ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.Sri Lanka Latest News
විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (23) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
විදුලිබල මණ්ඩලයට ගාස්තු සංශෝධන කළ හැකි වන්නේ, අවුරුද්දට දෙවතාවක් පමණක් බවට සමාජයේ වැරදි මතයක් තිබෙන බව කී අමාත්‍යවරයා හදිසි අවස්ථාවලදී ගාස්තු සංශෝධන කරන ලෙස ඉල්ලීමේ හැකියාව විදුලිබල මණ්ඩලයට තිබුණ බවද කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවුණේ ඒ අනුව බවද පැවසීය.
විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සතිය ඇතුලත අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බව පසුගිය අඟහරුවාදා නීතිපතිවරයා තමා වෙත දැනුම් දුන් බවද ඒ අනුව එලැඹෙන සතියේ එය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යෑමට බලාපොරොත්තු වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.










