ ධම්මික අගමැති වුණා නම් රනිල්ට මේ සෙල්ලම් කරන්න ලැබෙන්නේ නැත. එහෙනම් ඇමැති ධුර පත්කරන්නේ කොහොමද, ඇමැති මණ්ඩල සංශෝධන කරන්නේ කොහොමද කියලා තීරණය කරන්න රනිල්ට අනිවාර්යයෙන්ම ජී.එල්., ඩලස්ගෙන් හෝ ධම්මිකගෙන් අහන්න සිදුවේ. එහෙම වුණා නම් පාර්ලිමේන්තු බහුතරය මෙහෙයවන්නේ රනිල් නොව ජී.එල්., ඩලස් හෝ ධම්මිකය. ඔවුන් පොහොට්ටුවේ සාමාජිකයන්ය. ඔවුන් ඉන්නේ පොහොට්ටුව තුළය. ඔවුන් වටේට ඉන්නේ පොහොට්ටු මන්ත්‍රීවරුය. ඔවුන් කියන දේ රනිල් ලව්වා කරගෙන පොහොට්ටුවේ විශ්වාසය දිනාගැනීමට ඔවුන්ට සිදුවේ. දිනේෂ්ට එහෙම ප්‍රශ්නයක් නැත. දිනේෂ් තනි මිනිහෙකි. ඔහු හිතන්නේ රනිල් රැකුණොත් ඔහු රැකෙයි කියාය. රනිල් පොහොට්ටුව කඩලා හරි තමන්ගේ අගමැති ධුරය රැකලා දෙයි කියලා ඔහු හිතනවා විය යුතුය. ඔහු ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධයෙන් ඔහුගේත් මහජන එක්සත් පෙරමුණේ ප්‍රතිපත්තිත් පාවා දීලා රනිල් එක්ක එකට හිටගෙන ඉන්නේ ඒ නිසාය.

පොහොට්ටුවට අළු ගසලා නැගිටින්න නම් පළමුව කළ යුත්තේ දිනේෂ්ව ඉවත් කරවා ගැනීමය. දිනේෂ් අගමැති ධුරයේ ඉන්නතාක් කවදාවත් පොහොට්ටුවට අත්තටු ලැබෙන්නේ නැත. රනිල් ඉන්න ඉන්න පොහොට්ටුව වැටෙයි. දිනේෂ් ඉන්න ඉන්න පොහොට්ටුව බිමටම සමතලා වෙයි.

දිනේෂ් අගමැති වූ විට බැසිල් සහ නාමල් ඔහුව පොදුජන පෙරමුණු කාර්යාලයට ගෙනැවිත් ලොකු ෂෝ එකක් දැම්මේය. පොහොට්ටුව පෙන්නුවේ රනිල්ව ජනාධිපති කළේ රට බලාගන්න, දිනේෂ්ව අගමැති කළේ පක්ෂය බලාගන්න කියාය. ඒත් අද දිනේෂ් කරන්නේ රනිල්ව බලාගැනීමය.

‘දිනේෂ්ව ඉවත් කරන්නේ කොහොමද…?’

දිනේෂ්ව ඉවත් කරන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රී අස්සන් 113ක් අවශ්‍යය. ඒ සඳහා අනිවාර්යයෙන්ම ජී.එල්. – ඩලස් සන්ධානයට සහ විමල්ලාටත් උදයලාටත් කතා කළ යුතුය. සුළු පක්ෂවලටත් කතා කළ යුතුය. පොහොට්ටුවට රනිල්ව ඉවත් කරන්න බැරිය. ගිය නුවණ ඇත්තු ලවාවත් අද්දවන්න බැරිය. හැබැයි අගමැති ධුරය හොඳ තුරුම්පු ආසියෙකි. පොහොට්ටුවේ විශ්වාසය දිනාගත් රනිල් එක්ක හැප්පෙන්න පුළුවන් අගමැති කෙනෙක් පත් කරගතහොත් රනිල්ට වෙන්නේ මෛත්‍රීපාලට වෙච්ච දෙයය.

රාජපක්ෂලා හිතන්න ඕනා රාජපක්ෂලා රැකෙන්න ගිහින් පොහොට්ටුවයි රාජපක්ෂලායි දෙකම විනාශ කරගන්නවාද, නැතිනම් රාජපක්ෂලාට මේ වෙලාවේ මොනවා වුණත් කමක් නැහැ කියා පළමුව පොහොට්ටුව ආරක්ෂා කොට දෙවැනුව රාජපක්ෂලා ගැන හිතනවාද කියන එකය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

නොවැම්බර් 13..! පාර්ලිමේන්තුව අසලට මහ සෙනගක්! VIDEO I Sri Lanka Latest News

Next Post

උතුම් වප් පුර පසළොස්වක පොහොය අදයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.