පරිසර අමාත්‍ය නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වන තත්ත්වයක් මේ වනවිට මතුව තිබේ.Sri Lanka Latest News
ඒ, ඔහු ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් නෙරපීමට ගත් තීරණය නීත්‍යනුකූල බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමගය.
පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු ප්‍රකාශ කළේ, එවැනි නඩු තීන්දුවකින් පසුව සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වන බව ය.
කෙසේ වෙතත්, අදාළ තීන්දුව මේ වන විට අධ්‍යයනය කරමින් සිටින අතර, එය අධ්‍යයනය කිරීමෙන් පසු අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බව ඔහු ප්‍රකාශ කළේ ය.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සහය පළ කරමින් කැබිනට් අමාත්‍ය ධූරයක් භාර ගැනීමෙන් පසු ඔහුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පියවර ගත්තේ ය.









