එල්ල වූ විරෝධය නොතකා යාපනයේ තවත් මත්පැන් හල් තුනක් විවෘත කිරීම සදහා බලපක් ලබා දීමට යාපනය දිස්ත්‍රික් කමිටුව තීරණය කිරීමත් සමග ඊට එරෙහිව දැවැන්ත සටනක් සිදුකිරීමට දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් තීරණය කොට ඇත.Sri Lanka Latest News
දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් පවසන්නේ යාපනය තෙලිප්පලෙයි ප්‍රදේශයේ මත්පැන් හලක් විවෘත කිරීමට දැක්වූ විරෝධය නොතකා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ඊට අවසර ලබා දීමට තීරණය කළ බවකි.
දැනටමත් අවශ්‍ය තරමට වඩා මත්පැන් හල් යාපනයේ පවතින බව පෙන්වා දුන්නද සම්බන්ධීකරණ කමිටුවේ කිහිප දෙනකු එය ගණනකට නොගෙන තවත් මත්පැන් හල් 3ක් විවෘත කිරීම සදහා අවසර ලබා දුන් බවද දෙමළ ජාතික සන්ධානය පෙන්වා දෙයි.
සම්බන්ධීකරණ කමිටුව කීප දෙනකුගේ බූදලයක් බවට පත්කොටගෙන ඇති බව පෙන්වා දෙන එම සන්ධානය මේ පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බවද පෙන්වා දී ඇත.










