• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දීය මහකොමසාරිස් හා චීන තානාපතිත් ළඟ තියාගෙන සාගල ඉන්දීය සාගර කලාපය ගැන ලංකාවේ ඉදිරි දැක්ම පැහැදිලි කරයි! PHOTOS I Sri Lanka Latest News

September 14, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ඉන්දීය මහකොමසාරිස් හා චීන තානාපතිත් ළඟ තියාගෙන සාගල ඉන්දීය සාගර කලාපය ගැන ලංකාවේ ඉදිරි දැක්ම පැහැදිලි කරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොවිඩ්-19 වසංගතයෙන් පසු ශක්තිමත් ආර්ථික ප්‍රතිසංස්කරණ හා පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාව ඉන්දීය සාගර කලාපය තුළ ඉහළට රැගෙන යෑමට අවශ්‍ය වැඩපිළිවෙළ සකස් කරමින් පවතින බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා පැවසීය.Sri Lanka Latest News

ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ශ්‍රී ලංකාවේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ ආර්ථික ස්ථාවරත්වය ඉතා වැදගත් බව පෙන්වා දුන් සාගල රත්නායක මහතා රටක් ලෙස ස්ථාවර සහ විශ්වසනීය ප්‍රතිරූපයක් පවත්වා ගැනීම ලෝකය තුළ ශ්‍රී ලංකාවේ අභිමානය රැකගැනිමට ඉවහල් වන බව ද සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා මේ බව සඳහන් කර සිටියේ ‘මෑතකාලීන ඉහළ පෙළේ සංචාරයන් සහා ඉන්දියාන් සාගරයේ දර්ශනය’ යන මැයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ දී ඩිජිටල් මූල්‍යකරණය සහ බලශක්ති සුරක්ෂිතභාවය කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු බව ද සාගල රත්නායක මහතා එහිදී පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවට හිටපු කථානායක කරු ජයසූරිය සහ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින් ඇතුළු විද්වත් පිරිසක් එක්ව සිටියහ.
ආසියානු කලාපයේ අනාගතය හැඩගැස්වීමේදී උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාවේ භූමිකාව පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි.
මෙම සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ සාගල රත්නායක මහතා මෙසේ ද පැවසීය.

ඉන්දියන් සාගර කලාපයේ එකමුතුකම වෙනුවෙන් සූදානම් වන ශක්තිමත් ප්‍රතිසංස්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම මගින් ඉන්දියානු සාගරය සමුද්‍රීය වෙළෙඳ මාර්ගයක සිට ගෝලීය සම්බන්ධතාවයක් දක්වා විශාල පරිවර්තනයක් සිදු කළ හැකියි. එක් එක් රාජ්‍යයන්ගේ ජාතික අවශ්‍යතා ජාත්‍යන්තර පද්ධතියට සැලකිය යුතු ලෙස බලපෑමක් සිදු කරනවා.

කොවිඩ්-19 වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව දැන් ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් පවති. ඒ වගේම ශක්තිමත් ප්‍රතිසංස්කරණ සහ පුනර්ජීවන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මගින් ඉන්දීය සාගර කලාපය තුළ ශ්‍රී ලංකාව අද්විතීය ස්ථානයකට ඔසවා තැබිය හැකියි. ඒ අනුව ඉන්දියානු සාගර කලාපය තුළ සාමය සහ සහජීවනය වර්ධනය කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් සිදු කිරීමට අපට පැවරී තිබෙනවා.

කලාපය තුළ සමුද්‍රීය ආරක්ෂාව, මුහුද පතුලේ ඇති අන්තර්ජාල රැහැන් ආරක්ෂා කිරීම, නීතිවිරෝධී මසුන් ඇල්ලීම, මිනිස් ජාවාරමට විසඳුම් සෙවීම, සමුද්‍ර දූෂණය වැළැක්වීම ඇතුළු පාරිසරික ගැටලු විසඳීම මෙන්ම ආපදා සහන සේවා සැපයීම මගින් නිදහස් හා විවෘත ඉන්දු පැසිෆික් කලාපය ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ කේන්ද්‍රීය ප්‍රතිපත්තිවලට අයත් වෙනවා.
ඒ වගේම මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) සැලසීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකීම් කෙරෙහි අවධානය යොමු කළ යුතුයි. ප්‍රතිසංස්කරණ සිදු කිරීම හරහා ස්ථාවරත්වය සහ වර්ධනයක් අත්කර ගැනීම ඉතා වැදගත් වනවා.
ජාත්‍යන්තරයේ සහයෝගීතාව ආකර්ශනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලීන් සහ ආර්ථික ස්ථාවරත්ව ඉතා වැදගත් වනවා. ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය මේ වන විට අවසන් අදියරට ළඟා වෙමින් තිබෙනවා. එය ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීමේ උත්සාහයන්ගේ සුවිශේෂී සන්ධිස්ථානයක්. ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලයේ ආරම්භක අදියරේදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තර හවුල්කරුවන්ගෙන් සහතික කිරීම සහ සහය ඉල්ලා සිටියා. ඉන්දියාව, චීනය හා පැරිස් සමාජය එක්ව ඒ සම්බන්ධව සහය ලබාදුන්නා. ඔවුන්ගේ මෙම සහය ණය ප්‍රශස්සතකරණයේ ඉදිරි කටයුතු සඳහා ද අපේක්ෂා කරනවා.
ඒ වගේම ගුවන්, මුහුද, ගොඩබිම් මාර්ග, භාණ්ඩ ප්‍රවාහනය, බලශක්ති සුරක්ෂිතතාව සහ විදුලිබල සම්බන්ධතා සංවර්ධනය ඇතුළු විවිධ ආකාරවලින් සම්බන්ධතාවයන් තවදුරටත් තහවුරු කර ගැනීම අවශ්‍යයි. ශ්‍රී ලංකාව සිය ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙරෙහි විශ්වාසය ගොඩනඟා ගැනීමට සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට ජපානය වැනි රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරනවා.
දේශගුණික විපර්යාසයන්ට එරෙහිව සටන් කිරීමේදී ප්‍රංශය සිදු කළ කාර්යභාරය ද අවධානයට ගත යුතුව තිබෙනවා. ඒ වගේම කලාපයේ සමුද්‍රීය ආරක්ෂාව පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා ත්‍රිකුණාමලය කේන්ද්‍ර කර ගනිමින් ඊට අදාළ පාසලක් පිහිටුවීම සිදු කළ යුතුයි. මීට අමතරව, ආර්ථික වර්ධනයේදී සහ රැකියා අවස්ථා උත්පාදනය කිරීමේදී වරාය නගරය සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය ඇතුළු ශ්‍රී ලංකාවේ චීන ආයෝජන ඉතා වැදගත් බව කිවයුතුයි.
ඉන්දියන් සාගරයේ ප්‍රධාන තරඟකරුවෙකු ලෙස ශ්‍රී ලංකාවේ දැක්ම ඉදිරියට ගෙන යාමේදී පෞද්ගලික අංශයේ සතු කාර්යභාරය සම්බන්ධව ද අවධානය යොමු කළ යුතුයි.
ශ්‍රී ලංකාව තුළ පමණක් නොව අසල්වැසි රටවල් සමඟ ද සම්බන්ධ වූ විදුලිබල ජාලයක් සහ ඉන්ධන නල මාර්ග පද්ධතියක් ඉදිකිරීම දක්වා වැඩි දියුණු කරන ලද සම්බන්ධතාවයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව කැපවී සිටිනවා. ශ්‍රී ලංකාවේ සහ අසල්වැසි රටවල බලශක්ති අවශ්‍යතා සපුරාලීමේදී වැඩි නම්‍යශීලී බවක් සහ විශ්වසනීයත්වයක් ලබා දීම මෙම ප්‍රවේශයේ අරමුණ වනවා.
තවද, අධිතාක්ෂණික කෘෂිකර්මාන්තය සහ කිරි නිෂ්පාදන ආශ්‍රිත පශු සම්පත් ක්ෂේත්‍රයේ දියුණුව, ආහාර සුරක්ෂිතතාවය සඳහා ද ප්‍රමුඛත්වයක් ලබාදිය යුතුයි. ශ්‍රී ලංකාවේ ආහාර නිෂ්පාදනයේ ස්වයංපෝෂිතභාවය තහවුරු කිරීම සහ ආනයන මත යැපීම අවම කිරීම මෙම මුලපිරීම්වල අරමුණ වෙනවා.
මෙම ආර්ථික පැතිකඩවලට අමතරව, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වෙනුවෙන් ඉන්දියාවේ කාර්ය භාරයේ වැදගත්කම හඳුනාගෙන තිබෙනවා. අධ්‍යාපනයට ප්‍රමුඛකත්වයක් ලබා දී ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දර්ශනය අනුව, පුහුණු ශ්‍රම බලකායක් බිහි කිරීම වෙනුවෙන් ඉන්දියාව සහ අනෙකුත් රටවල් සමඟ ද හවුල්කාරිත්වයන් ඇතිකර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටිනවා..

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස චීනයේ සිදු කළ සාර්ථක සංචාරය ශ්‍රී ලංකාවට ඉතා වැදගත් වූ අතර, නුදුරේදීම තුන්වන වරටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා චීනයේ සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා.
චීන – ශ්‍රී ලංකා සබඳතා ගත් විට, චීන ආයෝජන දෙකකින් ශ්‍රී ලංකාවට සැලකිය යුතු ප්‍රතිලාභ ලැබී තිබෙනවා. මින් එකක් වන්නේ වරාය නගර ව්‍යාපෘතියයි, වරින් වර මුහුණ දුන් අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වූව ද එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය නව නීති රාමු සකස් කිරීමට අදාළ උපදේශන සේවා ලබගැනීම මේ වන විට සිදුවෙමින් පවතිනවා. මේ ආකාරයට කටයුතු සිදු කිරීම ඉදිරියේදී ආයෝජකයින්ගේ විශේෂ ආකර්ෂණය සඳහා හේතු වනු ඇතැයි ද අපේක්ෂා කෙරෙනවා.
මීට අමතරව, හම්බන්තොට වරාය ව්‍යාපෘතියේ වැඩිදුර ආයෝජන අවස්ථා පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා. ආයෝජන කලාපය සංවර්ධනය කිරීමේ ප්‍රමාදය හේතුවෙන් හම්බන්තොට වරාය සඳහා ප්‍රමාණවත් නාවික ගමනාගමනයක් නොමැතිවීමේ අභියෝගයට මුහුණ දීමට සිදුවී තිබෙනවා. මෙම ගැටළු කඩිනමින් විසඳීම හරහා හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මඟින් රැකියා උත්පාදනය, අපනයන කර්මාන්ත ආරම්භ කිරීම සහ රටට ලැබෙන ආදායම් ඉහළ නංවා ගැනීම යන ඉලක්ක සාක්ෂාත් කර ගැනීමට ද හැකියාව ලැබෙනවා.
ජපානයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් පසුගියදා ශ්‍රී ලංකාවේ කළ සංචාරය අතරතුර සිදු කළ සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවේ ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය පළ කරමින් දේශගුණික විපර්යාස සහ අධ්‍යාපනය යන ක්ෂේත්‍රයන්ට අදාළව සහයෝගයෙන් කටයුතු කිරිමට අවධානය යොමු කළා.
එම කටයුතුවලදී පෞද්ගලික අංශයේ වැඩි දායකත්වයක් ලබා ගැනීම පිළිබඳව ද අවධානයට ලක් වුණා. ව්‍යාපාර සඳහා වඩා හිතකාමී පරිසරයක් ඇති කිරීම මගින් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීමට දායකවීමට ජපාන ආයෝජකයන්ගේ දායකත්වය ලබා ගැනීමට ද මෙහිදී අවධානය යොමු වුණා.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ (Gopal Bagley), ශ්‍රී ලංකාවේ චීන තානාපති කී සෙන්හොංග් (Qi Zhenhong), ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්කොයිස් පැක්ටෙට් (Jean-Francois Pactet) සහ ජපානයේ තානාපති හිදෙයාකි මිසුකොෂි (Hideaki Mizukoshi) යන මහත්වරු ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට එක්ව සිටිය හ.

ජනාධිපති මාධ්‍ය අංශය
2023-09-14

SendShareShare
Previous Post

බාල බෙහෙත්වලින් රෝගීන් කිහිප දෙනෙක්ම මරුණා! ඒ පාර නිර්වින්දන බෙහෙත් විදපු මුවෝ තුන්දෙනකුත් මැරිලා! Sri Lanka Latest News

Next Post

වාහන කේස් එකකට හිටපු ඇමැති මුතුහෙට්ටිගම රිමාන්ඩ්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.