වොෂින්ටන් DC බෞද්ධ විහාරයේ වාර්ෂික කඨින පිංකම ලාංකිකයන් ඇතුළු 300 පමණ බෞද්ධ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් පසුගියදා පැවැත්විණ.Sri Lanka Latest News
වස් සමාදන්ව සිටි කැනඩාවේ ප්‍රධාන සංඝනායක පඤ්ඤාලෝක නාහිමි විහාරස්ථානාධිපති උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක, ගේදර්ස්බර්ග් පඤ්ඤාසීහ භාවනා මධ්‍යස්ථානාධිපති, මහරගම සිරි වජිරඥාණ ධර්මායතනාධිපති මහරගම ධම්මසිරි නාහිමි , වැයිහේනේ (ගාල්ල) ධම්මසිරි නාහිමි හා වතුලියද්දේ රතනසීහ හිමිවරුන්ගේ මූලිකත්වයෙන් පිංකම පැවැත්විණ.
විශේෂ ධර්ම දේශනා, බුද්ධ පූජාව, බෞද්ධ සංස්කෘතිකාංග වලින් සැදුම්ලත් විචිත්‍ර පෙරහැරක් ද වීදි සංචාරය කල අතර ධාතුකරඬුව වැඩමවූයේ ඇමෙරිකාවේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිජහ මහතාගේ සුරතිනි. දහවල් සංඝගත දක්ෂිණාවෙන් පසු පැමිණ සිටි සියලු දෙනාට දිවා භෝජනයද පිරිනැමිණි.
වොෂින්ටන් තානාපතිතුමා හා එම කාර්ය මණ්ඩලය, මෙට්‍රොපොලිටන් හි බෞද්ධ සැදැහැවතුන් හා වියට්නාමයේ බෞද්ධයන් පිරිසක් මෙවර පිංකමට දායකත්වය හා අනුග්‍රහය දක්වා තිබේ.




















