• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අම්මා කෙනෙකුයි,තාත්තා කෙනෙකුයි,පුත්තු දෙන්නෙකුයි ආදරේ හිතෙනවා දැක්කාම I Sri Lanka Latest News

October 28, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මවුපියන් තමන්ගෙ දරුවන් වෙනුවෙන් කොයි තරම් නම් බලාපොරොත්තු තියාගන්නවද? දස මාසයක් කුසේ තියාගෙන බිහිකරන කිරිකැටියා ටිකෙන් ටික ලොකුමහත් වෙද්දී ඒ දරුවා අනාගතේ දවසක රටටම ආඩම්බරයක් වෙන දක්ෂයෙක් වේවි කියලයි හැම අම්මා කෙනෙක්ම, තාත්තා කෙනෙක්ම හිතන්නේ. ඒ වගේම දරුවන් තුළත් අනාගතය ගැන මහ මෙරක් තරම් බලාපොරොත්තු තියෙනවා.(Sri Lanka Latest News)

මම අනාගතේ දවසක ලෝකයම පිළිගන්න, වටිනා රැකියාවක් කරනවා කියලා හිතලා ඒ වෙනුවෙන් කැපවෙන දරුවෝ අපි අතර ඕනෑ තරම් ඉන්නවා. අද අපි ඔබට කියන්න යන්නේත් එවැනි පුතකු ගැනයි. මේ පුතා තමන්ගේ අම්මාගේ තාත්තාගේ හිතේ තිබුණු බලාපොරොත්තුව ඉෂ්ට කළා. එවැනි දරුවෙක් ලබන්නට ඒ අම්මා තාත්තා කොයි තරම් නම් වාසනාවන්ත වෙන්න ඕනෙද? ඒ අවස්ථාව කොයි තරම් හැඟීම්බරද? අම්මාගේ ආදරයට කරුණාවට සමකරන්න පුළුවන් වෙන කිසිවක් මේ මිහිපිට නැහැ. අම්මා මොන තරම් පීඩාවකට පත්වෙලා හිටියත්, ඇය රකින්නේ තම දරුවන්වයි. ඒ වගේමයි තාත්තා කෙනකුගේ ආදරය. තාත්තෙක් තම දරුවට ආදරය දෙන්නේ ලෝකයට නොපෙනන ලෙසයි. තාත්තා දරුවන්ව කුසයේ නොදැරුවාට, දරුවන්ගේ ජීවිතවල වගකීම දැරුවේ ඔහුයි.

බොහෝ මවුවරුන් ජීවිතේ දුක් කම්කටොලුවලට මුහුණ දෙන්න බැරිව මැදපෙරදිග රටවල රැකියා සඳහා යනවා. එහෙම විදෙස්ගත වෙන මවුවරුන්ගේ බලාපොරොත්තුව තමයි තමන්ගේ දරුවන්ගේ අනාගත සිහින සැබෑ කරවීම. මවුවරුන් කරන ඒ කැපකිරීම් වචනවලින් කියන්න බැහැ. නන්නාඳුනන දුරු රටක පැය ගණනාවක් තිස්සේ කුසට හරි හමන් ආහාරයක් නැතිව දිවා රෑ ඔවුන් වෙහෙසෙන්නේ දරුවන් ගැන සිතමින්. අම්මා කෙනකු සිදුකරන ඒ කැපකිරීම මුදලින් මනින්න කවදාවත්ම බැහැ.

තම පුතාගේ සිහිනය වුණු ගුවන් නියමුවකු වීමේ අපේක්ෂාව ඉටුකරලීම වෙනුවෙන් වසර 30ක් පුරා අප්‍රමාණ කැපකිරීමක් කළ ඉතියෝපියානු ජාතික මවක් ගැන සංවේදී කතාවක් අද අපේ ලිපියට පාදක වෙන්නේ. තම පුතාගේ අපේක්ෂාව වුණේ කවදා හරි දවසක ගුවන් නියමුවෙක් වෙනවා කියන අදහසයි. මේ අම්මා තම දරුවාගේ ඒ අපේක්ෂාව මුදුන් පමුණුවා ගන්න අවශ්‍ය අතිවිශාල මුදල සොයාගන්න ලෙබනනයේ ගෘහ සේවයට පිටත්ව යනවා. අවුරුදු 30ක් එලෙස ගෘහ සේවයේ යෙදී සිටිමින් උපයාගත් මුදල් තම දරුවාගේ අරමුණ වෙනුවෙන් මේ අම්මා යොදවනවා.

ඒ පුතත් තමන්ගේ අම්මා දුක් මහන්සි වෙලා හරිහම්බ කරලා එවන මුදල් අපතේ නොයවා තම අරමුණට යන්න දිවා රෑ වෙහෙසුණා. ඒ විදියට වසර 30ක් ගතවූ තැන මේ පුතා තමන්ගේ අරමුණ ජයගත්තා. ඔහුට ගුවන් නියමුවෙක් විදියට ඉතියෝපියානු ගුවන් සේවයේ රැකියාව හිමිවුණා. පුතාට ඕනෙ වුණේ අම්මාව පුදුමයට පත්කරන්නයි. අම්මාව සතුටු කරන්න පුදුම හිතෙන දෙයක් කරන්න ඔහු සිතාගත්තා. තම පුතාගේ ගුවන් නියමු සිහිනය සැබෑ වූ බව දැනගත්ත මේ අම්මා ලෙබනනයේ ගෘහ සේවයෙන් ඉවත් වෙලා නැවත තම මවු රට වූ ඉතියෝපියාව බලා යන්න තීරණය කරලා තිබුණා. ඒ අනුව ඇය ලෙබනනයේ බීරූට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට පැමිණ සිටියේ තම රටට යෑමට නියමිත ගුවන් යානය අපේක්ෂාවෙනුයි.

මේ අම්මාව ගුවන් සේවිකාවන් විසින් ගුවන් යානා පර්යන්තය වෙත රැගෙන ගියා. එහිදී ඇගේ ඇස් අදහා ගන්නට බැරි දෙයක් සිදුවුණා. ඇයට දැකගන්න ලැබුනේ ගුවන් නියමු නිල ඇඳුමෙන් සැරසී සිටින තම ආදරණීය පුතායි. මේ පුතා මල් කලඹක් සහ කේක් එකක් සූදානම් කර තම මව ඉතා ආදරයෙන් පිළිගත්තා. ඒ මොහොතේ අම්මාගේ දෑසින් සතුටු කඳුළු වැගිරෙන්නට වුණා. වසර 30ක් තිස්සේ දුරු රටක ගෘහ සේවයේ නිරත වෙමින් උපයාගත් මුදලින් තම පුතාගේ අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගන්න මේ අම්මා දුන් ශක්තිය අද ඵල දරලා.

අම්මාටත්, පුතාටත් ඒ අවස්ථාව වචනයෙන් විස්තර කළ නොහැකි තරම් සංවේදී මොහොතක් වුණා. තවත් මොහොතකින් තමන්ගේ මෙහෙයවීමෙන් යුත් ගුවන් යානයෙන්ම තම ආදරණීය අම්මාව මවුබිමට රැගෙන යන්න ඔහු කටයුතු කළා. එවැනි මවකට දැනෙන සතුට කියා නිම කරන්නට වචන නැහැ. මේ සිදුවීම ක්ෂණයකින් මුළු ලොව පුරාම පැතිරෙන්නට වුණේ සමාජ මාධ්‍ය ජාල හරහායි. ඒ සංවේදී අවස්ථාව ගැන බොහෝ දෙනා සිය අදහස් පළකර තිබුණේ අම්මාගේ කැපකිරීම අගය කරමිනුයි.

අප රටේද මවුවරුන් කුවේට්, ඩුබායි, ලෙබනන්, සෞදි අරාබි ඇතුළු මැදපෙරදිග රටවල ගෘහ සේවයට යන්නේ තම දරුවන්ගේ සිහින සැබෑ කරවීමේ බලාපොරොත්තුවෙන්. නමුත් මැදපෙරදිග ගෘහ සේවය ගැන බොහෝ දෙනෙකු තුළ පවතින්නේ ඍණාත්මක අදහසක්. එසේ වුවත් දරුවන්ගේ සුබ සිහින වෙනුවෙන් එවැනි රටවල දුක් විඳින දහසක් අම්මාවරුන්ට අපේ ගෞරවය පුදකළ යුතු නොවේද? ඔවුන් කරනා සේවය අප අගය කළ යුතු නොවේද?

ඉහත සිදුවීමට යම් සමානකමක් දක්වන තවත් සිදුවීමක් පසුගිය දිනෙක අප රටෙන් වාර්තා වුණා. පියෙකු මෙලොව හැර යන විට ඔහුගේ පුතා, පියාගේ එකම සිහිනය සැබෑ කර තිබීම එම සිදුවීමයි. මේ තාත්තාගේ බලාපොරොත්තුව වී තිබුණේ කවදා හෝ දිනෙක තම පුතු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩා කරනු දැකීමයි. නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයකු වූ මේ පුතා, මියගිය සිය පියාගේ මෘත දේහය නිවෙසේ තිබියදී පසුගිය 22 වැනිදා බංගලාදේශයට එරෙහිව දඹුල්ලේ පැවැති අවසන් තීරණාත්මක තරගයට ක්‍රීඩා කර තම රට ජයග්‍රහණය කරා ගෙනයෑමට කටයුතු කර තිබුණා. මේ පුවත බොහෝ දෙනකුගේ හදවත සංවේදී කළ සිදුවීමක් වුණා. එහිදී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවැති එක්දින තරගාවලිය 2ට 1ක් ලෙස ජයග්‍රහණය කිරීමටයි ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමට හැකියාව ලැබී තිබුණේ. එහෙත් මේ ජයග්‍රහණය පිටුපස සැඟව තිබුණේ දුක්බර කතාවක්.

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු පවන් රත්නායක ක්‍රිකට් තරගයට සහභාගි වුණේ මහමෙරක් තරම් හිතේ දුකක් සඟවාගෙන. ඒ, තරගය ආරම්භ කිරීමට පෙර තම ආදරණීය පියා ජීවිතයෙන් සමුගෙන ගොස් ඇති බවට වූ පුවත කනවැකීම නිසායි. ඒ ශෝකජනක පුවතෙන් පවන්ගේ හදවත වේදනාවට පත්වූ නමුත් පවන්ට අදිටන් කරගත්තේ තම ආදරණීය පියා වෙනුවෙන්, ඔහුගේ බලාපොරොත්තුව ඉෂ්ට කිරීමටයි. පවන්ගේ පියාගේ එකම සිහිනය වී තිබුණේ තම පුතා දක්ෂ ක්‍රිකට් ක්‍රීඩයකු වනු දැකීමයි. කෙසේ වෙතත් පියාගේ බලාපොරොත්තුව ඒ අයුරින්ම ඉටුකිරීමට සමත් වූ මේ තරුණයා ඒ පිළිබඳ පවසා සිටියේ මෙවැන්නකි.

‘තාත්තාගේ එකම බලාපොරොත්තුව වුණේ මම කවදා හරි දවසක ලංකාවේ ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන එක. ඊට කලින් එයා නැතිවුණා. මම පුහුණුවීම් කරද්දී අම්මාට කෝල් එකක් දුන්නා. නමුත් අම්මා මට මුකුත් කිව්වේ නැහැ. මම තාත්තාට ෆෝන් එක දෙන්න කියද්දීත් අම්මා මුකුත් කිව්වේ නැහැ. මට ඒ ගැන ගොඩාක් දුකයි. මම ඒ සිහිනය කවදා හරි දවසක ඉෂ්ට කරනවා. මම දැන් කඩඉමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම අම්මා එක්ක කතාකරගෙන ඒ මැච් එක ගැහුවා. ඇත්තටම මට තාත්තා වෙනුවෙන් දෙන්න පුළුවන් තාත්තා වෙනුවෙන් ඉෂ්ට කරන්න පුළුවන් දේ තරගය ජයග්‍රාහණය කිරීමයි…’

එම තරගයේදී පවන් පන්දු 56කට ලකුණු 86 රැස්කර කණ්ඩායමේ ජයග්‍රහණයට සුවිශාල දායකත්වයක් ලබාදී තිබුණා. පසුව සිය පියාට අවසන් ගෞරව දැක්වීමට පිළියන්දල පිහිටි සිය නිවෙසට පැමිණියේ කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයන්ද සමගයි. එහිදී පවන් සිය මව වැලඳගෙන වැළපෙන්නට වුණේ ජයග්‍රහණයේ සතුටට වඩා පියාගේ සමුගැනීමේ ශෝකය ප්‍රබලව ඔහුගේ හිතට දැනී තිබූ නිසයි.

පවන් කියන්නේ මවුපියන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කළ හොඳ පුතෙක්. තම ආදරණීය පියා ජීවිතයෙන් සමුගෙන ගොස් සිටි අවස්ථාවක වුණත් තම වගකීම අත්නොහැර ඉටුකළ පවන් වැනි දරුවන් අපේ රටට ආඩම්බරයක්.

අම්මා තාත්තා කියන්නේ දරුවකුගේ ජීවිතයේ හිරු සහ සඳුයි. මේ හිරු සඳු නැත්නම් දරුවකුගේ ජීවිතය එළිය වෙන්නේ නැහැ. මවුපියන්ට වාරු නැති වූ දවසක ඔවුන්ව ආදරෙන් රැකබලා ගන්න ඔවුන් වෙනුවෙන් ඔබට කළහැකි හැම කැපකිරීමක්ම කරන්න. හැම යුතුකමක්ම ඉටුකරන්න. එසේ නොකළොත්, ඔවුන් ඔබව අත්හැර ගිය දවසක ඔබට පසුතැවෙන්නට සිදුවේවි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මුජිබර් මැද කොළඹ – හසිත් කඩවත – සරත් සේරුවිල – ජේ.සී. මාවතගම- අජිත් කළුතර -ගයාන් කැස්බෑව! ලයිට් බිලට එරෙහි සජබ පන්දම් රැල්ල එකවර රට වටේම පත්තු වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

නොවැම්බර් 13..! පාර්ලිමේන්තුව අසලට මහ සෙනගක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.