ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලවල මේ වන විට ඉතා ජනප්‍රිය සේවාවක් ලෙස Online ක්ෂණික ණය හැඳින්විය හැකිය.
විනාඩි 10ක් වැනි කෙටි කාලයක් තුළ රු. 10000, 20000, 50000 වැනි මුදල් ප්‍රමාණයන් ණයක් ලෙස ලබාගැනීමට හැකි බව සඳහන් කරමින් අදාළ ආයතන ෆේස්බුක් ඔස්සේ දැන්වීම් පළකරනු ලබනවා.
එහෙත් එම දැන්වීම්වල දැක්වෙන ආකාරයට ණය මුදල් ලබාගත් පුද්ගලයන් පත්ව ඇත්තේ දැඩි ගැටලුකාරී තත්තවයකටයි. පොරොන්දු වූ පරිදි ණය මුදල ගෙවීම එක් දිනකින් හෝ ප්‍රමාද වුවහොත්, ණය ලබාගත් පුද්ගලයා වංචාකරුවකු බව කියමින් ඔහුගේ පෞද්ගලික තොරතුරු පවා ඔහුගේ පවුලේ අයට සහ මිතුරු මිතුරුයන්ට යැවීමට මෙම ක්ෂණික ණය සමාගම් කටයුතු කරන බව සඳහන්ය.
මේ වන විට දහස් ගණනක් වූ ජනතාව දැඩි මානසික පීඩනයකට ලක්කර ඇති මෙම ක්ෂණික ණය මුදල් සම්බන්ධ ගැටලුව පිළිබඳ ජනතාව දැනුවත් කරන මාධ්‍ය හමුවක් අද (25) කොළඹදී පැවැත්වුණා.
මෙම ණය උගුලට හසුව අන්ත අසරණව සිටින කිහිප දෙනකු එහිදී අදහස් දක්වා සිටි අතර, මෙම ණය ලබාදෙන සමාගම්වල අනීතික බව පිළිබඳවද එහිදී නීතිඥවරුන් අදහස් පළ කර සිටියා.
Newsfirst










