• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අදටත් රහතුන් වහන්සේලා සැරිසරන ලංකාවේ සුන්දරම වන අරණ ගැන ඔබ මෙතෙක් නොඇසූ කතාව I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජයේ බොහෝ දෙනෙක්ගේ අවධානය දිනා නොගත්ත ස්වභාවික සහ ගුප්ත බවකින් යුත් ස්ථානවල තියෙන්නේ කවුරුවත් නොහිතන කතාවක්. අද අපි ඔබට කියන්න යන කතාව තමයි මීට වසර හයසියයකට පමණ පෙර ශ්‍රී ලංකාවට අහිමි වී ගිය මහරහතුන් නැවත බිහිවන ස්ථානයක් ගැන.(Sri Lanka Latest News)

අදටත් මහරහතුන් බිහිවන ශ්‍රී ලංකාවේ ගුප්ත ස්වභාවික ස්ථානය කුමක්ද? මේ ස්ථානයේ මහරහතුන් බිහිවන බව නිශ්චිතවම කියන්නේ කොහොමද? ඔබට නැගෙන ඒ ප්‍රශ්නවලටයි අපි මේ ලිපියෙන් පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙන්නේ.

ලෝකයේ වගේම ලංකාවේ සුන්දර සහ ගුප්ත ස්ථානවල රහස් බොහොමයක් සඟවිලා තියෙනවා. අපේ රටේ පිහිටි ගුප්ත බවකින් යුක්ත ඒ වගේම ඉතා ආකර්ෂණීය ස්ථානයක් විදියට කුඩුම්බිගල හඳුන්වන්න පුළුවන්. මේ ප්‍රදේශයේ පිහිටි වනය මැද ආරණ්‍ය සේනාසනයක් තියෙනවා. නමුත් මේ ප්‍රදේශයට වසර පුරාම තියෙන්නේ ඉතා ශුෂ්ක කාලගුණයක්. හැබැයි පුදුමයට කාරණය වෙන්නේ සීත ගඟුල වගේ සීතලම සීතලම ජලය තියෙන පුංචි පොකුණක් මේ ප්‍රදේශයේ පිහිටා තිබීමයි. සුවිශේෂම කාරණය වෙන්නේ මේ ප්‍රදේශය මහරහතුන් වැඩවසනවා මෙන්ම නිට්ටෑවන් ජීවත් වන බවට විශාල මතයක් ගොඩනැගී තිබීමයි.

කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කිලෝමීටර් 340ක් පමණ දුරකින් තමයි මේ ප්‍රදේශය පිහිටා තියෙන්නේ. අම්මාර දිස්ත්‍රික්කයේ පානම කියන ගම්මානය තමයි මේ ආරණ්‍ය සේනාසනයට ළඟම ගම්මානය. පානම සිට රුහුණු වනෝද්‍යානයට ගමන් කරන මාර්ගයේ කුමන වනෝද්‍යාන සීමාවේ කුඩුම්බිගල අභයභූමිය තුළ තමයි කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනය පිහිටා තියෙන්නේ.

ඉතිහාසය ගැන කිව්වොත් කාවන්තිස්ස රජ සමයේ සිටම මේ ස්ථානයේ භික්ෂුන්වහන්සේලා වැඩසිටින බවත්, අදටත් භාවනානුයෝගී භික්ෂුන්වහන්සේලා බොහොමයක් කුඩුම්බිගල පර්වතවලින් පිරුණු ප්‍රදේශයේ වැඩසිටින බවත් සඳහන් වෙනවා. මිනිස් වාසයට නොඑන මේ භාවනානුයෝගී හිමිවරු අතර රහතන්වහන්සේලා වැඩසිටින බවත්, ඒ වගේම මේ වන අරණ තුළ නිට්ටෑවන් ජීවත් වන බවත් අවට ප්‍රදේශවල ජනතාව බොහෝ සේ විශ්වාස කරනවා.

විශේෂත්වය තමයි මේ ප්‍රදේශය මුහුදට ආසන්න නිසා ගල් පර්වතවලින් පිරුණු අසාමාන්‍ය ලක්ෂණවලින් යුක්ත වීම. මේ ගල් පර්වතවල ඉතා පැරැණි කාලයේ ගොඩනැගුණු සෙනසුනක් විදියටයි මේ ආරණ්‍ය සේනාසනය සැලකෙන්නේ. කටාරම් කෙටූ ලෙන් වගේම සෙල්ලිපි, පැරැණි දාගැබ් විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශ පුරා දකින්න පුළුවන්. වර්තමානය වෙනකොට මේ ආරණ්‍ය සේනාසනයට යන්න වෙන්නේ අලි කොටි වලසුන් ඉතා නිදහසේ වාසය කරන ප්‍රදේශයක් හරහා. තවත් එක විශේෂත්වයක් තමයි මේ කිසිම වන සතෙක්ගෙන් මේ ප්‍රදේශයේ වැඩවසන භික්ෂුන්වහන්සේලා කරදරයක් නොවීම.

කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේ පවතින ලෙන් සිය ගණනක් අතරින් එක් ලෙනකින් මිනිස් ඇටසැකිල්ලක් හමුවුණා. මේ සේනාසනය අනුරාධපුර යුගයෙන් පස්සේ වනගතව පමණක් පැවැති බව තමයි ඉතිහාස පොත්පත්වල සඳහන් වෙන්නේ. 1954 මේ සේනාසනය නැවත සොයාගන්නේ මෛත්‍රී උපාසක කියන පුද්ගලයකු විසින් බවයි සඳහන් වෙන්නේ. ඉන් පස්සේ තාඹුගල ආනන්ද කියන ස්වාමින්වහන්සේ මේ සේනාසනයේ වැඩවාසය කරන්න සැලැස්සුවේ මෛත්‍රී උපාසක විසින් බවයි සඳහන් වෙන්නේ.

විශේෂත්වය වෙන්නේ ඒ කාලෙත් භාවනානුයෝගී හිමිවරු විශාල ප්‍රමාණයක් මේ ප්‍රදේශයේ වාසය කිරීම. 1971 වසරේ සැප්තැම්බර් 10 වැනිදා ඔහු මියගිය බවත්, මේ ලෙන් සියය අතරින් එක් ලෙනක් තුළ තියෙන්නේ ඔහුගේ ඇටසැකිල්ල බවත් සඳහන් වෙනවා. ඒ ඇටසැකිල්ල මේ ආකාරයෙන් තබාගන්නේ භාවනානුයෝගී භික්ෂුන් වහන්සේලා විසින් බවත් මේ ප්‍රදේශය ගැන දන්න සමහරු අදටත් කියන කතාවක්.

මේ ලෙන ආසන්නයේම සීත පොකුණ කියලා ලෙනක් පවතින අතර, මේ ලෙන ඇතුළේ ඉතා ශීතල ජලයෙන් යුතු පොකුණක් පවතිනවා. ඒ වගේම මේ පොකුණේ ජලය ඉතා පිරිසිදුයි. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ ස්ථානයේ වැඩසිටින භික්ෂුන්වහන්සේලා වෙනුවෙන්ම ස්වභාවධර්මයෙන් මැවුණු ඉතා විස්මිත නිර්මාණය ලෙස මේ පොකුණ ලෝකයට දායාද වෙලා තියෙනවා කියලා.

ඒ වගේම මේ ආරණ්‍ය සේනාසනය තුළ නටබුන් දාගැබ් 8ක් දකින්න ලැබෙන අතර, ඉන් එක් දාගැබක් සුවිශේෂ සිලින්ඩරාකාර හැඩයෙන් යුක්ත වෙනවා. ඒ වගේම 1900 යුගය දක්වාම මේ ආරණ්‍ය සේනාසනය තුළ නිට්ටෑවන් ජීවත් වුණු බවත් වාර්තාවලට අනුව කියැවෙනාව. නිට්ටෑවා යනු මීට වසර ලක්ෂ 15කට පෙර ලෝකයේ පහළ වෙලා වසර 70,000කට පමණ පෙර ලෝකයෙන් තුරන් වී ගිය හෝමෝ ඉරෙක්ටික්ස් කියන මානවයාගේ වර්තමාන පුරුක බවයි සැලකෙන්නේ.

බි්‍රතාන්‍ය ජාතිකයන් වුණු ආචාර්ය ඔස්මාන් ඉල් 1945 වර්ෂයේදී ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේ නිට්ටෑවන් ගැන පරීක්ෂණයක් සිදුකරද්දී කුඩුම්බිගල ප්‍රදේශයට විශේෂ අවධානයක් යොමුකරලා තියෙනවා. ඒ වාර්තාවලින් සොයාගෙන තියෙන විදියට ලේනව සහ කුඩුම්බිගල ප්‍රදේශවල වාසය කරපු නිට්ටෑවන් පිරිස ලංකාවේ වැදි ජනතාව විසින් සමූල ඝාතනය කරලා තියෙනවා.

අනෙක් සුවිශේෂ කාරණය තමයි අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ කුඩුම්බිගල ආශ්‍රිත ප්‍රදේශය යහපත් පුද්ගලයන්ට ආරක්ෂාව සලසන බවත්, අයහපත් පුද්ගලයන්ට ආරක්ෂාව සලසන්නේ නැති බවයි. ඉතිහාසයේ එක කාලයකදී ලේනව කියන වැදි ගමක් මේ කුඩුම්බිගල ප්‍රදේශයේ පිහිටා තිබිලා තියෙනවා. මේ ගම්මානයේ වාසය කළ සමහර දෙනාගෙන් කුඩුම්බිගල ප්‍රදේශයේ භාවනානුයෝගී භික්ෂුන්වහන්සේලාට කරදර සිදුවුණු බවත් සඳහන් වෙනවා.

කෙසේ වෙතත් ඉතා කෙටි කාලයක් තුළ ඒ ගම්මානයේ සියලු වැදි ජනතාව ඒ ප්‍රදේශයේ වාසය කරපු කොටියන් විසින් ඝාතනය කළ බවයි සඳහන් වෙන්නේ. නමුත් වනවාසී භික්ෂුන්වහන්සේලාට ලේනව කොටින්ගෙන් කිසිම කරදරයක් සිදුව නැති බවයි ප්‍රදේශවාසීන් නම් කියන්නේ. මේ කුඩුම්බිගල ප්‍රදේශයේ විස්මයන් සමගම මේ ප්‍රදේශය තවත් වසර දහස් ගණනක් මේ ආකාරයෙන්ම රැකෙන්නට අපි ප්‍රාර්ථනා කරනවා.

Naifm යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

ලයිට් බිල වැඩි කරන්න ඕන නෑ! දැනුත් මණ්ඩලය ලාබයි! ඊයෙ මහජන උපදෙස් ගත්තා කියලා කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව අද වැඩි කරලා! ලයිට් බිලට සජිත් කතානායකගෙන් නියෝගයක් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට IMF ඉදිරිපත් කළ නිර්දේෂ 16 ඔබ දන්නවාද? I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.