කොරෝනා රෝගය වැලදුණු ලාංකිකයාගේ පුත්‍රයාට එම රෝගය වැළදී ඇති බවට පැතිරෙන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර සිටී.
ඒ මහතා පෙන්වා දෙන්නේ එම කටකතාව සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, අදාළ පවුලේ සාමාජිකයන් සියලු දෙනාටම නිරෝධායන කටයුතු සිදු කර ඇති බවත්ය.
මේ නිසා කිසිවකුත් කලබලයට පත් විය යුතු නැති බවත්, රෝගය පැතිර යාම සම්පූර්ණයෙන්ම පාලනය කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ඒ මහතා අවධාරණය කොට ඇත.










