• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

පරම බ්‍රහ්මචාරී හනුමාන්

March 15, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
පරම බ්‍රහ්මචාරී හනුමාන්
Share on WhatsAppShare on Facebook

දේව වරමින් දේවාති දේව වූ ළදරු හනුමාන්ට අධ්‍යාපනය හැදෑරීමට අවශ්‍ය විය. තම ආචාර්යවරයා විය යුත්තේ කවරකු ද යන්න ගැන ඔහු සිතුවේය. ඒ සඳහා හොඳම තැනැත්තා සූර්ය දිව්‍ය රාජයා බව හෙතෙම තීරණය කෙළේය.
“මම ඔබගේ කීකරු ශිෂ්‍යයා වීමට කැමැත්තෙමි” යැයි සූර්ය දිව්‍ය රාජයා කරා ගිය හනුමාන් කීය.
“මම කොහොමද ඔබට උගන්වන්නෙ, මම මුළු අවුරුද්ද පුරාම එක මොහොතක් හෝ එක තැන නොරැඳී ලෝකය වටා දුවන්නෙක්. ඒ නිසා කොහොමද ඔබට උගන්වන්නෙ” සූර්ය දිව්‍ය රාජයා පෙරළා ඇසුවේය.
“මට උගන්වනව නම් ඒක සුළු දෙයක්, මම ඔබතුමා සමඟ එක ළඟින් ඉන්න හරි හරියට දුවන්නම්. එතකොට ඔබතුමාට මට උගන්වන්න පුළුවන්” හනුමාන් කීය. ගුරුවරයා සිය ගෝලයාගේ කොන්දේසියට එකඟ විය.

හනුමාන් සියලු ශාස්ත්‍ර සූර්ය දිව්‍ය රාජයාගෙන් ඉගෙන ගත්තේ ලොව වටා ධාවනයේ යෙදෙමිනි. සෘග්, යජුර්, සාම සහ අථර්වන් යන චතුර්වේදයද ෂඞ් දර්ශනයද සූ සැට (හැට හතරක්) කලා ද, එක සිය අසූ හතරක් වූ තන්ත්‍රද, අබිරහස් ශාස්ත්‍රයද ගුප්ත විද්‍යාවේ අෂ්ට කර්මය ද හනුමාන් ඒ පරිද්දෙන්ම උගත්තේය. එසේ සියලු ශාස්ත්‍ර දැන උගත් හෙයින් හෙතෙම “විද්වාන්” නම් වන්නේය.
ශිල්ප හැදෑරීම සඳහා සූර්ය දිව්‍ය රාජයාගේ වේගවත් ධාවනයට සමගාමී වේගයෙන්ම ආරක්‍ෂිතව ලෝකය වටා ධාවනයේ යෙදුණු බැවින් ලෝකයේ සියලුම පාහේ ගුවන් සමාගම් සිය මංගල ගමන අරඹන්නේත් සංචාරකයන් වැඩි දෙනකු ගුවන් ගමන් යෑමේදීත් හනුමාන්ගේ ආශීර්වාදය ඉල්ලමින් පුද පූජා පවත්වන්නේද එබැවිනි.

හනුමාන් යනු රාමාගේ (රාම්ගේ)වේශයෙන් පෙනී සිටින විෂ්ණු දෙවියන්ගේ ඉතාම භක්තිවන්ත සේවකයා ලෙසට වෛශ්‍රවණයන් (විෂ්ණු භක්තිකයන්) විසින් සලකනු ලැබේ. එපමණක් නොව විෂ්ණු භක්තිකයෝ ඉමහත් ගෞරව බහුමානයෙන් යුතුව හනුමාන්ට පුද පූජාද පවත්වමින් විෂ්ණු දෙවියන්ගේ භක්තිවන්තම සේවකයාය යන අරුතින් “භක්ත (භක්ති) චක්‍රවර්ති” යන නාමයෙන්ද හඳුන්වති.

රාවණාගේ බලසම්පන්න හමුදා සමඟ මුහුණට මුහුණලා කළ සටන්වලදී පෙන්වූ අයෝමය ශක්තිය නිසා හනුමාන් කාය ශක්තියේ ප්‍රතිමූර්තිය ලෙස සලකා කාය වර්ධකයන්ගේද, මල්ලව පොර ශූරයන්ගේද, දෙවියන් ලෙසට පාත්‍රවී ඇත. හනුමාන්ගේ වස්ත්‍රය ඉතා කෙටි ඇඳුමක් නිසා මල්ලව පොර ක්‍රීඩකයන් (විශේෂයෙන් සුමෝ ක්‍රීඩකයන්) කාය වර්ධකයන් සිය නිල ඇඳුම ලෙස තෝරාගෙන ඇත්තේ හනුමාන්ගේ ඇඳුමයි. ඒ නිසා හනුමාන්ට “කෞපින වස්ත්‍ර, සිංහ වස්ත්‍ර” නම් පටබැඳී තිබේ.

කාය වර්ධකයන් මල්ලව පොර ශූරයන් කවර කටයුත්තක් ආරම්භ කරන්නේත් හනුමාන් තම දෙවියන් බැවින් ඔහුට බැති පුද තබමිනි. හෙතෙම කාය ශක්තියේ තාරුණ්‍යයයේ දෙවියාය. හනුමාන් අධ්‍යාපනය ලැබුවේ සූර්ය දිව්‍ය රාජයා සමඟ එකට ධාවනය කරමිනි. ඉන් ඔහුගේ ගමන් වේගයේ තරම ලොවට ප්‍රකට විය.

රාම රාවණා සටනේදී තුවාල වූවෙකුට අවශ්‍ය සංජීවනී ඖෂධය හිමාල වනාන්තරයෙන් ගෙනැවිත් ආපසු ආවේ සුළු කාල පරාසයක් තුළදීය. ඒ ගමන් වේගය චණ්ඩ මාරුතයද පරදන්නකි. ඒ නිසා හනුමාන් පවන ධූත, පවන කුමාර සහ මාරුත නාමධාරි වේ.

ලංකා තරණයට පාලම ඉදිකරන අවස්ථාවේ හනුමාන්ට ඇති වූ විඩා ගතියක් නිවා ගැනීම සඳහා ඔහු ඒ සමීපයේ තිබූ ගංගාවක් අසලට ගියේය. ඒ අවස්ථාවේ එහි රූමත් අප්සරාවක් සිටියාය. ඇය “ස්වයං ප්‍රභා”ය. ඕ ඒ ආසන්නයේ වාසභවනයට හනුමාන් කැඳවා ගෙන ගොස් අන්න පානා දියෙන් සංග්‍රහ කළාය. ඒ වන විට අඳුර වැටෙමින් තිබුණි. එදින රාත්‍රිය තම වාසභවනයේ ගෙවන ලෙසට අප්සරාව කළ ඉල්ලීමට අනුව හනුමාන් තෙමේ යහන් ගැබකට ගොස් නිදා ගත්තේය. අධික වෙහෙස හනුමාන් තද නින්දකට ඇද දැම්මද සිරුරට දැනුණු අමුතු ස්පර්ශයක් නිසා ඔහු උඩ ගොස් බිම වැටී අවදි වූවේය. ස්වයං ප්‍රභාවෙන්ම සියලුම ස්ත්‍රී ලාලිත්‍යනු අංගෝපාංග ප්‍රභාස්වර කෙරෙන අන්දමේ සිනිඳු දුහුල් සළුවකින් සැරසී “ස්වයං ප්‍රභා” සයනය අසල හිට ගෙන සිටියාය. ඇගේ සිරුර රත් වූ යවටක් මෙන් විය.

“ඔබ මා ළඟ නවතින්න හැකි සියලු සම්පතක්ම දෙන්නම්” ඈ මිමිණුවාය.
“බෑ මම බ්‍රහ්මචාරියෙක්” හනුමාන් කීය.
රාවණාගේ අන්තඃපුර ස්ත්‍රීන්ටත් හනුමාන් ඔය පිළිතුරම දුන්නේලු. කායික සහ මානසික යන දෙආකාරයෙන්ම බ්‍රහ්මචාරී හෙයින් හෙතෙම “පරම බ්‍රහ්මචාරී” නම් වූවේය.
චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රාජාවලියක් කණපිට හැරවූ සැඩොල් කෙල්ල

Next Post

කොරෝනාව ලංකා‌වෙ ආර්ථිකයත් විනාශ කරයිද? මහාචාර්යවරු ‌දෙන්නෙක් මව්රටට කියපු කතාව ‌මෙන්න

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

බලය ලැබුණේ පැලවත්තට බවත් පැලවත්තෙන් ආණ්ඩුව ගෙන යාමේ සැලසුම් සකස් කරන බවත් සභානායක බිමල් රත්නායක මහතා පැවසීය. Sri Lanka Latest...

Read more

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අද පාන්දරම ගන්දර වෙඩි පත්තු වෙයි! බංකු.. බංකු..! දිව්‍යලෝකෙන් ආපු එකක්ද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.