කීර්තිමත් ශ්‍රී ලාංකික වෛද්‍ය දිනේෂ් පලිපාන මහතාහට බ්‍රිස්බන් ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්විඳීමට සිදුවූ අපහසුතාවක් සම්බන්ධයෙන් වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගම සමාව අයැද තිබේ. (Sri Lanka Latest News)
ආබාධිතභාවය පිළිබඳ දේශනයක් පැවැත්වීම සඳහා ඔහු පසුගිය දිනක බ්‍රිස්බන් සිට මෙල්බන් දක්වා පැමිණීමට ගුවන් තොටුපළට පැමිණ ඇත.
එහිදී වර්ජින් ඔස්ට්‍රේලියා ගුවන් සමාගමේ භූමි මෙහෙයුම් හසුරුවන්නෙකුගේ නොසැළකිලිමත් භාවය හමුවේ වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා රෝද පුටුවෙන් බිමට ඇද වැටී ඇති බව සඳහන්වේ.
ඔහු සමග පැමිණි සහයකයන් දෙදෙනාගේ උපදෙස් නොතකා හරිමින් අදාළ භූමි මෙහෙයුම් හසුරුවන්නා විසින් කටයුතු කිරීම මීට හේතුව බවට චෝදනා එල්ල කෙරේ.
කෙසේවෙතත් මෙම සිද්ධිය පිළිබඳව වර්ජින් ගුවන් සේවය විසින් විධිමත් පරීක්ෂණයක් මේ වනවිටත් ආරම්භ කර තිබේ.
එමෙන්ම අභ්‍යන්තර හානි සිදුවී නොමැති බව තහවුරු කර ගැනීමට තමා ස්කෑන් පරීක්ෂණ කිහිපයකට යොමුවීමටද අපේක්ෂා කරන බව වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා සඳහන් කර ඇත.
වෛද්‍ය දිනේෂ් පලිපාන මහතා ක්වීන්ස්ලන්ඩ් ඔස්ට්‍රේලියානුවා සම්මානයෙන්ද පිදුම් ලබා ඇති අයෙකි.
dinamina










