• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දඹදිව ගිය අපේ නඩේ වන්දනාව කරගනීද? I Sri Lanka Latest News

October 7, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නා ගනීද? හා ගනීද? දුවන්න දෙයිද? දුවන්න වෙයිද?

ආසියානු කුසලානය ඉවර වෙලා ලෝක කුසලානෙට පිටත් වූ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට අපි සුබපැතුම් එක් කරනවා. ඔබට පුළුවන් නම් ආයෙත් අපට ලෝක කුසලානයක් ගෙනල්ලා දෙන්න. 1996 ලෝක කුසලානයෙන් පස්සේ 2014 ටී-20 ලෝක කුසලානය මිසක් වෙන සැනසිලි සුසුමක් අපට හෙළන්න ලැබුණේ නෑ. ආසියානු ටී-20 ශූරයන් වෙච්ච අපට ආසියානු ශූරයන් වෙන්න තිබුණු අවස්ථාව නූලෙන් මිස් වුණේ. හැබැයි ඒ නූල හරි මහතයි. ඒ නූල ලැජ්ජාසහගතයි. අවසානයේ අනුශූරයන් විදියට මේ තරගාවලිය අවසන් කරන්න ලැබීම එක විශිෂ්ට ජයග්‍රහණයක්.(Sri Lanka Latest News)

ඒ ජයග්‍රහණය කිසිසේත් අපි අවතක්සේරුවට ලක්කරන්නේ නෑ. ඒකට හේතුව තමයි බාබර් අසාම් ඇතුළු අතිශය ප්‍රබල පාකිස්තානු කණ්ඩායම ඒ තරගාවලියෙන් එළියට විසිවුණා. ඒ වගේම කාලයක් තිස්සේ හොඳට ක්‍රීඩා කරමින් ඉන්න බංග්ලාදේශ කණ්ඩායම මේ තරගාවලියේදී එළියට වීසි වුණා. මේ මොහොතේ ඉතා පෙරළිකාර ලෙස කටයුතු කරන ආසියානු කුසලාන තරගාවලියේදී පවා පෙරළිකාරයෝ විදියට වැඩ කරපු ඇෆ්ගනිස්තාන ක්‍රීඩකයෝ මේ තරගාවලියේදී එළියට විසි වුණා. ඔවුන් කොච්චර දක්ෂතා සහිත ක්‍රීඩකයෝද කියනවා නම් ලෝකයේ වැඩිම ටී-20 තරග ප්‍රමාණයක් ක්‍රීඩා කරපු, ලෝකෙ පුරාම ක්‍රිකට් ගහන ක්‍රීඩකයෝ ඔවුන් සතුව ඉන්නවා.

ඒ වගේම ලෝකයම දන්න සුපර්ස්ටාර් කෙනෙක් වෙච්ච රෂීඩ් පවා ඔවුන් සතුව ඉන්නවා. මේ ගොල්ලො තරු. හැබැයි එහෙම ඉද්දිත් ශ්‍රී ලංකාවට පුළුවන් වුණා අවසන් තරගයට එන්න. අවසාන තරගයේදී ලැබුණේ ලැජ්ජාසහගත පරාජයක්. ලකුණු 50යි ගහන්න පුළුවන් වුණේ. ඒක ඇත්ත. නමුත් අප විසින් මේ කාරණයේදී පැහැදිලි කරන දේ තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට තවමත් බැරි නෑ, පුළුවන්.

ඒත් ලෝකෙ බොහෝ අනාවැකි අතර ශ්‍රී ලංකාව කියන නම නෑ. ඒ අනාවැකි අතර නම නැතිවෙලා දවස් කිහිපයකින් පස්සේ පුහුණු තරග තිබුණා. ඒ අතරින් පළමු පුහුණු තරගය අපි බංග්ලාදේශය හමුවේ පරාජයට පත්වුණා. බංග්ලාදේශය කියන්නේ මේ වතාවේ ජයග්‍රාහකයන් වේවි යැයි සිතිය හැකි කණ්ඩායමක් නෙවෙයි. ප්‍රබල කණ්ඩායමක් නෙවෙයි. එවැනි ප්‍රබල නොවන කණ්ඩායමක් හමුවේ අපි ප්‍රථම වතාවට පරාජයට පත්වුණා.

ඊළඟ තරගය ඇෆ්ගනිස්තානය සමග තරගය. මේ තරගය ඔවුන් වේගවත් ඉනිමකින් පස්සේ ගඹා ගිහින් ජයග්‍රහණය කරපු තරගයක් වුණා. අපේ පන්දු යැවීමත් අතිශය දුර්වල මට්ටමක තිබුණු බවක් අපට පෙනුණා. මේ තරගයේදී එක සාධනීය කාරණයක් වෙන්නේ කුසල් මෙන්ඩිස් ලකුණු අතරට පැමිණීම. ඒක අතිවිශිෂ්ට ඉනිමක්. ඒ ඉනිම හා සමාන ඉනිමක් අපි කාලෙකින් දැකලා නෑ.

ඒ වගේම විශේෂත්වය තමයි ඔහුගේ ඉනිම අත්හිටෙව්වේ නැත්නම් ඇතැම් විට මේ තරගය ලංකා කණ්ඩායම ජයගන්නට පවා තිබුණා. නමුත් ඒකෙ තියෙන ප්‍රශ්නය කුසල් 200ක් ගහනවද, 250ක් ගහනවද කියන එක නෙවෙයි. කුසල් 250ක් ගහලා, ලංකා කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩකයෝ ගහන්නේ ලකුණු 60යි නම් ඒ ක්‍රිකට්වලින් වැඩක් නෑ. කුසල් එක්ක අකුසල් මිශ්‍ර වෙලා කියන එක තමයි අපට හිතෙන්නේ. මේ තත්ත්වය අපට පේන්නෙත් එහෙම තමයි.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෝ බොහෝ දෙනෙක්ගේ විශ්වසනීයත්වය (කන්ෆිඩන්ට්) කියන එක නැති බව තමයි මේ වෙද්දී පේන්න තියෙන්නේ. විශේෂයෙන්ම ඒ තරගයේදී දසුන් ශානකව එළියෙන් තියලා තමයි තරගයට එන්නේ. එතකොට අපට පේන දෙයක් තමයි අවසාන පන්දු වාර කිහිපයේදී පවර් හිටර් කෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නෑ. දසුන් එළියෙන් තිබ්බට පස්සේ එක්කෝ වෙන පවර් හිටර් කෙනෙක් ඇතුළට ගන්න ඕනේ.

ඇත්තටම ලංකාවට හිටපු හොඳම තුන් ඉරියව් පවර් හිටර් විදියට අපට ආදේශකයක් විදියට පාවිච්චි කරන්න තිබුණේ දසුන් එළියෙන් තිබ්බත් ප්‍රශ්නයක් නැත්තේ වනිඳු හසරංග කණ්ඩායමේ හිටියා නම්. නමුත් දැන් වනිඳු නෑ. එහෙම නම් දසුන් එළියෙන් තියලා චාමික ඇතුළට එන්න ඕනේ. චාමිකත් නැතුව ඔවුන් දුනිත් වෙල්ලාලගේව විතරක් බලාපොරොත්තුවෙන් තරගයට එනවා. නැත්නම් තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට ඔවුන් ආදේශ කරගන්නවා ධනංජය සිල්වා.

ධනංජය කියන්නේ තුන් ඉරියව් ක්‍රීඩකයෙක් විදියට ආදේශකයක් වුණාට ඔහු අවසාන පන්දු දෙක තුනට හහේ ඒවා දෙක තුනක් ගහන්න පුළුවන් ක්‍රීඩකයෙක් නෙවෙයි. එහෙම ක්‍රීඩකයෙක්ගේ අවශ්‍යතාව දැන් ලංකාවට තදින්ම දැනෙනවා. ඒක වෙන විදියකට පැහැදිලි කළොත් තිසර පෙරේරාගේ පන්නයේ ක්‍රීඩකයෙක් අපට දැන් අවශ්‍යයි. එහෙම ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නෑ. ශ්‍රී ලංකා කණ්ඩායමේ එහෙම ක්‍රීඩකයෙක් හොයාගන්න උත්සාහ කරන බවක්වත් පේන්න නැහැ. මේක ඉතාම නරක සහ භයානක තත්ත්වයක්.

මේ තරගාවලියේදී අපට පේන දෙයක් තමයි ප්‍රබල කණ්ඩායම්වල ලකුණු තත්ත්වයන්. ඔවුන් සාමාන්‍යයෙන් ලකුණු 350 සීමාව ඉක්මවා යනවා. 380, 390 වගේ සිමාවේ තමයි ඔවුන් නතර වෙන්නේ. මානසියාදුෂේන් වගේ ටෙස්ට් ක්‍රීඩකයෝ, ස්මිත් වගේ ටෙස්ට් ක්‍රීඩකයෝ, පන්දු ස්ට්‍රයික් රේට් එක ලකුණු 100ට වගේ ලකුණු ගන්නවා අපට පේනවා. ඉන්දියාවේ ඉන්නේ ග්‍රවුන්ඩ් කන්ඩිෂන් එක හොඳම දන්න ක්‍රීඩකයෝ. ඒ වගේම පිස්සු හැදිච්ච ප්‍රේක්ෂකයන් පිරිසක් වටකරගත්ත කණ්ඩායමක් ඉන්දියාව. ඒ වගේම බාබර් අසාම්ලගේ කණ්ඩායම පාකිස්තානය. මේ තරගය ලේසියෙන් අතහරින්නේ නෑ.

ඒ වගේම කාගෙවත් වැඩි ආදරය දිනා නොගත්තත් නවසීලන්තයත් මේ වෙලාවේ ඉන්නේ පුදුමාකාර රිදම් එකක. ඒ නිසා මේක ලේසි වෙන්නෙ නැති බව අපට පැහැදිලියි. ලෝක කුසලානය ලංකාවට දිනන්න පුළුවන් වුණත්, බැරි වුණත් ඒක ලේසි වෙන්නේ නෑ කියන එක නම් අපට 100%ක් විශ්වාසයි. අපි ඔබට කියන්නේ ඔළුව ටිකක් හදාගන්න කියලා. පැරැදුණත් කමක් නෑ කියන තැන. මොකද පැරැදිය හැකි සම්භාවිතාව 100%යි. සම්භාවිතාව ඉතාම අඩුයි ජයග්‍රහණය කරන්න.

මේ තියෙන තත්ත්වය මත පෙරළියක් කරන්න බැරි නෑ ශ්‍රී ලංකා කණ්ඩායමට. වඩාත් අවධානය දිනාගත් කණ්ඩායමක් ශ්‍රී ලංකා කණ්ඩායම. මොකද ශ්‍රී ලංකාව කියන්නේ කොයි වෙලාවේ මොකක් කරයිද කියලා දන්නේ නැති කණ්ඩායමක් කියලා මුළු ලෝකෙම කියනවා. දසුන්ලා වුණත් අතිශය අසාර්ථකයි ක්‍රීඩකයෙක් විදියට. අපි දැක්කා දසුන් ඉන්දියාවේදී සාර්ථකයි. ඒ නිසා දසුන් ගැනත් බලාපොරොත්තු අතහරින්න බෑ අපට.

ඒ විදියට ගත්තම අපි ඉන්නෙ අඩුම පීඩනය සහිතව. ඇත්තටම අපි මේ වතාවෙ ඉන්නෙ නෙදර්ලන්තයට විතරක් ඉස්සරහින්. අනාවැකි කිසිවක් අතරෙ අපි නෑ. ශ්‍රී ලාංකික ක්‍රීඩකයොවත් අපි ගැන කියන්නෙ නෑ. ඒ වගේම අපි සතුව සුපර්ස්ටාලා නෑ. සීමිත පන්දු වාර කොටසේදී අපේ ක්‍රීඩකයො ශ්‍රේණිගතවෙලා ඉන්නෙ මෙහෙම.

• චරිත් අසලංක 25
• පැතුම් නිස්සංක 29
• කුසල් මෙන්ඩිස් 48
• දිමුත් කරුණාරත්න 88
• ධනංජය ද සිල්වා 90
• සධීර සමරවික්‍රම 94

ඒ අනුව අපේ පිතිකරණ ලැයිස්තුව තියෙන්නෙ ඔය තත්ත්වයේ. ඊළඟට පන්දු යවන්නො. ඒ අයගෙ තත්ත්වය ඊටත් වඩා ශෝචනීයයි.

• මහීෂ් තීක්ෂණ 16
• වනිඳු හසරංග 36
• දුෂ්මන්ත චමීර 74
• කසුන් රාජිත 96

මේ අය අතරින් පළමු තරගයට ක්‍රීඩා කරන එක සීයට සීයක්ම ස්ථිර ක්‍රීඩකයෙක්ට ඉන්නෙ කසුන් රාජිත විතරයි. යම් විදියකින් ඒක එහෙම වුණොත් අපි ලෝකයෙ අංක එකේ පිතිකරන ලැයිස්තුවලට මුහුණ දෙන්නෙ ශ්‍රේණිගත කිරීම්වල අංක 94 ඉන්නෙ ක්‍රීඩකයෙක් සහ පළමු සියදෙනා අතරවත් නැති පන්දු යවන්නන් එක්ක.

ඒත් අනිත් රටවල් එහෙම නෑ. ඒ අය ඉන්නෙ අංක එකේ පිතිකරුවො, අංක එකේ පන්දු යවන්නො එක්ක.

පාකිස්‍තානයට ඉන්නවා අංක එකේ පිතිකරුවා බාබර් අසාම් සහ අංක හයට ශ්‍රේණිගත වුණු ඉමාම් උල් හක්. පන්දු යවන්නන්ගෙන් ඉන්නවා අංක හයට ශ්‍රේණිගත වුණ සහීන් ශා අෆ්‍රෙඩි.

ඉන්දියාවට අංක එකේ පන්දු යවන්නා විදියට මොහොමඩ් සිරාජ් ඉන්නවා. පිතිකරු ලැයිස්තුවෙ අංක දෙක ස්ථානය සුබ්‍රමනියම් ගිල් හිමිකර ගන්න කොට නමය සහ දහය ස්ථානවල ඉන්නෙ පිළිවෙළින් විරාත් කෝලි සහ රෝහිත් ශර්මා. ඒ වගේම හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයො අතර හත්වෙනි ස්ථානයෙ ඉන්නෙ පාණ්ඩියා.

දකුණු අප්‍රිකාවෙ රස් වැන් ඩූසෙන් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමේ තුන්වැනි ස්ථානය ලබාගෙන තියෙනවා. ඒ වගේම ක්වින්ටන් ඩි කොක් අංක හතත් හෙන්‍රිච් ක්ලාසෙන් අංක අටත් වෙලා තියෙන බව පේනවා.

නවසීලන්තයෙ ට්‍රනේට් බෝල්ට් පන්දු යවන්නන්ගෙ ශ්‍රේණිගත කිරීමේ පස්වැනි ස්ථානය හිමිකරගන්න අතරෙ නමවෙනි ස්ථානයෙ ඉන්නෙ මැට් හෙන්රි.

බංගලිදේශය ශක්තිය වෙන්නෙ තුන් ඉරියව් ක්‍රීඩකයො. සුපුරුදු විදියටම අංක එකේ තුන් ඉරියව් ක්‍රීඩකයා ශකීබ් අල් හසන්. අංක අට ඔහුගෙම අඩිපාරෙ යන මෙහෙදි හසන් මිරාජ්.

ඇෆ්ගනිස්ථානය ගැන නම් අහන කොටත් බය හිතෙනවා. මේ වතාවෙ පෙරළියක් කරනවා නම් අනූ හයේ ලංකාව කළා වගේම කරන්න ඇෆ්ගනිස්තානයට පුළුවන්. ශ්‍රේණිගත කිරීම්වල පළමු දහදෙනා අතරෙ තුන් දෙනෙක්ම ඇෆ්ගන් ක්‍රීඩකයො. මුජීබ් උර් රහමාන් අංක තුනත් රෂීඩ් ඛාන් අංක හතරත් වෙනකොට අංක දහය වෙලා තියෙන්නෙ මොහොමඩ් නබී. තුන් ඉරියව් ක්‍රීඩකයො අතරින් නබී දෙවැනි තැනට එනකොට රෂීඩ් එතැනත් ඉන්නෙ අංක හතරෙ.

ඔස්ටේ්‍රලියාවත් කොහොමත් වගේ ලෝක කුසලානයේ දි භයානක කණ්ඩායමක්. පිතුකරුවන් අතරෙ අංක හතරෙ ඉන්න ඩේවිඩ් වෝනර් ඔවුන්ට ඉන්නවා. පන්දු යවන්නො අතරෙ හේසල් වුඩ් ඉන්නෙ සිරාජ් එක්ක සමාන ලකුණු සහිතව අංක එකේ. ඇඩම් සම්පා අංක හත, මිචෙල් ස්ටාක් අංක අට. ඒ නිසා මේ වතාවෙ ලේසි වෙන්නෙ නෑ.

යම් පසුබෑමක් පේන්නෙ එංගලන්තයෙ විතරයි. ඒ අයගෙ කිසිම ක්‍රීඩකයෙක් නෑ පළමු අංක දහයෙ ශ්‍රේණිගත වුණු. ඒත් ක්‍රිස් වෝල්ස් පන්දු යවන්නො අතර අංක දොළහෙ ඉන්නවා. ඩේවිඩ් මාලන් අංක පහළොවෙත් ජෝස් බට්ලර් අංක දාහතත් ජේසන් රෝයි අංක දහනමයත් ජොනී බැරිස්ටො අංක විසිදෙකෙත් ඉන්නෙ අපිට ඉස්සරහින්.

ක්‍රිකට් කියන්නෙ ශ්‍රේණිගත කිරීම නෙමෙයි. නවසීලන්තයෙ රුචින් රවීන්ද්‍ර එංගලන්තයට දුවන්න ගැහුවෙ පළමු තරගෙන්ම වේගවත් ශතකයක් එක්ක. ඔහු ඒ වෙනකොට ඔය එක ලැයිස්තුවකවත් නෑ. ඒ නිසා අපිට බලාගෙන ඉන්න පුළුවන්. ඒත් ඉතින් අපිට අපේ කොල්ලන්ට කියන්න තියෙන්නෙත් ‘පරිස්සමට, බලාගෙන…’ කියලා තමයි. මොකද දැන් ක්‍රිකට් වෙනස්. එන හැමෝම එන්නෙ ලකුණු හාරසීයක් හිතේ තියාගෙන.

දෙසිය පනහක්, දෙසිය අසූවක් ගහලා බෑ. ඒ නිසා ගහන්නම වෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මීට පස්සේ ඇමැතිකම්වලට පක්ෂ මාරු කරන්න බෑ! ඓතිහාසික ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පස්සේ එළියට ආපු ජනාධිපති නීතීඥවරයා කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අම්පිටියේ සුමනරතන හාමුදුරුවෝ මිනිස්සු එක්ක ගිහින් මහවැලි අධිකාරිය වටලයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

Load More
රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

දැනට විමර්ශනය කෙරෙමින් පවතින ආන්දෝලනාත්මක සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් අතිශය වැදගත් තොරතුරු රැසක් අනාවරණ කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ අල්ලස්...

Read more
නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.