• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට ආපු පිටසක්වළයෝ ගැන රණදේවායන් කියන කතාව I Sri Lanka Latest News

February 3, 2024
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පිටසක්වළ ජීවීන්, එහෙමත් නැත්නම් පියාඹන පීරිසි කිව්වාම අපේ හිතට නැගෙන්නේ, මහා කුතුහලයක්. වසර සිය ගණනක පටන් හඳුනා නොගත් පියාඹන වස්තූන් හෙවත් පිටසක්වළ යානා ගැන විවිධ රටවලින් විවිධ අවස්ථාවල වාර්තා වුණා. අපේ රටේත් ඇතැම් අවස්ථාවල මෙවැනි අද්භූත යානා, අද්භූත ආලෝක ධාරා වැනි දෑ පිළිබඳ කතාබහ කෙරුණු අතර, අද මෙම ලිපියෙන් ඔබට කියන්නේද පිටසක්වළ ජීවීන් පිළිබඳ විස්මිත කතාවක්.(Sri Lanka Latest News)

මේ කතාව අපි උපුටා ගත්තේ Sri Lanka Heritage යූටියුබ් නාලිකාව වෙනුවෙන් ජනක මහල්පත් මහතා මෙහෙයවනු ලැබූ වැඩසටහනකින්. තාරකා විද්‍යා පර්යේෂක නිශ්ශංක රණ‍දේව මහතාගේ නිරීක්ෂණයට හසුවූ පිටසක්වළ ජීවීන් පිළිබඳ පුදුමසහගත කරුණු රැසක්ද මෙම ලිපියෙහි අන්තර්ගතය.

මීට වසර කිහිපයකට කලින් අප රූගත කරන ලද වැඩසටහනක් අපේ ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්න ඕනෙ කියලා අපි කල්පනා කළා. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. අපි ඒ හේතුව ඉදිරියේදී කියනවා. අපව දැනුමෙන් සහ අවබෝධයෙන් සන්නද්ධ කරන අපේ හිතවත් ආචාර්ය සූරිය ගුණසේකරයන් දවසක් කිව්වා ඉසුරුමුණියේ රන්මසු උයනේ සුප්‍රකට ‘විශ්ව යතුර’ එහෙම නැත්නම් Stargate එක සම්බන්ධයෙන් විධිමත් අධ්‍යයනයක් කරන ලද මහත්මයෙක් ඉන්නවා, ඔහුව මුණගැහිලා ඒ ගැන තොරතුරු ලබාගන්න කියලා.

ඒ අනුව අපි එතුමාව මුණගැහෙන්න ගිහින් Stargate එක සම්බන්ධයෙන් ඔහු කරන ලද පර්යේෂණය ගැන සාකච්ඡාවක් කළා. ඔහු කරන ලද අධ්‍යයනය ගැන ඉතා ගැඹුරින් ඔහු එහිදී අපට තොරතුරු කිව්වා. මේ කතාබහ අතරතුර එතුමා කිව්වා ඔහු තවත් පර්යේෂණ මාලාවක් කරලා තියෙනවා, පිටසක්වළ ජීවීන් සහ පිටසක්වළ යානා සම්බන්ධයෙන් කියලා. පිටසක්වළ යානා කියන්නේ හඳුනා නොගත් ආකාශ වස්තු හැටියට තමයි කියැවෙන්නේ. ඔහු කියපු නොයෙකුත් තොරතුරු අපට එච්චර ගැඹුරට නොතේරුණත් අපි ඔහු සමග සාකච්ඡා කළා.

ඔය අතරතුර පසුගිය දිනවල ඇමෙරිකාවේ ස්ටේට් කොංග්‍රසය විසින් යම්කිසි වැඩපිළිවෙළක් දියත් කරලා තියෙනවා. ඒකට කියන්නේ State congress hearing කියලා. යුද හමුදා නිලධාරීන් වගේම ගුවන් නියමුවන් එහිදී සාක්ෂි දුන්නා. ඒ සාක්ෂිවලදී කියැවුණේ හඳුනා නොගත් ආකාශ වස්තු ගැන. අපි කියන විදියට නම් පියාඹන පීරිසි ගැන. ඉතා පුළුල් ලෙස ඒ ගැන කතාබහ සිදුවුණා. මේ වෙනකොටත් ඒ වැඩසටහන සිදුවෙනවා. ජනමාධ්‍ය වාර්තා කරන විදියට තවත් ඉදිරියට නොයෙකුත් දේවල් ඒ අය පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කරන්න සූදානම් බව කියැවෙනවා. එතැනදී සුප්‍රකට Area 51 එක ගැන පවා සමාජ මාධ්‍ය වාර්තා කරලා තිබුණා.

පිටසක්වළ යානා සහ ඒවායේ තාක්ෂණය ඇමෙරිකාව විසින් හදාරමින් සිටින බව, ඒ වගේම යම් මට්ටමකින් ප්‍රයෝජනයට ගනිමින් සිටින බව පවා මේ අතරතුර කියැවුණා.

ඉතින් අපි දැන් යොමුවෙමු අපි ඉහතින් සඳහන් කළ රන්මසු උයනේ සුප්‍රකට ‘විශ්ව යතුර’ පිළිබඳ පර්යේෂණය සිදුකළ මහත්මා සමග සිදුකළ සාකච්ඡාවට. එතුමා නමින් නිශ්ශංක රණදේව. ඔහු සබරගමුව විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක්. ඒ වගේම මෙවැනි අපේ මානයට ගෝචර නොවන විස්මිත දේවල් ගැන විශ්වවිද්‍යාල මට්ටමෙන් පර්යේෂණ කරන විද්‍යාර්ථියෙක්. ඒ වගේම ඔහු ඒ සම්බන්ධයෙන් තවමත් අධ්‍යයනයන්හි නිරත වෙනවා. අපි කියවමු නිශ්ශංක රණදේවයන්ගේ අදහස් දැක්වීම.

පර්යේෂණ කරගෙන යනකොට අපට හදිසියේම අවස්ථාවක් එළැඹුණා ගාල්ලට පිටසක්වළ ජීවීන් පැමිණියා කියලා. එතකොට දැනට තාරකා විද්‍යාත්මකව පිටසක්වළ ජීවීන් එනවා කියන එක පිළිගැනීමක් නැහැ. ඒකට එක හේතුවක් තමයි මේ සඳහා පර්යේෂණ ක්‍රමවේදයක් ගොඩනැගිලි නැති වීම. අපි ග්‍රහලෝකයකට ගිහින් හොයන ක්‍රමවේදයක් තියෙනවා. අභ්‍යකාශයට යවලා ඒ හරහා හොයන ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම දුරේක්ෂ හරහා හොයන ක්‍රමවේදයකුත් තියෙනවා. ඊළඟට එහෙන් එන උල්කාපාත, වල්ගාතරුවල දූවිලි පටල ආශ්‍රිතව කරන පර්යේෂණ ක්‍රමවේදයකුත් තියෙනවා.

නමුත් වෙනත් ග්‍රහලෝකයක දියුණු ජීවීන් පෘථිවියට පැමිණෙන්නේ නම් ඒ සඳහා වූ පර්යේෂණ ක්‍රමවේදයක් නෑ. තියෙන්නේ හඳුනා නොගත් පියාසර වස්තූන් කියන එක පමණයි. ඒ නිසා අපේ තියෙන ලොකු දුර්වලතාවක් තමයි එහෙම දියුණු ජීවීන් ඉන්නවා නම් ඒ අය අපේ රේඩාර් තිරය වුණත් කඩාගෙන එන්න පුළුවන්, ඒකට හසු නොවෙන්න එන්න පුළුවන්. ඒකට ඉතා ඉක්මනින් ළඟාවෙන පර්යේෂණ කණ්ඩායම් අවශ්‍යයි. එහෙම නැත්නම් සිදුවෙන්නේ හුඟක් පහුවුණාට පස්සේ තමයි ඒ ගැන පර්යේෂණවලට යොමුවෙන්නේ. ඒ නිසා මේක අතිසාර්ථක වෙන්නේ ඒ ජීවීන් ආවාය කියන ජනතාව කියන වෙලාවටම පර්යේෂකයාට යන්න පුළුවන් වුණොත් විතරයි. එවැනි ළඟාවීමකට අපට හැකියාවක් ලැබුණා. ඒකෙ පළමු අවස්ථාව තමයි ගාල්ල.

2006 ජූලි 04 වැනිදා ගාල්ලේ වක්වැල්ලට පිටසක්වළ ජීවීන්ගේ යානයක් ආවා කියලා ප්‍රසිද්ධියට පත්වුණා. අපිට ඒ ගැන දකින්න ලැබුණෙත් පුවත්පත්වලින්. හැබැයි ඒ සිද්ධිය වෙන දවසේ රාත්‍රියේ මම ගාල්ලේ හිටියේ. ලොකු රතුපාට ගුළියක් යනවා මම දැක්කා. සමහරු කිව්වා ඒක දේවතා එළියක් කියලා. පසුදා මගේ රාජකාරි අවසන් කරලා ගෙදර ආවට පස්සේ මට දැනගන්න ලැබුණා ගාල්ලට පිටසක්වළ යානාවක් ඇවිල්ලා කියලා.

ඒ අනුව පසුදා මම ඒ ස්ථානයට ගිහින් පර්යේෂණ කරන්න පටන් ගත්තා. ඒ ස්ථානයේ හිටපු, ඒ සිදුවීම දැකපු පුද්ගලයෙක්ගෙන් මම ඒ ගැන ඇහුවාම ඔහු කිව්වේ උදේ 5ට ඔහු ධීවර කටයුතුවලට යනකොට ලොකු ගින්දර බෝලයක් ඇවිත් ඔහුගේ ගේ ඉස්සරහා තියෙන කෙටල වනයට බෑවා කියලා. ඔහු ගිහින් ටෝච් එක ගහලා බලද්දී කුඩා ජීවියෙක් එතැන ඉඳලා යානය ඇතුළට ගිය බවත්, ඉන් පසුව එම යානය ගිය බවත් ඔහු කිව්වා. මේ සිදුවීම වෙන කවුරුවත් දැකලා නෑ. ඒක තමයි ලොකුම ප්‍රශ්නෙ.

ඒ ස්ථානයට විවිධ අය ඇවිත් පර්යේෂණ කළා. සමහරු කිව්වා ඕක ටෝනාඩෝ එකක් වෙන්න පුළුවන් කියලා. නමුත් මම සුවිශේෂීව විශ්ලේෂණය කළාට පස්සේ මට මේ කෙටල වනයෙන් හඳුගත හැකි වුණා යානය මුලින්ම බිමට වැදුණු ස්ථානය. ටෝනාඩෝ සුළඟක් නම් හමාගෙන යනවා. නැත්නම් කැරකෙනවා. නමුත් මේකෙ තිබුණේ හරියටම හැම පැත්තටම ගලාගිය ආකාරයක්. ඒක කාටවත් හඳුනාගන්න හැකියාවක් තිබුණේ නෑ. යානයේ අග කොටස කෙටල වනයේ උඩට නැමිලා තියෙනවා. එතකොට හරියටම පියාඹන පීරිසි වගේ දෙයක් එතැනට බාපු ස්වරූපය ඇත්තටම තිබුණා. නමුත් මේ පර්යේෂණයේ තිබුණු දුර්වලතාව තමයි අපි සතියක් පහුවුණා. අපට හැකියාවක් තිබුණා නම් ඒ අවස්ථාවේම එහි ළඟාවෙන්න ඉතා සාර්ථක පිළිතුරක් ගන්න තිබුණා.

පිටසක්වළ ජීවීන් හඳුනාගැනීමේ තියෙන ලොකුම ගැටලුව තමයි එම සිද්ධියෙන් සතියක් දෙකක් පහුවෙලා තමයි සෑම පර්යේෂකයෙක්ම ඊට අදාළ ස්ථානයට ළඟාවෙන්නේ. ඒ නිසා මිනිස්සු කියන කතා බොරු, ඒ මිනිස්සු ජනප්‍රිය වෙන්න කියනවා වගේ කතන්දර බොහෝ අය කියනවා. එහෙම කියන්නත් සාධාරණ හේතු තියෙනවා. ඒ නිසා අපි පර්යේෂකයන් විදියට කඩිනමින් ඊට ළංවීමේ හැකිවා තියෙනවා නම් තමයි අපට මේක ජයගන්න පුළුවන් වෙන්නේ.

මේ සිද්ධිය ජූලි 04 වුණාට පස්සේ, නැවත ජූලි 22, 23 යන දිනවල හොරණ ප්‍රදේශයෙන් නැවතත් පිටසක්වළ ජීවීන් පැමිණියා කියලා වාර්තා වෙන්න පටන් ගත්තා. ඒ සියල්ල රූපවාහිනියේ, ගුවන්විදුලියේ සහ පුවත්පත්වල පළවුණා. ඊට පස්සෙයි අපි ඒ ගැන දැනගත්තේ. ඒ අනුව අපි ඒ ස්ථානයට ළඟාවුණා. හොරණ නෑබොඩ කොට්ටයාහේන් ප්‍රදේශයට. අපි යනකොට ඒ කියන ජීවීන් එහි හිටියේ නැහැ. ඔවුන් එතැනින් ගිහිල්ලා ඉවරයි. අපි එතැන හිටපු අයගේ අත්දැකීම් ගැන සාකච්ඡා කළා. ඔවුන්ගේ අදහස් විමසා බැලුවා. ඒ හැම කෙනාගෙම අදහස් එක හා සමානයි. එතැනදී අලුතෙන් අපට හඳුනාගන්න හැකියාව ලැබුණා ඒ යානයෙන් ආපු අයට ඇඟිලි තුනක් තියෙනවා කියලා. ඉතාමත් පුංචියි. එක කාන්තාවක් අදහස් ප්‍රකාශ කළා. එයා පිළිගන්නේ නෑ මේ ජීවීන් ඉන්නවා කියලා. නමුත් ඉන්නවා කියන තැන ඇය හොයාගෙන යනකොට ඒ ජීවියෙක් දැකලා තියෙනවා.

ඒ ජීවියාගේ ඇස්වලින් ආලෝක ධාරාවක් නිකුත් වෙලා තියෙනවා. ඒ සමගම ඒ කාන්තාව ක්ලාන්ත වෙලා වැටිලා තියෙනවා. ඊට පස්සේ එයාගේ දුවයි යාළුවෙකුයි ඇවිල්ලා ගමේ කට්ටියත් එක්ක එකතුවෙලා එයාව අරගෙන ගිහිල්ලා තියෙනවා. තව පාසල් යන දුවෙක් ළඟටත් මේ ජීවියෙක් ඇවිල්ලා තිබුණා. එයා හිතලා තියෙන්නේ පොඩි ළමයෙක් එයා එක්ක සෙල්ලම් කරන්න එනවා කියලා. තවත් කෙනෙක් පාරේ යනකොට දැකලා තිබුණා මේ ජීවියෙක් පාර පනිනවා. එයා හිතලා තියෙන්නෙත් පුංචි ළමයෙක් කියලා. නමුත් පස්සේ ගිහින් බලනකොට දැකලා තියෙනවා ඇඳුම් නැති පුංචි ළමයෙක් කියලා.

එයාගේ අතේ ඇඟිලි 3ක් තියෙන බවත් ඒ කෙනා දැකලා තිබුණා. මේ විදියට සතියක් දෙකක් තිස්සේ කොට්ටයාහේන් මේ සිදුවීම සිදුවෙලා තියෙනවා. ඒ වගේම රාත්‍රී කාලයේ ලොකු එළි සහිත යානා එන යන ආකාරයත් ඒ ප්‍රදේශයේ අය දැකලා තියෙනවා. නමුත් අපි එතැනට යනකොට පහුවෙලා. ඒ නිසා පර්යේෂණය සිදුකරන්න අමාරු වුණා. නමුත් අපට පොඩි පොඩි සාධක හඳුනාගැනීමේ හැකියාව ලැබුණා. ඒ තමයි ඇඟිලි තුනක් තියෙන බව, ආලෝකයක් එනවා කියන එක.

මේ අතර අපට නැවතත් මෙවැනි සිදුවීමක් වාර්තා වුණා තණමල්විල සර්වෝදය ප්‍රදේයේ යොවුන් සේනාංකය තිබුණු භූමිය ආශ්‍රිතව. ඒ කිට්ටුව කිරිඳිඔය තියෙනවා. කිරිඳිඔය අයිනේ මේ ජීවීන් ඉන්නවා කියලා අපට ආරංචි වුණා. ඒ සිදුවීම දැකපු කාන්තාවන් තුන්දෙනෙක් මට ඒ බව කිව්වා. මම රැකියාව කළේත් ඒ ආසන්නයේම නිසා ඒ අවස්ථාවෙම එහි යන්න මට හැකි වුණා.

ඊට පස්සේ මේ අය කියන දේ ඇත්තද කියලා බලන්න, එක්දහස් නවසිය හතළිස් ගණන්වල රොස්වෙල් නගරයට වැටුණා යැයි කියන පිටසක්වළ ජීවීන්ගේ රූප සහ ඊට සමාන රූප කිහිපයක් ඔවුන්ට පෙන්නුවා. පෙන්නා මම ඇහුවා මේ රූප අතර ඔබ දැක්කා කියන රූපවලට සමාන කෙනෙක් ඉන්නවද කියලා. එතැනදී ඒ රූපය හරියටම ඒ අය හඳුනාගත්තා. ඒ අනුව මට තේරුම් ගියා මේ අය කියන කතාව ඇත්ත බව. ඊට පස්සේ මම ඉතා ඉක්මනින් ඒගොල්ලෝ දැක්කා යැයි කියන ස්ථානයට ළඟා වුණා. ළඟා වෙලා බැලුවම මට ගල් ගොඩක් තමයි පෙන්නුවේ. මම ඇත්තටම ගියේ ඒ අයට නොකියා එතැන ඇඟිලි සලකුණු තියෙනවද බලන්න.

ඒ කාන්තාවන් තුන්දෙනා කිව්වා ඒ ජීවීන්ගේ ඇස්වලින් එළියක් ආවා කියලත්. හැබැයි කළුතර සිද්ධියෙත් ඒක වුණා. ඒ නිසා මම පර්යේෂණය ක්ෂණිකවම ආරම්භ කළා. ජීවීන් ආවා යැයි කියන අවස්ථාවේම එහි ගිහින් සහභාගි නිරීක්ෂණයක් සිදුකරන්න ප්‍රථම වරට එහිදී අපට අවස්ථාව ලැබුණා. නැත්නම් මෙතෙක් කල් සිදුවුණේ සිද්ධි අධ්‍යයනයක් විතරයි. අපි ඒ අවස්ථාවේ 12 දෙනෙකුගේ කණ්ඩායමක් සකස් කරගෙන ඇඟිලි සලකුණු තිබෙනවාද කියලා පරීක්ෂා කරන්න පටන් ගත්තා. එහිදී පිටසක්වළ ජීවීන්ගේ ඇඟිලි තුනක සටහන් හඳුනාගන්න හැකියාව ලැබුණා. අපි පර්යේෂණ කණ්ඩායම් තුනක් ඔස්සේ ඒ ඇඟිලි සලකුණු ගැන පරීක්ෂණ ආරම්භ කළා.

යාල රක්ෂිතය ආසන්නයේ තමයි මේ සිද්ධිය වෙන්නේ. ඒ අනුව අපට හවස 4.30 විතර වෙනකොට ඒ ජීවීන් ඉන්න ඉසව්වට ළඟාවෙන්න හැකියාව ලැබුණා. එතැනින් එහාට ඇඟිලි සලකුණු තිබුණේ නෑ. අපි ඒ වන රක්ෂිතය ආරම්භක කොටසේ ඔවුන් ඇතැයි කියා සිතලා ඒ ප්‍රදේශය වටකරන්න පටන් ගත්තා. අපි දොළොස් දෙනා අඩි 10න් 10ට ඉඳිමින් ඒ ප්‍රදේශයම ආවරණය කළා. මගේ වම්පැත්තෙන් හිටිය වනසිංහ එකපාරටම කෑගහන්න පටන්ගත්තා, ‘සර් මෙන්න ජීවීන් ඉන්නවා එන්න අල්ලගන්න…’ කියලා. එයා කෑගහනවත් එක්කම ඊට එහා පැත්තෙන් හිටිය මනික සම්පත් ගාවින් ඒ ජීවීන් දුවලා තියෙනවා.

එතකොට ඒ දෙන්නම වැටුණා. ඊට පස්සේ වනසිංහ එයාගේ අත්දැකීම කිව්වා. ඒ ජීවීන් එයාගේ ඇස්වලට ආලෝකයක් එවලා තියෙනවා, අත් දෙක කොරවෙලා තියෙනවා. ඒ නිසා තමයි එයා කෑගහලා තියෙන්නේ අල්ලගන්න කියලා. ඒ එක්කම මනික සම්පත් කිව්වා, ඒ ජීවීන් එයා ඉන්න පැත්තට ආවා, ඒ අය ආලෝකයක් එව්වා, ඒත් එක්කම එයා වැටුණා කියලා. නමුත් ඒ අවස්ථාවේ මට හැකියාවක් ලැබුණේ නෑ ඒ ජීවීන්ව දකින්න. ඒ පර්යේෂණය අතර කාලය තුළ ගමේ අයත් මේ ජීවීන්ව දැකලා තියෙනවා. එයින් එක ළමයෙක් තමයි උජිත තරංග ශිෂ්‍යයා. ඔහු තණමල්විල පාසලේ හිටියේ. එයා ජීවීන් තුන් දෙනෙක් දැකලා තියෙනවා. ඉන් එක්කෙනෙක් තරමක් උසයි, කළු පාටයි කියන එක කිව්වා. ඒ වගේම ඒ ජීවීන්ගේ අත්වල සහ කකුල්වල ඇඟිලි තුන බැගින් තියෙනවා කියලත් ඔහු කිව්වා. තවත් කාන්තාවක් මේ ජීවීන්ව දැකලා තිබුණා.

එදා රාත්‍රියේ අපි නින්දට යන්න සූදානම් වෙද්දී බල්ලො බුරන්න පටන්ගත්තා. අපට තේරුණා කවුරු හරි එන නිසා තමයි බල්ලො බුරන්නේ කියලා. ඒ වෙලාවේ මම සහ කෝප්‍රල් බණ්ඩාර විතරයි හිටියේ. තරමක් බියට පත්වෙලා හිටිය නිසා ඔහු ජනෙල් විවෘත කරන්න දුන්නේ නැහැ. නමුත් අපට තේරුණා මොකක් හරි දෙයක් එතන සිදුවෙනවා කියලා. ගේ වටේම බල්ලො බුරාගෙන යන්න පටන්ගත්තා. පසුදා උදේ අපි අවදි වෙලා බලද්දී ගේ වටේටම පාසටහන් තිබුණා. ඒ පාසටහන්වල ඇඟිලි තුනක් තිබුණා. විළුඹ හොඳට පොළොවේ ගැටිලා තියෙනවා. ඒ පා සටහන් හොඳින් විශ්ලේෂණය කළාම අපට හඳුනාගන්න ලැබුණා තුන් දෙනෙක් නෙවෙයි, එතැන නව දෙනෙක්ගේ පා සටහන් තිබෙන බව. නමුත් මිනිස්සුන්ට පෙනිලා තිබුණේ තුන්දෙනයි. ඒ කියන්නේ තුනේ කණ්ඩායම් තුනක් ඇවිල්ලා තියෙනවා.

නැවතත් 2007.03.07 වැනි දින ඒ ස්ථානයටම යානයක් පැමිණිලා තිබුණා. එය වීඩියෝගත කරන්නත් පුළුවන් වුණා. යානය තුළ ජීවියෙක් ඉන්න බව එහි සටහන් වෙනවා. මේ ආකාරයට අපි තණමල්විල රක්ෂිත ප්‍රදේශයේදීත් පිටසක්වළ ජීවීන් සොයා යෑමේ පර්යේෂණ සිදුකළා. ඒක කළේ සහභාගි නිරීක්ෂණ ක්‍රමවේදයට අනුව. ඒ සහභාගි නිරීක්ෂණය තුළ ඉතා සාර්ථකත්වයක් ලැබුවා. ගාල්ල සහ හොරණදී අපි කළේ සහභාගි නිරීක්ෂණ ක්‍රමය නෙවෙයි. සිද්ධි අධ්‍යයනයක්.

අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් මෙවැනි සිද්ධියක් වාර්තා වූ සැණින් ඒ ස්ථානයට ක්ෂණිකව ගිහින් ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න. ඒ සඳහා අපි සූදානමින් සිටිනවා. අපි ඒ වෙනුවෙන් වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා.

SendShareShare
Previous Post

පහ වසරේ දැරියන්ට ලිංගික අතවර කළ 55 හැවිරිදි ඉංග්‍රීසි ගුරාට ඇප! Sri Lanka Latest News

Next Post

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වදිද්දී රයිෆලය බිම දමා පියානෝ ගහපු පොලිස් ‘නිරෝ’ කොස්තාපල් දයාරත්න I Sri Lanka Latest News

MORE NEWS

රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ඩොලරය 330ට යයි!
Exclusive

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරියයි පුත්‍රයායි මල්වතු-අස්ගිරි මහනාහිමිවරු හමුවෙයි! ලොකු ඉල්ලීමක් කරයි! I Sri Lanka Latest News

Load More
රඳවා තබා ගැනීම ජාත්‍යන්තර නීතියට පටහැනියි! ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය මුදලිගේ වෙනුවෙන් පෙරට එයි!
Exclusive

සලේ ගැන-සංගීතන් ගනේෂකුමාර් ගැන-ත්‍රස්ත පනත ගැන ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් විශේෂ නිවේදනයක්! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රජය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීමට පෙර පොරොන්දු වී තිබුණ ද, එම පනත යටතේ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම...

Read more
ඩොලරය 330ට යයි!

රුපියල බේරගන්න මහබැංකුව ඩොලර් මිලියන 220ක් වෙළෙඳපොළට නිකුත් කරලා! තෙල් මිල වැඩි කළේ නැත්නම් රුපියල බේරගන්න බෑ! මෙන්න බය හිතෙන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

ආයෙත් යුද්ධය පටන් ගත්තා! අමෙරිකාව ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කරයි! I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

සජිත්ගේ මවට ප්‍රසිද්ධ වේදිකාවල ගැහුවා..! ගැහුවා.. ගැහුවා මඩ…! සජිත් නිහඬව හිටියා..! අද ඒකේ විපාක පළදෙන කොට..! දේශපාලනය කරපල්ලා.. අහක ඉන්න අම්මලාට ඉන්න දීපල්ලා..! VIDEO I Sri Lanka Latest News

මෙහෙම දක්ෂකම් තියෙන නායකයෙක් වෙන පක්ෂෙක ඉන්නවාද? මේ විදිහට තමාගේ නායකයාව මාකට් කරන්න දන්නේ ප්‍රසාද් විතරමද? අනිත් අය නොකර ඉන්නේ ඉරිසියාවට? කුහකකමට? නැත්නම් දේශපාලනේ නොදන්න කමටද? VIDEO I Sri Lanka Latest News

අනුර දිනලා සජිත් පැරදුණ හේතුව සජබ ගම්පහ මන්ත්‍රී ප්‍රසාද් හරියටම කියයි! මාලිමාව ඕන බොරුවක් ඇත්ත කරන විදිහ මෙන්න! අදටත් සජබය ඉන්නේ පසුපසින්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.