සමාජ මාධ්‍ය වාරණය පනත වහා හකුලා ගනු, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය වනසන කොතලාවල උපාධි කඩ හරහා වෙද උපාධිය මුදලට විකිණීමේ ආණ්ඩුවේ කුමන්ත්‍රණය හකුලා ගනු ඇතුළු ඉල්ලීම් ගණනාවක් මූලික කරගනිමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කොට තිබූ විරෝධතා පා ගමනකට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් දැඩි උණුසුම්කාරී වාතාවරණයක් උද්ගත විය .Sri Lanka Latest News
විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා පා ගමනින් පේරාදෙණිය තානායම අසලට පැමිණීමත් සමඟ සිය ගණනක් වු පොලිස් භට කණ්ඩායමක් මාර්ගය අවහිර කොට සිසුන්ට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් සිසුන් සහ පොලිසිය අතර දැඩි නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත විය .
එහිදී කඳුළු කඳුළුගෑස් උණ්ඩ වැදීමෙන් සහ කඳුළු ගෑස් වැදීමෙන් ඇතිවූ ආසාත්මිකතා හේතුවෙන් සිසුන් 08 දෙනෙකු පමණ රෝහල් ගත කොට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .









