• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හොරොයින් පටවපු තුන්වන බෝට්ටුවක් ගැනත් තොරතුරු එළියට එයි! පෙරේදා බිලියන 4ක හෙරොයින් බෝට්ටුවක් අහුවුණා! ඊයේ බිලියන හතරහමාරක හොරොයින් බෝට්ටුවක් අහුවුණා! දෙකම ගෙනාවේ බූස්ස හිරේ ඉන්න ‘දෙවුන්දර තමිල්’ සහ ‘පැපොල් කලූ’! I Sri Lanka Latest News

October 25, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
උතුරෙ ඉඳන් උඩින් විතරක් නෙමෙයි බෝට්ටුවෙනුත් දැන් තමිල්නාඩුවට යන්න පුලුවන්!
Share on WhatsAppShare on Facebook

නාවික හමුදාව විසින් දෙවුන්දර සිට දකුණු දෙසින් කීලෝමීටර 540ක් පමණ දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන කොළඹ වරායට ඊයේ (24) රැගෙන ආ රුපියල් බිලියන 4.5 (කෝටි 450) අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ 219 ග්‍රෑම් 634ක තොගයේ මෙරට ඇණවුම්කරුවන් ලෙස බූස්ස බන්ධනාගරයේ රඳවා සිටින දෙවුන්දර තමිල් සහ පැපොල් කලූ යන මත්කුඩු ජාවාරමේ නිරත පාතාලයට සම්බන්ධ මත්කුඩු ජාවාරම්කරුවන් දෙදෙනාම බව විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.Sri Lanka Latest News

මීට පෙර අත්අඩංගුවට ගෙන 22 වෙනිදා දෙවුන්දර ධීවර වරායට රැගෙන ආ මත්ද්‍රව්‍ය කිලෝ 200 ග්‍රෑම් 310ක තොගයේද ඇණවුම්කරුවන් ලෙස කටයුතු කර ඇත්තේ ඔවුන් වන අතර, අවස්ථා දෙකේදීම අත්අඩංගුවට ගත් මත්කුඩු තොගය මෙරටට රැගෙන ඒමේ කටයුතු පකිස්තානු ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධිකරණය කර ඇත්තේ ඩුබායිහී රැඳී සිටින මෙරට ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවකු බවට තොරතුරු ද අනාවරණය වී ඇත.

පකිස්තානයේ සිට මුහුදු මාර්ග ඔස්සේ මෙරට දකුණු මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදු සීමාවට පැමිණි බහුදින යාත්‍රාවකින් මෙම මත්ද්‍රව්‍ය තොගය බෝට්ටු දෙකට පටවා ඇති බවද අනාවරණය වී තිබේ. මෙම බෝට්ටු දෙක හැරුණු කොට තවත් බෝට්ටුවකට ද මත්කුඩු කොටසක් පටවා ඇතැයි සැක කරන තොරතුරක් අනාවරණය වි ඇති බැවින් නාවික හමුදාව එම බෝට්ටුව සොයා මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම බෝට්ටු සියල්ලම හෙරොයින් පටවා ගැනීමට ගොස් ඇත්තේ කුඩාවැල්ල ධීවර වරායෙන් බවද විමර්ශනවලින් හෙළිවී ඇත.

ඊයේ (24) ගොඩබිමට රැගෙන පැමිණි බෝට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් කිලෝ 219කට අධික ප්‍රමාණයකි. පසුගිය 22 වෙනිදා ගොඩබිමට රැගෙන ආ බෝට්ටුවේ තිබී ඇත්තේ හෙරොයින් කිලෝ 179යි ග්‍රෑම් 14ක් සහ හසීස් කිලෝ 31යි ග්‍රෑම් 296කි.

මෙම බෝට්ටු දෙකේම සැකකරුවන් පස්දෙනා බැගින් සිට ඇති අතර, ඔවුන් 10 දෙනාම නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් මත්කුඩු සමඟ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදී ඇත. ශ්‍රී ලංකා නාවික විජයබාහු නෞකාව යොදවා දෙවුන්දර සිට දකුණු දෙසින් නාවික සැතපුම් 292ක් පමණ (කිලෝමීටර් 540 ක් පමණ) දුරින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කළ විශේෂ මෙහෙයුමක් මඟින් ඊයේ ගොඩබිමට රැගෙන ආ බෝට්ටුව කොටුකරගෙන තිබේ. එහි තිබී ඇත්තේ මුළුමනින්ම හෙරොයින්ය. මෙම බෝට්ටුව කොටුකරගෙන ඇත්තේ පසුගිය 19 වෙනිදාය.

කොළඹ වරාය‍ට ඊයේ රැගෙන ආ එම මත්ද්‍රව්‍ය තොගය නිරීක්‍ෂණය කිරීම සඳහා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමඟ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාද සහභාගි විය.

ඊයේ (24) උදෑසන අදාළ බහුදින ධීවර යාත්‍රාව කොළඹ වරායට රැගෙනවිත් සිදු කළ පරීක්‍ෂාවේදී, එම යාත්‍රාවේ සඟවා මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ උර නවයක් (09) තුළ පාර්සල් දෙසීයක (200) අසුරන ලද හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 219 ග්‍රෑම් 634ක පමණ තොගයක් (ඇසුරුම් බර සහිතව) තිබී ඇත.

SendShareShare
Previous Post

ලයිට් බිලට එරෙහිව ‘පන්දම් විරෝධතා’ ඊයෙ රෑත් රට හැමතැනම! VIDEO I Sri Lanka Latest News

Next Post

හොර භාණ්ඩ අල්ලන්න තිබ්බ CCTV පද්ධතියත් නෑ! හිටපු නිල සුනඛයාත් ඉවත් කරලා! කුඩුවලට සම්බන්ධ ඇතුළේ ඉන්න ලොක්කන් අල්ලන්නේ කවදාද? කෝටි ගාණක කුෂ් මධ්‍යම තැපැල් හුවමාරුවෙන් රටට ආවට පස්සේ වෘත්තීය සමිති CIDයට පැමිණිලි කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.