• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලයිට් බිල මෙහෙම වැඩි කරලා මොන ස්මාර්ට් රටවල් හදන්නද මේ යන්නේ! මේකෙන් වෙන්නේ පාසල් දරුවන්ට තුන් වේල කන්න නැති වෙනවා! දරුවො පන්තිවල කලන්තෙ දාලා වැටෙනවා! හරියට ඉගෙනගන්න බැරි වෙනවා! දරුවන්ට ‌තුන්වේල කාලා ‌හොදට ඉගෙනගන්න පුලුවන් රටක් හදන වගකීම අපි බාරගන්නවා! තවත් සුහුරු පන්ති කාමරයක් මේ රටේ දරුවන්ට පරිත්‍යාග කරමින් විපක්ෂනායක සහතිකයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 19 mins read
A A
ලයිට් බිල මෙහෙම වැඩි කරලා මොන ස්මාර්ට් රටවල් හදන්නද මේ යන්නේ! මේකෙන් වෙන්නේ පාසල් දරුවන්ට තුන් වේල කන්න නැති වෙනවා! දරුවො පන්තිවල කලන්තෙ දාලා වැටෙනවා! හරියට ඉගෙනගන්න බැරි වෙනවා! දරුවන්ට ‌තුන්වේල කාලා ‌හොදට ඉගෙනගන්න පුලුවන් රටක් හදන වගකීම අපි බාරගන්නවා! තවත් සුහුරු පන්ති කාමරයක් මේ රටේ දරුවන්ට පරිත්‍යාග කරමින් විපක්ෂනායක සහතිකයක් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සුහුරු රටක් නිර්මාණය කරනවා යැයි පවසා රටේම නීතිය සහ කැබිනට් තීන්දු උල්ලංඝනය කර විදුලි බිල නැංවීමට රජය කටයුතු කරන බවත් ඒ තුළින් සුහුරු රටක් ඇති නොවන බවත් ඒ නිසා පාසල් යන ළමුන්ගේ පෝෂණය අඩු වීම දෙමාපියන්ට දරුවන්ට හොද අධ්‍යාපනයක් හා ආහාර වේලක් ලබා දීමට නොහැකි වීම නිසා ළමුන්ගේ මොළය වර්ධනය දුර්වල වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

එක වසරක් තුළ 3 වතාවක් අනිතිකව විදුලි බිල වැඩි කර ඇති බවත් එසේ වැඩි කර විෂය භාර ඇමතිවරයා වීරයකු මෙන් පංපෝරි ගහන බවත් කොපමණ ජල විදුලිය නිපදුවත් මාස 3න් 3ට විදුලි බිල වෙනස් කරන බවට පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙය සුහුරු රටක ලක්ෂණයක් නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම ජනාධිපති කියන සුහුරු රටේ ඇත්තේ වැඩි කිරීම හා විකිණිම බවත් බිලියන ගණනක් ලාභ ලබන ලිට්රෝ ගෑස් ආයතනයත් විකිණීමට රජය සූදානම් බවත් මේ නිසා සේවක ආරක්ෂව පවා අහිමි වි ඇති බවත් රටේ සිදු වන්නේ වැඩි වීම හා විකිණිම බවත් ඒ තුළින් අසීමිත අසහනයක් පීඩනයක් නිර්මාණය කර ඇති බවත් ඒ නිසා වැඩිම හානිය රටේ දරු පරපුරට හා මව්පරපුරට සිදුවන බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

තවද 75 වසරක ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක නොවූ ලෙස වත්මන් විපක්ෂ විසින් ජනතාවට සේවය කරමින් සිටින බවත් තමා ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනතා සේවකයකු හා මේ රටේ තාවකාලික බාරකරුවක පමණක් බවත් එම නිසා සෑම විටම ජනතාවට සේවය කිරීමට කැපවි සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහි කිරීමේ ගමනට ශක්තියක් වන සක්වල වැඩසටහනේ 37 වැනි සුහුරු පන්ති කාමරය අද (24) උතුරු කොළඹ ඩි ලා සාල් විද්‍යාලයට ලබා දීමේ අවස්ථාවට එක් වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

රටේ නායකයාට කිසිදු සංවේදීභාවයක් නොමැති බවත් රටේ ජනතාව දුකට පීඩනයට පත්වන විට රටේ ජනාධිපතිවරයා තව තවත් වැඩි කිරීම් සිදු කරමින් විකුණමින් රටේ ජනතාව නෙමරා මරා දමන බවත් ආර්ථික හැකිලිමට අමතරව ජන පරපුරත් කුඩා කිරීමට කටයුතු කරමින් සිටින බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රටේ බුද්ධිගලනයක් සිදුවන මොහොතක මේ වන විට රටට අවශ්‍ය වන්නේ දුක දැනෙන දුකට විසදුම් දෙන නායකත්වයක් බවත් ඒ සදහා අවශ්‍ය සියලු මග පෙන්වීම් සමගි ජන බලවේගය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එසේම අධ්‍යාපනය සමගි ජන බලවේගයේ සංවර්ධන න්‍යාය පත්‍රයේ අංක 1 ප්‍රමුඛතාවක් බවත් රජයේ පාසල් 10126ම සුහුරු පාසල් බවට පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. අධ්‍යාපනය දුප්පත්කම තුරන් කිරීමේ හොඳම ක්‍රියාවලියක් බවත් එය ආර්ථික සමාජීය සවිබල ගැන්වීමේ හොඳම ක්‍රියාවලියක් බවත් එය රටක නිෂ්පාදනය නංවා අපනයන ප්‍රවර්ධනය කිරීමෙ හොඳම ක්‍රියාවලිය බවත් එය තාක්ෂණික දියුණුව ඇති කිරීමේ රට සුරක්ෂා කිරීමේ මෙන්ම රට අභ්‍යන්තරයේත් ජාත්‍යන්තරයේත් අධ්‍යාපනය තුළින් වෙළෙඳාම හා ව්‍යාපාරික අවස්ථා පුලුල් කර ලෝක සාමය ඇති කිරීම සදහා යොදා ගත හැකි බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ශ්‍රී ලංකාව තරගකාරී ලෝකයේ සෑම තැනකින්ම ජය ගත හැකි එකම මාර්ගය වන්නේ සුහුරු අධ්‍යාපනය බවත් එම සුහුරු අධ්‍යාපනය තුළින් සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය හා සුහුරු පුරවැසිය ඇති වන බවත් ඒ තුළින් සුහුරු රටක් බිහි වන බවත් ඒ සදහා දූපත් මානසිකත්වයෙන් බැහැර විය යුතු බවත් ජාත්‍යන්තරයේ සියලුම රටක් සමඟ එකට ගනුදෙනු කර අදහස් හුවමාරු කර දැනුම ලබා ගත යුතු බවත් ඒ සදහා සුහුරු පන්ති කාමර ක්‍රමය වැදගත් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ කාර්ය සදහා තොරතුරු තාක්ෂණය 1 වසරේ සිට අධ්‍යාපනයට එක්කළ යුතු බවත් ඒ සදහා ඉංග්‍රීසි භාෂාව ද උපයෝගී කර ගත යුතු බවත් මෙවැනි වෙනසක් අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ සිදුවිය යුතු බවත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ලෝකයේ ඉහලම ශ්‍රේණිගත රටවල මෙන් විෂය නිර්දේශයක් අපේ රටේ ද නිර්මාණය විය යුතු බවත් එය ජාත්‍යන්තර ශ්‍රම වෙළෙඳපොළ ඉල්ලුම මත එය නිර්මාණය විය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

පාස්පේපර් ලියලා කටපාඩම් කරලා විභාග ලියන ක්‍රමය වෙනස් විය යුතු බවත් ප්‍රශ්න හා ගැටලුවලට විසදුම් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් ලොව දිනන නව තාක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමේ අධ්‍යාපන ක්‍රමයක් ඇති කළ යුතු බවත් එකතැන පල්වෙන අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක හුස්ම වැඩසටහන යටතේ රජයේ රෝහල් 56 කට රුපියල් 171,966,900.00ක් වටිනා රෝහල් උපකරණ ලබා දී ඇති බවත් සක්වල බස් රථ වැඩසටහන යටතේ රජයේ පාසල් 80ක් සදහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දුන් අතර ඒ සදහා රු :389,200,000.00ක් වැය විය. එසේම සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහන යටතේ රජයේ පාසල් 37ක් සදහා රුපියල් 33,223,650.00 වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී තිබේ.

SendShareShare
Previous Post

චීන සංචාරයේදී ජනාධිපතිට ලොකු දෙයක් චීනයෙන් ලොකු දෙයක් ලැබුණෙ නෑ! මහ සමුලුවේදී ඉතියෝපියානු නායකයාට කතාවක් ලැබුණත් ලංකාවේ ජනාධිපතිට ලැබුණෙ නෑ! විශේෂ ආරාධනාවකින් චීන සමුලුවට ගිය විමල් ලංකාවට ඇවිත් හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

‘ලයිට් බිල් එවන්නත් එපා! මම ගෙවන්නෙත් නෑ! මෙච්චර කල් හිටපු කිසිම නායක හාමුදුරුවො කෙනෙක් ගෙව්වෙත් නෑ!’ අහස උසට නග්ගපු ලයිට් බිලට එරෙහිව සිරිපාදේ නායක හාමුදුරුවෝ එළිපිට සටන පටන් ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

Load More
ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා විසින් යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ පළකළ සටහනක් මේ වනවිට...

Read more
කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

‘කාමර අංක 106’ රිදී තිරයට! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.