ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ද ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා පාකිස්ථාන අගමැතිවරයා එකඟතාවයකට පැමිණ තිබේ.Sri Lanka Latest News
ඒ, ඊයේ (17) චීනයේ බීජිං නුවරදී ඔවුන් දෙදෙනා හමු වූ අවස්ථාවේදීයි.
“එක් තීරයක් – එක් මාවතක්” ජාත්‍යන්තර සමුළුව සඳහා සහභාගිවීමට චීනයට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) පාකිස්ථාන අගමැති අන්වාර්-උල්-හක් කකාර් මහතා හමුවී ඇත.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ගාසා තීරයේ මතු වී ඇති ගැටලු පිළිබඳව ඔවුන් දෙපළ අදහස් හුවමාරු කර ගත් අතර ඒ පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කිරීමට ද දෙපාර්ශ්වය එකඟ වූ බවයි.
මීට අමතරව ජාති, ආගම් සහ ජනවර්ග භේද මත එකිනෙකා අතර වෛරය, ක්‍රෝධය වර්ධනය නොකෙරෙන මනුෂ්‍යත්වයෙන් පිරි පොදු සමාජයක් නිර්මාණය කිරීම මුළු ලෝකයේම අනාගත අභියෝගය බව නායක දෙපළ මෙහිදී අවධාරණය කර සිටි.
පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් සිටින ආර්ථික අර්බුද සහ එයින් යළි ගොඩඒමේ මාර්ග පිළිබඳව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.










