• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලකරුවන් ජනාධිපති මන්දිරයට කඩා වදිද්දී රයිෆලය බිම දමා පියානෝ ගහපු පොලිස් ‘නිරෝ’ කොස්තාපල් දයාරත්න I Sri Lanka Latest News

September 14, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සිංහලයට යමක් මතක තියෙන්නේ වැඩිම වුණොත් දවස් තුනක් විතර පමණයි’ ලොව දරුණුම ත්‍රස්තවාදියා වූ වේළුපිල්ලේ ප්‍රභාකරන් කටමැත දෙඩෙව්වාට සිංහලයාට කිසිදා අමතක නොවන යම් සිදුවීම්ද නැත්තේ නොවේ.(Sri Lanka Latest News)

‘අරගලය’ ඉන් එක් සිදුවීමකි. ලංකාවට සහ ලංකාවේ දේශපාලනය ගත් කල හැමදාමත් ඉතින් අරගලම තමාය. මේ කියන්නේ එදා මෙදාතුර පැවැති දහසකුත් එකක් අරගල අතරින් ඉමහත් විශේෂත්වයක් උසුලන ‘ගෝල්ෆේස් අරගලය’ ගැනය. ‘ගෝල්ෆේස් අරගලය’ කවදාකවත් සිංහලයන් වූ අපට වාගෙම ශ්‍රී ලාංකික වශයෙන් මෙරටෙහි වෙසෙන අනෙකුත් ජාතීන්ටද කෙසේවත් අමතක වන්නේ නැත.

එයට ප්‍රධානම හේතුව වන්නේ එදා ඒ දෙදහස් විසිදෙකක් වූ ජූලි මස නවැවැනිදා රටවැසියන් තුළ ක්ෂණිකව ඇතිවූ ‘අපේය’ කියන හැඟීමය. තවත් විදියකට කියනවා නම් රාජපක්ෂ පවුල් බලය ගැන ඇතිවූ අසීමිත කලකිරීම සහ කෝපාවිෂ්ට හැඟීමය. මැරූ ජාතියකට සිල්ලර කඩය වහලා දාන්නේ නැති ගමේ වෙසෙන කුණු ලෝබ මුදලාලිලා පවා එදා කඩ වසාදමා අරගලයට එකතු වූහ.

පරණ පිනකට ජනාධිපති පට්ටම අත්පත් කරගත් රනිල් වික්‍රමසිංහයන් සිය බලය යොදා අරගලය අතරමග නතර නොකළා නම් අරගලය විසින් ඉදිවූ කූඩාරම් තවමත් තියෙන්නට තිබිණි. එහෙනම් ඉතින් අද උන්නැහේත් ගෙදරය. ඒ වග දැනගත්ත හින්දාම රනිල් අරගලය ගෝල්ෆේස් භූමියෙන් උගුල්ලා දැම්මේය.

එසේ උගුල්ලා දැමූවද අරගලයේ මතකය වරින් වර සමාජ මාධ්‍ය ඔස්සේ හෝ හිස එසවීය. ඒ අතර ප්‍රවීණ සම්මානනීය නිළි දමිතා අබේරත්නව සිරගත කිරීම සහ අරගලයට පුරෝගාමී වූ විවිධ කණ්ඩායම්වල නායකයන් වරින් වර සිර අඩස්සියට ගත් සිදුවීම් කිහිපයක් පෙන්වා දෙන්නට පුළුවන. වැඩිය දුර නැති මෑත දවසක පරෙස්සමට වාගේ රෙදිවලින් ඔතා කෝච්චි පෙට්ටියකට දමා ගිය බබා නිසාද ‘ගෝල්ෆේස් අරගලය’ අපි හැමෝටම නැවත මතකයක් එන්නත් කර තිබිණි.

පසුගිය හැම නවවැනිදාවකම වාගේ ඇතැම් අරගල නායකයන් කොළඹ කොටුවේ දුම්රිය පොළ ඉදිරිපිට සාමකාමී විරෝධතාවක් ගෙනගියේ 2022 අප්‍රේල් නවවැනිදා සිට එයට පසුව එළඹි මාස කිහිපයකම ‘නවවැනි දිනයන්’ රාජපක්ෂ ආණ්ඩුවට නපුරු වූ හැටි සහ අරගලකරුවන්ට සුබ වූ ආකාරය රටට මතක් කරදීමටය. කොයික කෙසේ වෙතත් ඉඟුරු දීලා මිරිස් ගත්තාට හපන් අවැඩක් රටේ මුල් පුරවැසි තනතුර නිසා සිදුවූ වගද අරගලය හේතුකොටගෙන මෙතැනදී නොකියාම බැරිය.

ඒ හැම කතාවක්ම මඳකට පැත්තකට දමා මේ කියන්නට හදන්නේ වෙනම කතාවක්ය. ඒ අරගලයෙහි මතකය නැවත ඊයේ පෙරේදාවක මතක් කර දුන් ‘නීරෝ’ ගැන කතාවය.

‘නීරෝ’ලා කොහෙද ලංකාවේ. නීරෝ හිටියේ රෝමයේනේ…

රෝමයේ විතරක් නෙවෙයි. නීරෝලා ලෝකෙ හැම තැනකම ඉන්නවා. රෝමය ගිනිගනිද්දී නීරෝ වීණාව වැයුවා වාගේ යැයි කියලා කතාවකුත් ප්‍රසිද්ධ වුණේ ඒ නිසානෙ. මේ කියන නීරෝගේ නම අරගලය හරහා මතුව ආවේ ඔහු සංගීත විශාරදයෙක් නිසා නම් නෙවෙයි. රෝමයේ හිටපු නීරෝ වීණා වාදනයට උපන් හපන් මිනිහෙක් වුණාට අරගලය නිසා උපන් නීරෝ වාදනය කළේ වීණාවක් නෙවෙයි පියානෝවක්. ඒ පියානෝව අපේ නීරෝ වාදනය කෙරුවෙ රෝමයට හරියන ඇඳුමක් ඇඳගෙන නෙවෙයි. පොලිස් නිල ඇඳුමක් ඇඳගෙනයි.

තවත් සරලව කියනවා නම් අරගලයේ පිරිසව මෙල්ල කරන්න කියලා බැටෑලියන් එකත් එක්ක ඉහළ අණකට ආව ශ්‍රී ලංකා පොලිසියේ කොස්තාපල් කෙනෙක් රයිෆල් එක පැත්තකින් තියලා පියානෝවක් වාදනය කළාලු. පියානෝව තිබුණාය කියන්නෙ ජනාධිපති මන්දිරේ උඩ තට්ටුවේ. අරගලය සමග ජනාධිපති මැඳුරේ පඩිපෙළ නැගගෙන ජය ඝෝෂා නගමින් පැමිණි දහසකුත් එකක් මිනිසුන්ගේ ඒ ජයග්‍රාහී නාදයට මේ කියන පොලිස් කොස්තාපල් පියානෝ වාදනය හරහා පසුබිම් සංගීතය සැපයුවා කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. ඔහුගේ නම කොස්තාපල් ආර්.එම්.ඩී, දයාරත්නය.

එහෙම පියානෝවක් ගහපු පොලිස් කොස්තාපල් කෙනෙක් ගැන නිවුස් එක හිටි අඩියෙම පත්තු වුණේ කොහොමද?

හිටි අඩියෙ එහෙම ආරංචියක් මාධ්‍ය පුරා සංසරණය වුණේ පසුගිය දවසක ඔය කියන සංගදිය නිසා කොස්තාපල් දයාරත්නගේ වැඩ තහනම් කරපු බව ශ්‍රී ලංකා පොලිසිය විසින් ප්‍රකාශයට පත්කරපු නිසයි.

දෙදහස් විසිදෙකේ ජූලි මාසේ වෙච්ච සංගදියට විරුද්ධව වැඩ තහනම් වුණේ දෙදහස් විසිතුනේ සැප්තැම්බරයේද?

එහෙම තමයි තොරතුරු අනාවරණ වෙලා තියෙන්නේ.

ගෝඨාභය ජනාධිපතිගේ පරාජයට පක්ෂව තේමා ගී වාදනයක් සැපයූ කාරණයට ඒ කොස්තාපල්වරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න මාස දාහතරකට ආසන්න කාලයක විරාමයක් ගත්ත හේතුව කුමක්ද?

ඒක නම් හරියටම කියන්න දන්නේ නැත. පොලිසියේ ආරංචි මාර්ග අනුව කියැවෙන්නේ කොස්තාපල් දයාරත්න පියානෝව වාදනය කළ චූන් එක ගැන විමර්ශනය කරන්නට බොහෝ කාලයක් ගතවූ බවය.

ඇත්තටම පොලිසියේ කොස්තාපල්වරයකු පියානෝවක් වාදනය කළ සිදුවීමක් ගැන එදා කියැවුණාද?

බොහෝ දෙනෙකුගේ විචිකිච්චාවද ඒකය. ඒත් පොලිස් නිලධාරියෙක් නගරය මැදදී නිල ඇඳුම ගලවා දමා අරගලයට එකතු වූ සිදුවීම නම් හොඳට මතකය.

තවත් පොලිස් නිලධාරීන් දෙතුන් දෙනකු ගෝඨාභයගේ උඩුවියන් දමා අලංකාර කළ නිදන ඇඳ මතට වී සෙල්ෆි ගැහුව එකද මතකය. ඒත් අරගලයේ ජයග්‍රාහී උණුසුමෙහි ගිනිදැල් බුර බුරා නැගෙන කල පියානෝ ගැසූ රෝමයේ විසූ නීරෝ වැනි කෙනකු ගැන නම් එදා කියැවුණු බවක් මතකයේ නැත.

අරගලය වෙනුවෙන් රටේ දසතින් පැමිණි ඇතැම් මිනිස් කණ්ඩායම් එදා ජනාධිපති මැඳුර ක්‍රමයෙන් ආක්‍රමණය කරන විට පියගැටපෙළ නැග ජාතිකාභිමාන ගීත ගයමින් එනකොට ඉහළ මහලට වී කොස්තාපල් දයාරත්න ඒ ජයග්‍රාහී ගීතවලට පසුබිම් සංගීතය පියානෝ වාදනය ඔස්සේ ඉතා විනෝදාත්මක ආශ්වාදයකින් සැපයූ බවට ඉහළ පොලිස් නිලධාරියකු සාක්ෂි දරා ඇති බව පොලිසියේ ඉහළ බලධාරීන් විමර්ශනයේදී පවසා ඇත.

තම වෘත්තීය සහචරයාගේ රැකියා අහිමි කරවමින් මෙම සාක්ෂිය දුන් පොලිස් නිලධාරියා කවුද?
සුවිශේෂ කොන්දේසියක් මත එම පොලිස් සගයාගේ නම ප්‍රසිද්ධ කිරීම රහසක් කොට ඇති බව කියැවේ.

එතරම් පැහැදිලිව ඇසින් දුටු සාක්ෂියක් එදා එතැන තිබුණා නම් විනය විරෝධී බව මුල්කොට පැනවුණු වැඩ තහනම සඳහා මෙතරම් කල් ගැනීම සමහරවිට පුදුමයට කාරණයකි. කොහොම වුවද දයාරත්න එම පියානෝ වාදනයේ සිදුවීමෙන් පසුව පොලිස් නීරෝ යන නාමයෙන් ප්‍රසිද්ධව ඇති බවද ආරංචිය. අරගලය නැවත අපි හැමෝටම මතක් කර දුන් පොලිස් නීරෝ හෙවත් ආර්.එම්.ඩී. දයාරත්නගේ සිදුවීම ගෙන බලන විට නොයෙකුත් කරුණු කාරණා ඔළුව කොලොප්පන් කරන වගක් දැනෙන්නට ගනියි.

රාජකාරිය කරන වෙලාවේ රයිෆලය පසෙක තබා පියානෝව වාදනය කළා කියා දයාරත්න කොස්තාපල් වැඩතහනමට ලක්විය. නැවත රැකියාව නොලදහොත් ඔහුට පෙන්ෂන් එකත් නැත. දයාරත්න විනය විරෝධීව හැසිරුණාමය කියමු. ඒත් ඉතින් වැඩ තහනමට ලක්විය යුතු ‘ගෝ හෝම්’ කියා ගෙදර යැවිය යුතු කීයක් නම් ප්‍රභූ මිනිසුන් රාජ්‍ය සේවයෙහි සිටිනවාද? දේශපාලනයෙහි සිටිනවාද? සොච්චම් වැටුපක් ගන්නා දයාරත්න කොස්තාපල් අරගලය වෙලාවේ ජනාධිපති මැඳුරට වී පියානෝ ගහපු එකට ඔහුගේ වැඩ තහනම් කිරීමෙන් නීතිය අකුරට ඉටුවුණාය කියන කාරණය ලොවට හඬගා කියන්න පුළුවනිද?

එලෙස නීතිය අකුරට ක්‍රියාත්මක නොකළ තැන් ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ කොතෙක් නම් තියෙනවාද? එහෙම බැලුවොත් ඉතින් බාල ඖෂධ මාෆියාව මුලින්ම ගෙදර යැවිය යුතුය. හැබැයි උන් හැමෝම තවමත් ඉහළ පුටුවලය. කොස්තාපල් දයාරත්න ගෙදරය. ඒ ඉතින් ලෝක දහමේ හැටිය. මිටි තැනින් වතුර ටික බස්සන කලාවේ අරුමය එහෙමය.

ඉතින් අපි මේවට මොනවා කියලා කියන්නද? සරල බසින් කියන්නට ඇත්තේ එකකි. ඒ, ‘අනේ මෙහෙම ලංකාවක්’ කියලාය.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ලංකාවට ආපු පිටසක්වළයෝ ගැන රණදේවායන් කියන කතාව I Sri Lanka Latest News

Next Post

නිර්වින්දනය අහිමි රටක මරණයේ වින්දනය සහ දේශපාලන ස්වයං වින්දනය I Sri Lanka Latest News

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.