• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම සඳහා ලංකාව කැපවී සිටින බව ඇමැති අලි සබ්‍රි දැනුම් දෙයි! I Sri Lanka Latest News

September 22, 2023
in Exclusive
Reading Time: 4 mins read
A A
න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමා කිරීම සඳහා ලංකාව කැපවී සිටින බව ඇමැති අලි සබ්‍රි දැනුම් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම (CTBT) අනුමත කරන අතර, න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

විදේශ කටයුතු අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT )පිළිබඳ යුරෝපා සංගමයේ 14 වන වගන්තියේ සම්මන්ත්‍රණයේ කොටසක් ලෙස කැඳවා තිබූ මාධ්‍ය සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා සඳහන් කළේ පසුගිය ජූලි මාසයේ දී විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ශ්‍රී ලංකාව නිල වශයෙන් අනුමත කළ බවත් එය න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම පිළිබඳ රටේ දීර්ඝකාලීන සහ ස්ථාවර ප්‍රතිපත්තිය සමඟ අනුකූල වන බවත්ය.

1996 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමට ( CTBT) අත්සන් තැබීමත් සමඟ, ඊට අත්සන් තැබූ පළමු රටවල් අතර 13 වන ස්ථානයට මෙරට පත් වූ බවත්, එය කැපී පෙනෙන කරුණක් බවත් සඳහන් කළ අලි සබ්‍රි මහතා මහනුවර පල්ලේකැලේ සහායක භූ කම්පන මධ්‍යස්ථානයක්ද ස්ථාපිත කළ බව පැවසීය.

සම්මුතිය බලාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) විධායක අධ්‍යක්ෂ ෆ්ලොයිඩ් මහතා ඇතුළු කණ්ඩායම සිදුකරන කැපවීම ද මෙහිදී විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාගේ ඇගයීමට ලක් විය.

තවද, ශ්‍රී ලංකාව 1996 දී ගිවිසුමට අත්සන් තැබූ දින සිට ස්ථානීය පරීක්‍ෂණ (OSI) අංශය සමඟ සමීප සහයෝගීතාව ඇතුළුව න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයෙහි ( CTBTO) වැඩකටයුතු සඳහා ක්‍රියාකාරීව සහාය ලබා දී තිබෙන බවත්, ලොව පුරා සිටින තාක්ෂණික විශේෂඥයින් ඇතුළු 180 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 2025 වසරේ දී පැවැත්වෙන මීළඟ ස්ථානීය පරීක්‍ෂණ ඒකාබද්ධ ක්ෂේත්‍ර අභ්‍යාසය (OSI) සඳහා සත්කාරකත්වය ශ්‍රී ලංකාව විසින් සපයන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය අභ්‍යාසය විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම් සංවිධානයේ (CTBTO) ස්ථානීය පරීක්ෂණ හැකියාවන් වැඩිදියුණු කිරීමට සහ තවදුරටත් වැඩිදියුණු කිරීමේ අවස්ථා හඳුනා ගැනීමට තීරණාත්මක අවස්ථාවක් බවද අමාත්‍යවරයා පැවසීය.

ශ්‍රී ලංකාව මෙම ගිවිසුමට අත්සන් තබා මෙම වසරට, වසර 26 ක් සපිරෙන අතර ගෝලීය න්‍යෂ්ටික නිරායුධකරණය සහ න්‍යෂ්ටික ආයුධ සීමාකිරීම සඳහා පාලන තන්ත්‍රයේ මූලික සන්ධිස්ථානයක් ලෙස එහි වැදගත්කම ද අමාත්‍යවරයා විසින් අවධාරණය කරනු ලැබීය.

විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT ) න්‍යෂ්ටික අත්හදා බැලීම්වලට එරෙහිව සැලකිය යුතු සාමූහික විශ්වාසයක් ගොඩනැංවීමට කටයුතු කරන අතර, සීතල යුද සමයේ භයානක න්‍යෂ්ටික අවි තරඟය ඵලදායි ලෙස පාලනය කිරීමට සමත් විය.

මීට අමතරව, ගිවිසුමේ සත්‍යාපන තන්ත්‍රය න්‍යෂ්ටික නිරායුධකරණයෙන් ඔබ්බට යමින් සිවිල් සහ විද්‍යාත්මක අරමුණු දක්වා විහිදෙන යෙදුම් සමඟ ශක්තිමත් ජාත්‍යන්තර නිරීක්ෂණ පද්ධතියක් සහ ජාත්‍යන්තර දත්ත මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.

නැඟී එන භූ දේශපාලනික ආතතීන් සහ මෑතකාලීන අභියෝග හමුවේ, න්‍යෂ්ටික ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම (NPT) සමාලෝචන සමුළුවේදී, ගෝලීය ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුමෙහි (CTBT) තීරණාත්මක කාර්යභාරය පෙන්වා දුන් අලි සබ්‍රි මහතා අනුමත කිරීම සඳහා ස්ථිර ක්‍රියාමාර්ග ගන්නා ලෙස සියලුම රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියේය.

න්‍යෂ්ටික අවිහරණය සහ නිරායුධකරණය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම ස්ථිරව පවතින බවත්, මෙම තීරණාත්මක අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව සිය අඛණ්ඩ සහයෝගය ලබා දෙන බවටත් අමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේය.

න්‍යෂ්ටික අවි තහනම් කිරීමේ ගිවිසුම (NTPNW ) වෙත ශ්‍රී ලංකාව ප්‍රවේශවීමේ නිත්‍යනුකූල ලේඛනය පසුගියදා බාර දුන් බවද සඳහන් කළ අලි සබ්‍රි මහතා විස්තීරණ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් කිරීමේ ගිවිසුම ( CTBT) අනුමත කිරීම මගින් න්‍යෂ්ටික අවිහරණය සහ නිරායුධකරණය හරහා ගෝලීය සාමය සහ ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකාවේ තිරසර කැපවීම නැවතත් තහවුරු කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය
2023.09.22

SendShareShare
Previous Post

අලි සබ්‍රි රහීම් ඉවත් කරන්න සජිත් ගෙනා යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි වෙයි! I Sri Lanka Latest News

Next Post

‘නීපා’ භයානකයි! මරණ අනුපාතය 40%ත් 75%ත් අතර! වහාම ලෑස්ති වෙන්න! කොරෝනා අවදානම මුලින්ම පාර්ලිමේන්තුවේදී හෙළිකළ සජිත් ‘නීපා’ අවදානමත් මුලින්ම පෙන්වා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන් නමින් දැන්වීම් පළකරමින් මහාපරිමාණයෙන් නීති විරෝධීව මුදල් එකතු කර ඇති සමාගම්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇති...

Read more
කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.