කොටිකාවත්ත සණස බැංකුවෙන් රුපියල් එක් කෝටි විසි ලක්ෂයකට ආසන්න රන් ආභරණ සොරාගැනීම ඇතුළු අපරාධ 5කට සම්බන්ධ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු වන ” නාවල කුංජි” නැමැත්තා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි. (Sri Lanka Latest News)
නාවල කුන්ජි නැමැත්තාට එරෙහිව 2021 වර්ෂයේ සිට මේ දක්වා දරුණු ගණයේ අපරාධ නඩු 13 ක් අධිකරණයේ විභාග වන බව පොලිසිය කියයි
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කුන්ජි නමැත්තාගෙන් අනියම් බිරිඳ ද වන බවත්, ඇය සහ සෙසු සැකකරුවන් සොරබඩු බැහැර කිරීම යටතේ අත්අඩංගුවට ගත් අය බව පොලිසිය කියයි.
lankadeepa










