• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආයෙ මේ වගේ පුටුවක් හදන්න දෙන්න එපා කියලා JR තහනම් කරපු අරුම පුදුම රහස් පුටුව I Sri Lanka Latest News

October 20, 2023
in Exclusive, Mahawanshaya, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවටම එකයි…

පසුගිය කාලේ අපි දැක්කා රහස් පුටුවක් ගැන බොහෝ දෙනා කතාවෙනවා. ෆේස්බුක් එකේ ඒ පුටුවේ ඡායාරූප එහෙමත් පළවුණා. අපි මේ රහස් පුටුව හොයාගෙන ආවට පස්සේ දැක්කා ඒ පුටුව පිටුපස්සේ මිල කරන්න බැරි වටිනා කතාවක් තියෙනවා කියලා.(Sri Lanka Latest News)

ජීවිතේට එක පාරක්වත් මේ වගේ දෙයක් ඇස් දෙකෙන් දැක්කේ නැත්නම් වැඩක් නෑ සිංහලයෙක් විදියට. අද අපි ඇවිල්ලා ඉන්නේ මහනුවර කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජමහා විහාරයට. ඒ කියන්නේ සිංහලේ අවසන් රජතුමා හදපු රජමහා විහාරය. මේ විහාරස්ථානයට අපි ආවේ රහස් පුටුව හොයාගෙන. නමුත් ලොකු කතන්දරයක් මෙතැන තියෙනවා. අපි බලමු ඒ වටිනා කතන්දරය මොකක්ද කියලා.

මේ ගැන දැනගන්න අපිත් සමග සම්බන්ධ වෙනවා ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජමහා විහාරයේ භාරකාර පූජ්‍ය රඹුක්වැල්ලේ සුදස්සි ස්වාමින්හන්සේ. අවසරයි ස්වාමින්වහන්ස, සාමාන්‍යයෙන් අපි පුටුවක් විදියට සලකන්නේ එක දිගට එක පෙළට වාඩිවෙන්න හදපු දේකට. තුන් දෙනකුට වාඩිවෙන්න හදන පුටුවක් එක පෙළට හදන්නේ. නමුත් මේ පුටුව සම්පූර්ණයෙන් වෙනස්. මොකක්ද මේකෙ තියෙන රහස?

කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජමහා විහාරය කියලා කියන්නේ සිංහලේ අවසාන මහරජතුමා හදපු පන්සල. මේ විහාරස්ථානයේ විවිධ භාණ්ඩ සහ බැලිය යුතු අධ්‍යයනය කළ යුතු තැන් තියෙනවා. ඒ අතර මේ පුටුව ඉතා වැදගත් එකක්. පුරාණයේ ඉඳලා මේක හඳුන්වන්නේ රහස් පුටුව කියලා. එහෙම කියන්න හේතුව මේකෙ තුන්දෙනෙක්ට එක දිගඩ වාඩිවෙනවට වඩා රවුමට වාඩිවෙන්න තියෙන්නේ. එහෙම දෙයක් දුර්ලභයි. අතිශයින්ම රහස් දෙයක් කතා කරන්න සුදුසු තැනක් විදියට තමයි මේ පුටුව අතීතයේ සිටම හඳුන්වලා තියෙන්නේ.

මේක හදලා තියෙන්නේ කොයි කාලෙද?

රජතුමාගේ කාලේ මේක පන්සලට පූජා කළ දෙයක් නෙවෙයි. පසුකාලීනව රඹුක්වැල්ලේ මේධංකර නායක හාමුදුරුවන් වහන්සේ විසින් නිර්මාණය කරපු දෙයක් මේක. මේ වගේ දෙයක් අපි පොතපතකින්වත් දැකලා නෑ. ඒ නිසා මේක විහාරස්ථානයට විශේෂිත වූ ගෘහ භාණ්ඩයක් සහ අලංකාරවත් නිර්මාණයක්. අපි මේකෙ වාඩිවෙලා බැලුවොත් ඒක හොඳටම පැහැදිලි වෙනවා. යමක් කතා කරද්දී පුටුවේ වාඩිවෙලා ඉන්න තුන්දෙනාගෙම මුහුණු තුන එක ළඟට එනවා. ඒ වගේම වටපිටාවත් හොඳින් පෙනෙනවා. ඒ නිසයි මේක රහස් පුටුව ලෙස හඳුන්වන්නේ. වර්තමාන කාලයේදී යම් යම් අය මේකට විවිධ අර්ථකථන දෙනවා. ඒවා එච්චර සුදුසු දේවල් නෙවෙයි. මේක විහිළුවකට ගණන් අරගෙන තියෙනවා සමහරු. විවිධ විනෝදජනක ප්‍රවෘත්ති මවනවා. එහෙම කරන්න එපා. මේවා අපේ පෞරාණික දේවල්. ඒ වගේම අපේ පෞඪ ඉතිහාසයෙන් වර්තමානයට එන උරුමයන්.

කොච්චර විතර කාලෙකට පෙරද මේක නිර්මාණය කරලා තියෙන්නේ?

අවුරුදු 200කට විතර පෙර.

මේක භාවිතයට ගත්ත අවස්ථා ඔබවහන්සේ දන්නවද?

වැඩිහිටි භික්ෂුන්වහන්සේලා තුන්නමක් සාකච්ඡා කරන්න භාවිත කළා වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සම්බන්ධ වෙන භික්ෂුන්වහන්සේලා ලංකාවේ ඉඳලා තියෙනවනේ. උන්වහන්සේලා මේක භාවිත කළා වෙන්න පුළුවන්. මේක රජතුමා භාවිත කරලා නෑ. පැහැදිලිවම මේක භික්ෂුන්වහන්සේලාගේ පරිහරණය සඳහා තමයි හදවලා තියෙන්නේ.

මේ වගේ පුටුවක් තවත් තැනක තියෙනවා කියලා අහලා තියෙනවාද?

මෙහෙ තිබිලා තියෙනවා පැරැණි වලව්වක්. ඒ වලව්වෙත් මෙහෙම එකක් තිබුණා කියලා කියනවා. බොහෝ දුරට තර්ක කළේ මේ පුටුව බලාගෙන ඒ පුටුව හැදුවා කියලා. ඊට පස්සේ අපේ හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහත්තයා පැමිණි වෙලාවක කිව්වලු ආයෙත් මේ වගේ එකක් හදන්න ඉඩ දෙන්න එපා කියලා. ලංකාවේ හැම තැනම ගිහින් තියෙනවා. නමුත් මෙහෙම එකක් වෙන දැකලා නෑ, ඒ නිසා වෙන එකක් හදන්න දෙන්න එපා කියලා.

මේක හදන්න යොදාගෙන තියෙන්නේ මොන ලී වර්ගයක්ද?

සියඹලා ලීයෙන් තමයි මේක හදලා තියෙන්නේ. වේවැල්වලින් මෑතකදී වියෙව්වා.

අපි කුණ්ඩසාලේ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ විහාරස්ථානයට ආවේ මේ රහස් පුටුව ගැන තොරතුරු දැනගන්න. ඒ ආපු ගමනෙදී අපට තවත් සුවිශේෂ දෙයක් දැකගන්න ලැබුණා. ඒ තමයි මේ විහාරස්ථානයේ තිබෙන පුංචි කෞතුකාගාරය. ඒ තුළ අපට දැකබලා ගන්න ගොඩක් දේවල් තියෙනවා. මේ ගැනත් අපට විස්තර ටිකක් කියන්න හාමුදුරුවනේ?

ඔබතුමා කිව්වා පුංචි කෞතුකාගාරයක් කියලා. ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ මහ රජතුමා හඟුරන්කෙත, කුණ්ඩසාලේ සහ මැදමහනුවර උප නගර හැටියට භාවිත කළා. ඒ අතරින් රජ්ජුරුවෝ වැඩිපුරම ඉන්න පිය කළා මහවැලි ගඟ තියෙන නිසා කුණ්ඩසාලේ මාලිගාවේ. රජතුමා හොඳ බෞද්ධයෙක්. මේක එතුමාගේ උයන් වත්ත. රජ්ජුරුවෝ මේකෙ බුද්ධ ප්‍රතිමාවක් නෙළුවා රත් හඳුන් ලීයෙන්. ඒකෙ රත්‍රන් ආලේප කළා.

ඒ ප්‍රතිමාව තමයි රජතුමා විහාර ගෙයි තැන්පත් කරලා වන්දනා කළේ. ඒ ප්‍රතිමාව බැලූ බැල්මට පේන්නේ දඹ රත්තරන්වලින් කරවපු එකක් වගේ. ඒ නිසාම ඒකට සොර සතුරන්ගෙන් තර්ජන එල්ල වෙන්න ගත්තා. ඒ නිසා පසුකාලීනව ඒ ප්‍රතිමාව රජතුමා මේ ආවාස ගෙය සහ පොත්ගුල් විහාරය කරවලා ඒ පිළිම වහන්සේ වැඩම කළා. ඒත් සමගම රජ්ජුරුවෝ ළඟ තිබුණු පිළිම, ඇත්තල කරඬු, ධාතුන්වහන්සේලා, රජ්ජුරුවන්ගේ ඇඳුම, පසුබ්මිය, පැලඳුම්, පොත්පත්, පිඟන් කෝප්ප, ආයුධ, ඇඳ, පල්ලැක්කිය, වැලිපිල්ල, පහන් වගේ දේවල් රාශියකුත් ඒ සමගම පූජා කළා කෞතුක භාණ්ඩ හැටියට. ඒ කෞතුක භාණ්ඩ සියල්ල එකතු කරලා තමයි මේ පොත්ගුල් විහාරයේ කෞතුකාගාරය නිර්මාණය කරලා තියෙන්නේ.

මේ වගේ කෞතුක භාණ්ඩ දැකබලා ගන්න කැමැති අය අපේ රටේ ගොඩක් ඉන්නවා. ඒ අයට මේ විහාරස්ථානයට එන ගමන් මාර්ගය ගැනත් කියන්න?

කුණ්ඩසාලේ රජමහා විහාරයට එන්න ඕනේ මහනුවර ඉඳලා. මහනුවර – මහියංගනය ප්‍රධාන පාරේ ඇවිල්ලා තැන්නේ කුඹුර පාලමෙන් එගොඩ වෙලා වරාපිටිය හන්දියෙන් දකුණට හැරිලා කිලෝමීටරයක් පහළට එනකොට තමයි විහාරස්ථානය පිහිටලා තියෙන්නේ. අපේ පාසල් යන දරුවන් නැරඹිය යුතු දේවල් රාශියක් මේ විහාරස්ථානයේ තියෙනවා. කැටයම් කලාව, චිත්‍ර කලාව ගැනත් ගොඩක් අධ්‍යයනය කළ යුතු දේවල් මෙහි තියෙනවා.

Nilame යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

කව්ද මුලින්ම ගහන්න පැන්නේ? කව්ද කණුහරුප කිව්වේ! කව්ද කලිසම ගලවනවා කිව්වේ? එළියට ආවෙ නැති ඩයනා-රෝහණ බණ්ඩාර-සුජිත් සංජය ගැටුමේ වීඩියෝව ලීක් වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රහතන්වහන්සේ නමක් වැඩසිටි අදටත් හාස්කම් ඇති මාතලේ අබිරහස් යෝධ වෘක්ෂය I Sri Lanka Latest News

MORE NEWS

අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News
Exclusive

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News
Exclusive

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මාලිමා ආණ්ඩුව යටතේ ඩොලර් මිලියන 1854ක් විදෙස් ණය අරන්! Sri Lanka Latest News

Load More
අලුත් හාට් එකක් දාලලු! වයස අවුරුදු 10කින් අඩු වෙලාලු! ඉස්සරටත් වඩා හරීම ශක්තිමත්ලු! දැන් හරිලු! ආයෙත් ජනාධිපති වෙන්නත් පුළුවන්ලු! චිත්‍රපටියක්-ටෙලි නාට්‍යයක් එහෙම නෙමෙයි.. වෙන මොකක්ද එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් එයා බබා… අපි ආයෙත් ජනාධිපති කරමු….! Sri Lanka Latest News

ලංකාවේ දේශපාලනය කියන්නේ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලකදී වුණත් ‘හොඳම විද්‍යා ප්‍රබන්ධ සහ හාස්‍යෝත්පාදක’ ගණයෙන් සම්මාන දිනාගත හැකි සුපිරිම නාට්‍යයකි. මේ...

Read more
අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති මධුර සෙනෙවිරත්නගේ කඩවුණු පොරොන්දුව! දැන් ගමට එන්න විදිහකුත් නෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

එන්න… අල්ලස් ගත්‍ත අය අත්පුඩි ගහලා පිළිගන්න…. ! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

ලක්මාලි වරප්‍රසාද සහ යුක්තිය! Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

මොන විරෝධතා පළ කළත් වැඩක් නෑ වගේ.. උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අනුර ගත්ත දැඩි තීන්දුවේම ඉන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.