• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආර්ථික අර්බුදයෙන් ගැලවීමට IMF ඉදිරිපත් කළ නිර්දේෂ 16 ඔබ දන්නවාද? I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive, News
Reading Time: 18 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වංචා දූෂණ වැළැක්වීම, විනිවිදභාවය හා වගවීම ඉහළ දැමීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ 16ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත. සේවක අර්ථ සාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව සමග ඇති කළමනාකරීත්වයෙන් ඉවත් කිරීම ඇතුළුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදී ඇති නිර්දේශ 2024 වසර වන විට ශ්‍රී ලංකා රජයට ක්‍රියාත්මක හැකි වෙයිද?(Sri Lanka Latest News)

පළමු සමාලෝචනය

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දූත කණ්ඩායමයක් පසුගිය සැප්තැම්බර් 14 දින ශ්‍රී ලංකාවට පැමිණි අතර, ශ්‍රී ලංකාවට ලබාදී ඇති විස්තීරණ ණය පහසුකම සම්බන්ධයෙන් පළමු සමාලෝචනයක් සිදුකර සැප්තැම්බර් ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය. එහිදී එම කණ්ඩායම ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රයන්හි දුර්වලතා සහ අවදානම්සහගත තත්ත්වයන් නිරීක්ෂණය කර ඒවාට සිදුකළ යුතු නිර්දේශ ඇතුළත් වාර්තාවක්ද නිකුත් කර තිබේ. ඊට ශ්‍රී ලංකාවේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන අන්දමේ නිර්දේශ විශාල සංඛ්‍යාවක් අඩංගුය.

ප්‍රධාන වශයෙන්ම, දූෂණ ගැටලු විසඳීම සඳහා ක්ෂණික හා කෙටිකාලීන ක්‍රියාමාර්ග මෙන්ම, වැඩි කාලයක් සහ සම්පත් අවශ්‍ය නමුත් පාලනය ශක්තිමත් කිරීමට සහ කල්පවත්නා වෙනසක් ආරම්භ කිරීමට අත්‍යවශ්‍ය වන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ වාර්තාවෙන් ඉස්මතු කරයි.

මේ නිර්දේශ මොකටද?

මෙම නිර්දේශ සැලසුම් කර ඇත්තේ අවදානම් සහගත ක්ෂේත්‍රයන් සඳහා අවධානය යොමුකිරීම මගින් පාලනය වැඩිදියුණු කිරීම සඳහා වන ප්‍රවේශයක් ලෙසයි. එම ප්‍රවේශයන් වන්නේ,

★ එක් එක් ආයතනවල බලයේ පැහැදිලිකම සහ මූලික කාර්යයන් සඳහා වන වගකීම
★ අත්‍යවශ්‍යයෙන්ම වගවීම සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල මූල්‍ය හා මෙහෙයුම් ස්වාධීනත්වය
★ රාජ්‍ය අරමුදල් සහ වත්කම් භාවිතය සඳහා සැලසුම් කිරීම, වියදම් කිරීම සහ ගිණුම්කරණය සම්බන්ධයෙන් රජයේ භාවිතයන් සහ කාර්යසාධනය පිළිබඳ විනිවිදභාවය
★ තොරතුරු ප්‍රසිද්ධියට පත්කිරීම සඳහා කාර්යක්ෂම යාන්ත්‍රණයන් සකස් කිරීම යන තත්ත්වයන් ඇති කිරීමයි.

වාර්තාවේ ඉදිරිපත් කර ඇති නිර්දේශ අතුරින් ප්‍රමුඛ නිර්දේශ 16ක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා කෙටිකාලීන (වාර්තාව ප්‍රකාශයට පත්වී මාස 12ක් ඇතුළත) හා මධ්‍යකාලීන (වාර්තාව ප්‍රකාශයට පත්වී මාස 13 – 24 ඇතුළත) මෙන්ම කෙටිකාලීන හා මධ්‍යකාලීන යන තුන් ආකාරය තුළදීම සිදුකළ යුතු නිර්දේශයන් එහි දැක්වේ. ඒවා ක්‍රියාවට නැංවිය යුතු ආයතන ද IMF නියෝජිතයන් නම් කරනු ලැබ තිබේ.

වංචා දූෂණ වැළැක්වීම, විනිවිදභාවය හා වගවීම ඉහළ දැමීම සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ක්‍රියාවට නැංවිය යුතු නිර්දේශ 16ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කර ඇත.

  1. අල්ලස් කොමිසම පත්කිරීමට විශේෂඥ කමිටුවක්.

2023 නොවැම්බර් වන විට, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ අධ්‍යක්ෂ ජනරාල්වරයා නම් කිරීමට සහාය වීම සඳහා, දූෂණ විරෝධී ස්වාධීන විශේෂඥයන්ගෙන් සමන්විත උපදේශක කමිටුවක් පිහිටුවන ලෙස පළමු නිර්දේශයේ සඳහන්ය. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ලබාදී ඇති කෙටිකාලීන නිර්දේශයක් වන අතර එහි අරමුණ වන්නේ වගවීම ශක්තිමත් කිරීම හා විනිවිදභාවය ඉහළ දැමීමයි.

  1. ජනාධිපති ඇතුළු ඉහළ නිලධාරීන්ගේ වත්කම් ප්‍රසිද්ධ කිරීම.

2024 ජූලි මාසය වන විට දූෂණ විරෝධී පනතට අනුව නම් කරන ලද වෙබ් අඩවියක ඉහළ නිලධාරීන් (ජනාධිපති, අගමැති, අමාත්‍යවරුන්) සඳහා වත්කම් ප්‍රකාශ නිකුත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට නිර්දේශ කර ඇති අතර, එයද කෙටි කාලයක් තුළ ඉටුකළ යුතු කාර්යයකි. එහි අරමුණ වන්නේ ද වගවීම හා විනිවිදභාවය ශක්තිමත් කිරීමයි.

  1. නව මූල්‍ය අපරාධ නීති සකස් කිරීම.

2003 සම්මත කරගත් එක්සත් ජාතීන්ගේ දූෂණයට එරෙහි ප්‍රඥප්තියේ (UNCAC) හා මූල්‍ය ක්‍රියාකාරී කාර්යසාධක බළකායේ (FATF) ප්‍රමිතීන්ට සමපාත වන අන්දමින් 2024 අප්‍රේල් මාසය වන විට වංචා දූෂණ මෙන්ම, මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම අපරාධ බවට පත්කරන නව අපරාධ නීති සකස් කිරීමට IMF වාර්තාවෙන් අධිකරණ අමාත්‍යාංශයට නිර්දේශ කර ඇති අතර, නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම හා වගවීම ඉහළ දැමීම එහි අරමුණයි.

  1. රාජ්‍ය සම්පත් අධීක්ෂණය නොකරන නිලධාරීන්ගෙන් අධිභාර අය කරන්න.

රාජ්‍ය සම්පත් පරිහරණය සම්බන්ධයෙන් අධීක්‍ෂණය සහ වගවීම පිළිබඳ වගකීම නිසි ලෙස ඉටු කිරීමට අපොහොසත් වන ප්‍රධාන ගිණුම් නිලධාරීන් ඇතුළු නිලධාරීන්ගෙන් අධිභාර (Surcharge) අය කිරීමට විගණකාධිපතිවරයාට හැකිවන පරිදි ජාතික විගණන පනත සංශෝධනය කර රාජ්‍ය වත්කම් පාලනයේ විනිවිදභාවය කෙටි කාලයක් තුළ ඉහළ නංවන ලෙස සිවුවන නිර්දේශයට විගණකාධිපතිවරයා සහ මුදල් අමාත්‍යවරයා නම් කර තිබේ.

  1. සමාගම්වල ප්‍රතිලාභ හිමිකරගන්නන්ගේ ලේඛනයක් සකස් කිරීම.

දැනට සමාගම් පනතේ අඩුපාඩුවක්ව පවතින, සමාගම්වල ප්‍රතිලාභයේ හිමිකාරීත්වය (Beneficial Ownership) සම්බන්ධ නීති සකස්කර හෝ වෙනස් කර, 2024 අප්‍රේල් වන විට එම ප්‍රතිලාභ හිමිකරුවන්ගේ ප්‍රසිද්ධ ලේඛනයක් සකස් කිරීමට මෙයින් යෝජනා කර තිබේ. එය කර්මාන්ත අමාත්‍යංශය කෙටි කාලයක් තුළ ඉටුකළ යුතු වගකීමක් වන අතර වගවීම හා විනිවිදභාවය ඉහළ දැමීම එහි අරමුණයි.

  1. නව රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් සකස් කිරීම.

මුදල් අමාත්‍යංශය විසින් 2024 දෙසැම්බර් වන විට, එය භාවිත කිරීමේදී යහපත් යැයි පිළිබිඹු කෙරෙන රාජ්‍ය ප්‍රසම්පාදන නීතියක් සකස් කර රාජ්‍ය මුදල් පරිපාලනයේ විනිවිදභාවය ඉහළ දැමිය යුතු බව වාර්තාවේ ඇති මධ්‍යකාලීන නිර්දේශයකි.

  1. 2022 අඩුම ටෙන්ඩර් අනුපාතික ඇති නියෝජිතායතනවල ප්‍රගතිය වෙබ් අඩවියක ප්‍රසිද්ධ කිරීම.

2022 දී අඩුම මට්ටමේ තරගකාරී ටෙන්ඩර් ඇති බවට තීරණය කර ඇති නියෝජිතායතන 10 හි තරගකාරී ටෙන්ඩර් කරන ලද ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුවල අනුපාතය වැඩි කිරීමේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් 2024 දෙසැම්බර් මාසයේදී නම් කරන ලද වෙබ් අඩවියක පළකළ යුතු යැයි මෙම යෝජනාවෙන් අදහස් වේ.

  1. ප්‍රසම්පාදන හා මූල්‍ය ප්‍රතිලාභ ලැයිස්තු ප්‍රසිද්ධ කිරීම.

2024 සිට නම් කරන ලද වෙබ් අඩවියක, මුදල් අමාත්‍යංශය පහත තොරතුරු මාස හයකට වරක් යාවත්කාලීන වන ලෙස ප්‍රසිද්ධ කරන ලෙස මෙම නිර්දේශයෙන් මුදල් අමාත්‍යංශයට යෝජනා කරයි.

★ රුපියල් බිලියන 1ට වැඩි සියලුම පොදු ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තු, කොන්ත්‍රාත් ලබාගත් අය පිළිබඳ සෙවිය හැකි ආකෘතියකින් සවිස්තරාත්මක තොරතුරු.
★ ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය සහ 2008 අංක 14 දරන උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත හරහා බදු නිදහස් කිරීම් ලබන සියලුම සමාගම් ලැයිස්තුවක් සහ බදු නිදහස් කිරීමේ වටිනාකම තක්සේරු කිරීමේ තොරතුරු.
★ සුඛෝපභෝගී වාහන ආනයනය සඳහා බදු නිදහස් කිරීම් ලබන සමාගම් ලැයිස්තුවක්.
මෙය විනිවිදභාවය ශක්තිමත් කිරීම අරමුණු කරගත් කෙටිකාලීන හා මධ්‍යකාලීන නිර්දේශයකි.

  1. රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යාපාරවල ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති.

රාජ්‍ය හිමිකාරීත්වය ඇති ව්‍යාපාරවල ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමටත්, එය දරාගෙන සිටින සමාගම (Holding Company) සහ එහි උපදේශක කමිටුව නිපුණ, ස්වාධීන සහ ආචාරධාර්මික කාර්ය මණ්ඩලයකින් සමන්විත බව සහතික කිරීමටත් මුදල් අමාත්‍යංශයට මෙම වාර්තාවෙන් නිර්දේශ කරයි.

  1. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනතේ යෙදීම් තාවකාලිකව නැවැත්වීම.

2008 අංක 14 දරන උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති පනත මගින් සිදුකරන කාර්යයන්, යෝජනා ඇගයීම සහ ආයෝජන ප්‍රවර්ධන කොන්දේසිවල පිරිවැය සඳහා පැහැදිලි මෙන්ම විනිවිද පෙනෙන ක්‍රියාවලියක් ප්‍රකාශයට පත්කරන තෙක් අත්හිටුවිය යුතු බව IMF නියෝජිතයන් නිරීක්ෂණය කර තිබේ.

බදු නිදහස් කිරීම් ආදිය සිදුකරන්නේ මෙම පනත හරහාය. ජනාධිපති කාර්යාලය එය නිසි ප්‍රතිපත්තියක් සකස් කරන තෙක් අත්හිටුවන්නැයි වාර්තාව නිර්දේශ කරයි.

  1. පාර්ලිමේන්තු අනුමැතියකින් තොර අමාත්‍යංශ බදු පැනවීම් සීමාකිරීම.

කලින් ලබාගත් පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව, අමාත්‍යංශ මට්ටමින් බදු පැනවීමට ඇති බලය ඉවත් කිරීම හෝ සංශෝධනය කරමින් බදු නීති සංශෝධනය කළ යුතු බවට මුදල් අමාත්‍යංශයට නිර්දේශ කරන අතරම, එමගින් ආදායම අඩුවීමක් නොවන බවටද සහතික වන ලෙස IMF යෝජනා කර සිටී.

  1. ආයතනවල දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ගැන මහජන වාර්තාවක් ඉදිරිපත් කිරීම.

2023 දෙසැම්බර් වන විට අල්ලස් කොමිසම සහ අදාළ අපරාධ විමර්ශනය කිරීමේ ක්‍රියාවලීන් සමග සම්බන්ධතා ශක්තිමත් කිරීම සඳහා එක් එක් රාජ්‍ය ආදායම් සම්බන්ධ ආයතන තුළ කෙටිකාලීන දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස වාර්තාව නිර්දේශ කරයි.
එසේ සිදුකර, මුදල් අමාත්‍යංශය 2024 දෙසැම්බර් වනවිට ගත් පියවර සහ ප්‍රතිඵල පිළිබඳ මහජන වාර්තාවක් නිකුත් කරන්නැයි එම නිර්දේශයේ වැඩිදුරටත් සඳහන්ය. එය වගවීමේ ක්‍රියාවලිය ඉහළ නැංවීමේ අරමුණ ඉටුකරගැනීම සඳහාය.

  1. EPF සඳහා නව කළමනාකරණ විධිවිධාන

මේ වන විට සමාජයේ විවාදාපන්න කතාබහක් නිර්මාණයවී ඇති සේවක අර්ථසාධක අරමුදලෙහි මහ බැංකුව සමග ඇති කළමනාකාරීත්වය 2024 ජුනි මස වන විට අවසන් කර, ඒ සඳහා නව කළමනාකරණ විධිවිධාන ස්ථාපිත කිරීම සිදුකිරීම මුදල් අමාත්‍යාංශය සිදුකරන්නැයි මෙයින් නිර්දේශ කර ඇත.

IMF වාර්තාව වැඩිදුරටත් යෝජනා කරන්නේ ඒ සඳහා පුළුල් උපදේශන ක්‍රියාවලියක් අනුගමනය කරමින් කැබිනට් ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසයි.

  1. රාජ්‍ය බැංකු ක්‍රියාවලිය සංශෝධයනය.

විධායකයන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් තෝරා ගැනීමේ ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීම මගින් රාජ්‍ය හිමිකාරීත්වය ඇති බැංකුවල ආයතනික පාලනය ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව ගත යුතු ක්‍රියාමාර්ගයක් බව වාර්තාව මගින් පෙන්වාදී තිබේ.

එසේ ආයතනික පාලනය ශක්තිමත් කර බැංකු අංශයේ අධීක්ෂණයට අදාළ නීති සම්පාදනය, රෙගුලාසි සහ ක්‍රියාවලිය සංශෝධනය කිරීමට මෙයින් නිර්දේශ කර තිබේ.

  1. ඉඩම් ලේඛනයක් ප්‍රසිද්ධ කිරීම.

2024 දෙසැම්බර් වන විට, මාර්ගගත ඩිජිටල් ඉඩම් ලේඛනයක් ස්ථාපිත කිරීමට මෙම වාර්තාවෙන් ඉඩම් අමාත්‍යංශයට නිර්දේශ කර තිබේ. ඒ තුළ රජයේ ඉඩම් පවරාදීම්, හිමිකම් ලබාදීම් ආදිය සියල්ල පිළිබඳ තොරතුරුද අඩංගු විය යුතුය.

එමෙන්ම එහි ප්‍රගතිය සම්බන්ධ වාර්තාවක් ද නම් කරන ලද වෙබ් අඩවියක පළකළ යුතු බව වැඩිදුරටත් සඳහන්ය.

  1. අධිකරණ සේවා කොමිසමේ සම්පත් සහ කුසලතා පුළුල් කිරීම.

මෙම යෝජනාවලියෙන් නිර්දේශ කරන්නේ අධිකරණ අමාත්‍යංශය විසින්, අධිකරණ සේවා කොමිෂන් සභාව සතුව මේ වන විට තිබෙන සම්පත් සහ කුසලතා තවදුරටත් පුළුල් කළ යුතු බවයි.

නීතියේ ආධිපත්‍ය ඉහළ දැමීම වෙනුවෙන් සිදුකර ඇති මෙම නිර්දේශය ක්‍රියාවට නැංවීමේදී ඒ සඳහා සැලැස්මක් සකස් කර දිගින් දිගටම අධීක්ෂණය කළ යුතු බවද සඳහන්ය.

ආර්ථික අර්බුදයෙන් ගැළවීමට නම්…

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කරන්නේ මෙම නිර්දේශ 16ද ඇතුළත්ව අනෙකුත් එක් එක් ක්ෂේත්‍රයන්ට විශේෂ කර ලබාදුන් නිර්දේශයන් ද ශ්‍රී ලංකාව අනිවාර්යයෙන්ම ක්‍රියාවට නැංවිය යුතු බවයි. ඔවුන්ගේ විස්තීරණ ණය පහසුකම නිවැරැදිව කළමනාකරණය කරගනිමින් ආර්ථික අර්බුදයෙන් ගැළවීමට නම් මෙම නිර්දේශ ක්‍රියාවට නැංවිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.

මෙම ප්‍රමඛ නිර්දේශයන්හි වැඩි වශයෙන් අඩංගු වූ නිර්දේශයන් වංචා දූෂණ වැළැක්වීම, විනිවිදභාවය හා වගවීම ඉහළ දැමීම සම්බන්ධ ඒවායි. ඔවුන් නිරීක්ෂණය කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකය කඩාවැටීමට හේතු වූ බොහෝ කාරණාවලට හේතුවී ඇත්තේ ඉහත කී කොන්දේසි අවශ්‍ය මට්ටමට සපුරා නොතිබීම බව මෙම වාර්තාවේ දක්වා තිබේ.

එනිසා, පාලන දුර්වලතා සවිස්තරාත්මකව ආමන්ත්‍රණය කිරීමට, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ සහායද ඇතුළුව මධ්‍ය හා දිගුකාලීන මුලපිරීම් සහ සැලකිය යුතු සම්පත් මෙන්ම දීර්ඝකාලීන උත්සාහයන්ද අවශ්‍ය වන බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙයි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

අදටත් රහතුන් වහන්සේලා සැරිසරන ලංකාවේ සුන්දරම වන අරණ ගැන ඔබ මෙතෙක් නොඇසූ කතාව I Sri Lanka Latest News

Next Post

ගෑනුන්ට පිරිමින්ට එළව එළවා ගහපු කාගිල්ස්-හවුස් ඔෆ් ෆැෂන්-KD නාඩගම් එළියට දාපු මල්ලිලාට දඬුවම් කරමුද? සැලියුට් ගහමුද? I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.